(ලලිත් නවරත්න)
පල්ලම පොලිස් බල ප්‍රදේශයේ මදවක්කුලම වෙන්දකඩුව මොහොමඩ් වත්ත කැළයේ ගල්තලාවක් සහිත හුදකලා ප්‍රදේශයක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත් අඩංගුවට ගත්බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
කැනීම් සඳහා උපයෝගී කරගත් භාණ්ඩ තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවටපත්ව ඇත්තේ දෙහිවල, මදවක්කුලම, දූනගහ, මිනුවන්ගොඩ යන විවිධ වලාත්වල පදිංචි වයස අවුරුදු 67, 22, 26 සහ 37 වයස්වල පසුවන පුද්ලයින් සිව්දෙනෙකි.
මෙහි 67 වයසේ පසුවන්නේ ප්‍රධාන සැකකරුබවත් ඔහු කට්ටන්ඩියා වශයෙන් කටයුතු කර ඇතිබවත් දැනට කළ විමර්ෂණ වලදී තහවුරුවී ඇතැයි පොලීසිය කියයි.
පුත්ලම කොට්ඨාස අපරාධ අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීමසිදුකර ඇති අතර වැටලීම් සිදුකරන අවස්ථාවේදීත් කැණීම් සිදුකරමින් සිටි බව පොලිස් විමර්ෂණ කණ්ඩායම පවසයි.
සැකකරුවන් කැණීම් කරන ලදවල මතුපිටින් විෂ්කම්බය අඩිදෙකක පමණ වූ අතර අභ්‍යන්තරයට යනවිට එඑය අඩි 12ක ප්‍රමාණයට වැඩිකර ඇත.
කැනීම්කළ ස්ථානයේ ඇතුලතට බැසීමට වැල්පටවලින් සහ ලී වලින් සාදාගත් ඉනිමගක්ද ඇතුලත පස් සහ ගල්කැබලි ඉවතට ගැනීමට යොදාගත් බොලොක්කයක්ද විමර්ෂණ කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුන් නඩු භාණ්ඩත් සමග පල්ලම පොලිස්ථානයට භාරදී ඇති අතර ඔවුන් අද (19 )අධිකරණයට ඉදිරිපත් කරන බව පල්ලම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන මහතා පවසයි.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ උපදෙස්මත පුත්තලම කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහ සහකාර පොලිස් අධිකාරී එච්. එම්. සී. හේරත් යන පොලිස් නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක සරත්,උපපොලිස් පරීක්ෂක පද්මසිරි, පොලිස් සැරයන් අමරසිරි 41305, ආනන්ද 382, හේරත් 43383 යන පොලිස් නිළධාරීන් මෙම වැටලීම සිදුකර පරීක්ෂණ සිදුකරනු ලබයි.
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.
පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නිධන් ගන්න ගිය 4ක් අත්අඩංගුවට