(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුද පූජා පවත්වමින් කුඩා උඩුව හික්ගහ කන්ද ප්‍රදේශයේ ගල් තලාවක් පුපුරුවා හැර නිධන් සෙවූ කණ්ඩායමේ සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
එම සැකකරුවන් පිරිස අතර සුදුවතින් සැරසී ස්ත්‍රෝත්‍ර ගායනා කළ කපුවා ද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් සමග ගල්තලාව පිරවීමට යොදාගත් සේවා නූල් ,යාතිකා කිරීමට යොදාගත් මල් පහන් පැල , සුවඳ කුඩු ,යකඩ ඉනි සවල් උදලු මෙන්ම මන්තර පොතක් ද පොලිස් බාරයට ගෙන ඇත.
එම ගල්තලාව අභ්‍යන්තරයෙහි වසර 300 කට පෙර නිධන් කරන ලද රන් සෙම්බුවක් ඇති බවට ඉඩමේ හිමිකරුට හීනෙන් පැවසීමේ කතාවක් මුල්කරගෙන පිරිස ගල පුපුරවා හැර එම රන් සෙම්බුව ගැනීමට උත්සාහ දරා තිබු බව පොලිසිය කියයි.
දීර්ඝ කාලයක සිට විශාල ගල් තලාව දිවා රාත්‍රී කාලයේ දී පුපුරුවා හැර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ සහ කොළඹ ප්‍රදේශය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිධන් සෙවූ 5ක් පොලිස් දැලේ