(යොහාන් භාසුර)
ගබඩාවල සහ මෝල්වල සහල් බවට පරිවර්ථනය කිරීමෙන් තොරව නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබෙන වී තොග වටලා බාරයට ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියක් ‘ලංකාදීප’යට පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරිය බාරයට ගන්නා වී තොග සහතික මිලට වී අළෙවි මණ්ඩලය ලබාගෙන සහල් බවට පත්කර වෙළෙඳපොලට සපයන බවත් උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මේ වන විටත් වැටලීම් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීය.
ගොවීන් විසින් නිවාසවල ගබඩා කර තිබෙන වී තොග බාරයට නොගන්නා ලෙස එම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව කී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැටලීම් කරන ලෙස වැඩි දුරටත් උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 544763, සජිත් ප්‍රේමදාස 368290, රනිල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතිවිරෝධී වී ගබඩා වැටලීම් දිගටම
Lalith M Wednesday, 22 September 2021 04:26 PM
ඔක්කොම වී එකසැරේ හාල් කරලා දෙයියන්ට හාල් කවන්නද?. වෙළඳපලට අවශ්‍ය ප්‍රමාණයට වඩා හාල් කරපුවාම කල්තබා ගැනීම ප්‍රශ්නයක් වෙනවනේ. මේ බලධාරීන්ට මොලේ අවුල්...