IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


නිදහස් උළෙලේ තේමාව එළි දකී

(අංජුල මහික වීරරත්න)

"ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන මෙවර ජාතික නිදහස් සැමරුම නව යුගයක සමාරම්භය සනිටුහන් කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික නිදහස් උළෙල පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

නිදහස ලබා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දහස් සංඛ්‍යාත ලාංකිකයන් සිහිපත් කරමින් මෙවර නිදහස් උළෙල පැවැත්වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අදහස් දක්වමින් පැවසූයේ ජාතික සංහිඳියාව පිළිබිඹු වන පරිදි සියලු ජන කොටස් වල සහභාගීත්වයෙන් ජාතික නිදහස් උළෙල පැවැත්වෙන බවයි.

මෙම අවස්ථාවට  ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික), යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ , ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (3)

නිදහස් උළෙලේ තේමාව එළි දකී

රම්බොඩ Thursday, 30 January 2025 04:53 PM

අවුරුදු 76 ක්ම ඔය ලස්සන තේමාවන් ඇහුණා. මේ 77 වතාව...

:       4       34

Perera Friday, 31 January 2025 04:57 AM

තවම කොයි හැටි වෙතත් දැන්නම් පාරේ බැහැලා යන්නවත් නිදහස තියෙනවා. ප්‍රභූ කියා ගත්තු එවුන්ගේ රථ පෙලපාලි කරදර නැතුව.

:       5       0

Asanga Sunday, 02 February 2025 10:30 AM

පෙරේරා, ඕක නිසා නෙමෙයි වුනේ... මහින්ද රට බේරලා දුන්නු නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලංකාව ක්ලීන් කරන්න ජපානෙන් ලොකු තෑග්ගක්
2025 පෙබරවාරි මස 03 827 0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්


පුනරුද යුගයේ සාමූහික ඇරැඹුමට එක්වන්න
2025 පෙබරවාරි මස 03 317 0

පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනාධිපත


පරාටේ සැර බාල කරන්න කමිටුවක්
2025 පෙබරවාරි මස 03 287 0

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක්


ආහාර ද්‍රව්‍ය ටොන් 1,623ක් ගබඩාවල නරක් වෙලා
2025 පෙබරවාරි මස 03 330 0

ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ


බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට නිදහස්
2025 පෙබරවාරි මස 03 178 0

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285 ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවි


බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි
2025 පෙබරවාරි මස 03 1765 0

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 78 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 739 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 730 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site