(හේමලතා ඩී හේවගේ)
නීතියෙන් වෙන් සිටින යුවළක් අතර කාලයක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම කාන්තාවට ඇයගේ සැමියා විසින් අද (12) පන්නල කැකිල්ලපිටිය මන්සන්ධියට ආසන්නයේදී උල් පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පන්නල පොලීසිය කියයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තලම්මැහැර විරිදියාවත්ත ජනපදයේ පදිංචි ගම්මන ආරච්චිලාගේ අනෝමා කුමාරි ජයතිලක නැමති 39 හැවිරිදි දෙදරු මවක් වන අතර පන්නල මහජන බැංකුවේ පිරිසිදු කරන්නියක ලෙස කටයුතු කරන ඇය තවත් කාන්තාවක් සමග රැකියාවට යාම සඳහා ප්‍රධාන මාර්ගයට යන අතරතුරදී මෙම අනතුරට මුහුණදී ඇති බවත් පොලීසිය පවසයි.
කාලයක සිට පවුලේ පැවති අඩ දබර හේතුවෙන් අධිකරණය හමුවේ නඩුවක් පවරා නීතියෙන් වෙන්ව සිටි මෙම කාන්තාව දරුවන් දෙදනා සමග වාසය කර ඇති අතර එහෙත් සැකකාර සැමියා ඇයට නිතර නිතර හිරිහැර කරන බව පවසමින් මෙම කාන්තාව පන්නල පොලිස්ථානයට පැමිණිලි කර ඇත.
මේවනවිටත් ඔහුට විරුද්ධව කුලියාපිටිය අධිකරණය හමුවේ ණඩුවක් පවතින බවද විමර්ශනවලදී අනාවරනය වී ඇත.
මිය ගිය කාන්තාවගේ එක් දරුවකු ඊයේ (11) පැවති 5 වසර ශිෂ්වත්ව විභාගයට පෙනීසිට ඇති අතර සැකකරු එම දරුවන්ට නඩත්තු ගෙවමින් සිට ඇති බවත් පොලීසිය කියයි.
මෙම ඝාතනය සිදුකරල බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර කුලීවැඩ රැකියාව වශයෙන් කරන මොහු නිරනතරයෙන් බීමත්ව සිටින අයෙකු බවද සඳහන්වේ. කුලියාපිටිය කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිළධාරීහූ සිද්ධියවූ ස්ථානය පරීක්ෂා කරනු ලැබිය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතියෙන් වෙන්ව සිටි බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කරයි
Kamal Koyrala Monday, 12 October 2020 09:03 AM
පුවත අනුව මිනීමැරුමට වගකිව යුත්තේ පොලිසියයි.. හේතුව ඇගේ පැමිණිලි ගැන කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම..
nirodayana Monday, 12 October 2020 10:55 AM
පවුලේ උදවිය ඔක්කොම නිරෝධායනය වෙලා පින්තූරයට පෙනීසිටින්න ඇවිල්ලා තියෙන්නේ.
විජේ Monday, 12 October 2020 11:59 AM
හරක් රංචුවක් වගේ ඉන්නේ මුලු ගමම එක පොදියට.... අනේ මෙහෙමත් මිනිස්සු, කොරෝනා නෙවේ මොන මංගල්ලේ ආවත් හැදෙන්නේ නං නෑ...
Ruwan Monday, 12 October 2020 12:02 PM
මාස්ක් දාගෙන කට්ටිය පෝලිමේ... මරු ඔහොම යං. අනේ අම්මපා මේ මිනිස්සු නම්...
theshan Tuesday, 13 October 2020 03:56 AM
ලංකාවේ ඉන්නේ හරක් කියලා.. ඔය බලන්න ආපු එවුන්ගෙන් තේරෙනවා. මාස්ක් දාලත් නැහැ සමහර අය.. පරතරේ නැහැ. මේ අයට කොරෝනා නොවේ වෙන මොකක් හැදුණත් ඔච්චරම තමයි.
ඒන් .ඒ්. ඩි. ටි. බණ්ඩාර Tuesday, 13 October 2020 04:35 AM
එකට පවුල් කන්න බැරි නම් වෙන් වෙන්න... මිනිස්සු මරන්නේ නැතිව.. දැන් අහිංසක දරුවො දෙන්නාට අම්මත් නෑ. තාත්තත් නෑ. පවුල් ප්‍රශ්න නිසා අසරණ වෙන්නේ අහිංසක දරුවො...