IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නතාෂා - බෘෘනෝ නිදහස්

(විමුක්ති එස් රුද්‍රිගු)

බුද්ධාගමට අපහාසාත්මක වන අයුරින් අන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම සහ එම ප්‍රකාශ විකාශය කිරීමට අදාළව ගොනුකර තිබූ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ 'එස්.එල් ව්ලොග්' යූ ටියුබ් චැනලයේ හිමිකරු බෘෘනෝ දිවාකර නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (19) නියෝග කළේය.

නඩුකාරය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා ලිඛිතව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙන බවත් ඒ හේතුවෙන් නීතිපති උපදෙස්මත විත්තිකරුවන් දෙදෙනාව අදාළ නඩුකරයෙන් නිදහස් කරන බවත් නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ තීරණය පිළිබඳ නැවත සළකා බලන ලෙස පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ නඩුව පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා පැහැදිලිව උපදෙස් ලබා දී තිබෙන බවත් නීතිපති උපදෙස් සළකා බැලීමක් සිදුකළ නොහැකි බවත්ය. එසේම උපදෙස් සම්බන්ධයෙන් අධිකරණය ගන්නා ක්‍රියාමාර්ගය දින 14 ක් ඇතුළත ලිඛිතව නීතිපතිවරයා වෙත දන්වන ලෙසද ලිපියේ සඳහන් වන බව කොටුව මහේස්ත්‍රාත්වරයා පැවැසුවේය.

කොළඹ ප්‍රසිද්ධ පාසලක පැවැති 'මෝඩාභිමානය' නම් ප්‍රහසන වැඩසටහනකදී බුදුදහමට, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නැමැත්තියට චෝදනා එල්ල වූවාය. එසේම 'එස්.එල්. ව්ලොග්' නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ එම වීඩියෝව   ප්‍රචාරය කරමින් ප්‍රචාරයට අනුබලදීම සම්බන්ධයෙන් , එහි හිමිකරු වන බෲනෝ දිවාකර නැමැත්තාට චෝදනා එල්ල විය.

නතාශා එදිරිසූරිය රටින් පිටවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පසුගිය වසරේ මැයි 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට පත්වුණු අතර බෘෘනෝ දිවාකරව පැය 8 ක් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ මැයි 31 වැනිදා අත් අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව පසුගිය වසරේ ජූනි 21 වැනිදා බෘෘනෝ දිවාකර ඇප මත නිදහස් වූ අතර නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ ජූලි 05 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූවේය.

විත්තිකරුවන් දෙදෙනාම අද (19) අධිකරණයේ පෙනී සිටියේය.



අදහස් (28)

නතාෂා - බෘෘනෝ නිදහස්

Priyantha Wednesday, 19 June 2024 05:14 PM

සුබ පැතුම්...!

:       146       36

sumane Wednesday, 19 June 2024 05:31 PM

නිර්මල බුදු දහම කියන්නේ දර්ශනයක්. එය ඕනෑම ආගමක් අදහන අයෙකුට අනුගමනය කළහැකි දර්ශනයක්... නමුත් අපේ රටේ ඉන්න සිංහල බෞද්ධ යයි කියාගන්නා සමහරක් හිතන්නේ ඩෑෂ් බෝඩ් එකේ බුදු පිළිමයක් සවිකර ගැනීම... කහ සිවුරක් දුටු තැන වැඳ වැටීම, පලතුරු ලොරි ගණන් ගෙනැවිත් සිමෙන්ති කුටිවලට පිදීම වගේ ගොන් ආතල් ගැනීම තමයි බුදුදහම පිළිපැදීම යනුවෙන් අදහස් කරන්නේ කියලා. මේ වගේ මෝඩයෝ බොරු රඟපෑම් කළාට ඔවුන්ගේ ඇතුලේ ඉන්නේ දේවදත්තලා... මේ මිනිස්සු දෙන්නාව හිරේ දැමීමට මුල්වූ අයත් මේ මෝඩ ගනයේ අය තමයි. ගරු අධිකරණය ගැන නොවෙයි මා මෙහිදී කතා කළේ ඉන් පිටත ඉන්න මෝඩයින් ගැනයි...

:       137       61

අමිතThursday, 20 June 2024 07:15 AM

බෞද්ධ දර්ශනය යනු අනිවාර්යයෙන්ම විවේචනයට විවෘත වූවක් බව අඹ මල් රේනුවක අවබෝධයක් නැති මෝඩයන් විසින්ම එම දර්ශනය මෙරටින් අතුගා දමන දිනය වැඩි ඈතක නොවේ.ලෝකයේ මෙයට වඩා විශාල බෞද්ධ ජනතාවක් වෙසෙන තායිලන්තය මියන්මාරය වැනි රටවල බෞද්ධ

:       3       3

kumaraThursday, 20 June 2024 08:01 AM

මිනිස්සුන්ට තියෙන්නෙත් ඔයාට තියෙන වගේම මොළයක් තමයි. ඒ මොළයෙන් කල්පනා කරලා කරන දේවල් ඔය මොළයෙන් විවේචනය කරන්නේ අධික මාන්නාධික මානසිකත්වය හෝ ඔබට මානසික රෝගයක් නිසා වෙන්නත් පුළුවන් නේද?

:       0       3

Jak Wednesday, 19 June 2024 05:34 PM

එතකොට අපේ හාමුදුරුවෝ...!

:       7       95

Lalla Thursday, 20 June 2024 09:29 AM

කලාතුරකින් ස්වාමීන් වහන්සේලා ඉන්නව. අති බහුතරය භික්ෂූ ලේබලය ගහගත්ත චීවරධාරීන් පමණයි.

:       1       5

සත්‍යපාල Wednesday, 19 June 2024 05:42 PM

නතාෂා සහ බෘෘනෝ ලද ජයකට වඩා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ ප්‍රධාන බොදු විරෝධී කල්ලිවල ජයග්‍රහණයකි.

:       68       123

kaoila Wednesday, 19 June 2024 06:09 PM

මින් ඉදිරියටවත් තමන්ගේ වාචාලකම නවත්වා ගන්න...

:       24       101

Lalla Wednesday, 19 June 2024 07:02 PM

එහෙම නොවේ. බොරු බෝඩ්ලෑලි බෞද්ධ ලේබලය ගලවන්න. ආගම පමණක්ම නොව ජාතියේ පිරිහීමටද හේතුව වෙනස්වීමට විවේචනයට ඇති අකැමැත්ත. චීවරය ලෝගුව දෙකටම පොදුයි. ආගමික උන්මාදය නවත්තන්න...

:       60       32

Bamunuarachchi Thursday, 20 June 2024 08:11 AM

මේ හාදයා නමින් මුස්ලිම් කාරයෙක් වගේ පෙනෙන්නේ. මුස්ලිම් ආගමට කෙලින්ම බැන්නානම් උඹලා ක්‍රීයා කරන්නේ කොහොමද?

:       3       4

පිනා Wednesday, 19 June 2024 06:17 PM

මුල ඉඳලාම මෙතැන නඩුවක් දාන්න තරම් දෙයක් තිබ්බේ නැහැ. රනිල් පොහොට්ටු ආණ්ඩුව කරේ නිකන් බයියෝ ටිකක් ටික කාලෙකට චූන් කරන එක විතරයි.

:       82       37

සෙනෙවිරත්න Wednesday, 19 June 2024 07:00 PM

සුමනේ කියන එක තමයි ඇත්ත. ඩෑෂ්බෝඩ් ආගම්කා⁣රයෝ ඒකට අන්ලයික් දාලා, නිර්මල බුදදහමට කාටවත් අපහාස කරන්න බැරි බව මේ උන්නැහැලාට නොතේරීමයි ප්‍රශ්නය. ආගම රකින්න රජය මැදිහත් වෙන්නේ ආගම කියන්නේ භෞතික දෙයක් කියලා හිතලාද?

:       63       30

සෙනෙවිරත්න Wednesday, 19 June 2024 07:02 PM

සත්‍යපාල ජවිපෙට බය තරම කියතොත් රටේ හැම සාධාරණ කාරනයකදීම ජවිපෙ පේනවා, රටේ විනිසුරු තුමන්ලාත් ජවිපෙ වෙලා වගේ ඔබ කියන විදියට...!

:       60       23

sanath Wednesday, 19 June 2024 07:04 PM

ප්‍රමාණවත් සාක්ෂි නෑලු. අර වීඩියෝ වල තිබ්බේ මොනවද දන්නේ නෑ. කමක් නෑ... ගොන්කම්වලට පාඩමක් ඉගෙන ගත්තු නිසා... ගොන් ශෝ දාන එක නවත්තපල්ලා.

:       22       143

මොට්ටපාල Thursday, 20 June 2024 06:20 AM

විජේදාස ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වෙ ඕවා ගැන තමයි. ඊට කලකට පෙර රංජන් මැතිතුමා කිව්වෙත් ඕකම කියලා හිතන්නේ නැද්ද .විජේදාස කියපු ප්‍රකාශය නිසා රංජන් හරිනේ. එහෙම නම් ඔහුගේ දේශපාලන අයිතිවාසිකම් දෙනවා නම් හොදයි

:       0       1

රංබොඩ Wednesday, 19 June 2024 07:21 PM

බුදු රජුන් දෙසූ බණ පද තාම නොසැලී තියෙනවා ඒ මග යන උවැසි උවැසියන් සංසාරේ ජය ගන්නවා නතාෂා සහ බෲනෝ හිනැහි හිනැහී ඉන්නවා එන්.ජී. ඕ .කාසි මලු ඔවුන් වෙනුවෙන් හැළෙනවා

:       3       2

Shashika519 Wednesday, 19 June 2024 07:30 PM

මෙයාලා නිකන් හිරේ තියාගත්තට මොකද කරන්නෙ?

:       0       4

Muthu Wednesday, 19 June 2024 07:35 PM

ලංකාවේ මිනිස්සුන්ට වැටෙන නඩු වල හැටි.....හිනාත් යනවා....

:       0       3

NAMAL Wednesday, 19 June 2024 07:58 PM

නතාෂාට සෞදි විදියට දඬුවම් ලබා දෙන්න ඕනෑ. නීතිපති දෙපාර්තමේන්තුව මුලික කරගනිමින්.

:       2       0

ජගත් ලියනගේ Wednesday, 19 June 2024 08:11 PM

කතා කරන්න එක කටත් විතරක් දීලා තියෙන්නේ ඇයි කියල, කවුරු කවුරුත් හිතා ගත්තා නං හොඳයි.

:       0       1

Ruwan De Silva Wednesday, 19 June 2024 08:50 PM

ඒ දවස්වල රාජපක්ෂ- රනිල්ව පතුරු ගැහුව්ව චැනල් එකක් නේ එකට පලිය ගන්න තමයි ඕක කරේ. පව් අන්තිමට නඩුවත් පරාදයි. මම නම් ඔය වොග් එක බලනවා. හරි නම් ලංකාවේ ඕන කෙනෙක්ට ඕනැම ආගමක් විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ මොකද මේක සවුදි අරාබිය නෙමෙයි නේ. අපිට රටේ නායකයා වුණත් විවේචනය කරන්න අයිතියක් තියෙනවා.

:       0       4

චන්දිම Wednesday, 19 June 2024 11:37 PM

ඔය විදියටම තමයි මල්වානේ නඩුව ඇතුළු නඩු කීපයක් අහක ගියේ. හරි පුදුමයි. නඩු දාන්නෙත් නීතිපති විශාල මුදලක් වියදම් වුනාට පස්සේ තමයි කියන්නේ අනේ ප්‍රමාණවත් සාක්ෂි නැහැයි කියලා. මේක දැන් ඒක රටාවක් වෙලා.

:       1       4

Bamunuarachchi Thursday, 20 June 2024 08:17 AM

මුන් NGO කාරයෝ මුන්ට වියදම් කරන්නේ NGO වලින්. මුන් දෙදෙනා නිදහස් උනේ ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා මිස වැරද්දක් නොකළ නිසා නොවෙයි. මුන් මුස්ලිම් ආගමට විරුද්දව ප්‍රකාශ කලා නම් මුන් සවර්ගස්ථ කරලා බොහොම කල්.

:       2       6

Jayasekara Thursday, 20 June 2024 09:12 AM

වාචාල කමයි ,ගොන් පාට් දාන එකයි මීට පස්සේ නතර කරන්න.ප්‍රසිද්ධ වෙන්න කියලා ආගමික න්‍යායන් ..ඉගැන්වීම් ..ඒවට බෙදුණු ඉතිහාස කතා අරගෙන නිකන් ගොන් ආතල් දෙන්න එපා.ඒවාට වෙන මාතෘකා අල්ලගන්න .මුන්ගේ ගොන් පාට් අපි දැක්කා යූ ටියුබ් චැනල් එකේ.කාලකන්නි

:       1       4

Lakmal Thursday, 20 June 2024 09:31 AM

විමසිල්ලෙන් ඉවසීමෙන් බලා ඉන්න මෙවුන්ට වෙන දේ. වල්වැදුන නීතියට වඩා සොබාදහමේ නීතිය බලවත්.

:       1       5

Lakmal Thursday, 20 June 2024 09:34 AM

සුමනේ, තමුන් ආගම සහ සංස්කෘතිය පටල ගත්ත මෝඩයෙක්. අන් සංස්කෘතීන්ට අපහාස කරන එක අසිකකිතකමක්.

:       2       3

සමන් විමල් Thursday, 20 June 2024 10:29 AM

චී. අයි ඩි යට ජයවේවා ! හාමුදුරුවෝ හිරේ ගියා .ගෑනි ගෙදර ගියා . සාක්කි නැතිව . දෙයියෝ සාක්කි .

:       0       8

Asanga samantha Thursday, 20 June 2024 10:40 AM

සුමෙනෙයි, පිනා ලංකාවේද ඉන්නේ? මේ වගේ ගොන් කමෙන්ට් දාන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 113 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 141 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 236 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 833 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 557 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 374 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site