(ටෝනි කරුණානායක)
නිරෝධායන ඇදිරි නීතිය කඩකරමින් වැලිවේරිය ,නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස නිධන් හාරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඇතුළු සිව්දෙනකු අද(15) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය පවසයි .
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් හිමිකරු වෙකු ,නැදුන්ගමුවේ පදිංචි නිවෙස් හිමිකරු සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරුවන් විසින් නිවස පිටුපස විවිධ හැඩතලයෙන් අඩි 34 ක් යටට කපා ඉන්අනතුරුව දෝනාවක් කැපිම ආරම්භ කර තිබූ බවත් සැකකරුවන් ඒ සදහා උපයෝගී කර ගත් උදලු 02 ක් , අලවංගුවක් , ලණුවක් ඇතුළු බිමකැපිම සදහා යොදා ගෙන තිබූ තවත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරුවන් සිවුදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ගම්පහ කොට්ටාශ බාර ජේ පො අ .තුසිත කුමාර මහතා ගේ උපදෙස් මත වැලිවේරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි .
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය.
කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටු
සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තම
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිධන් හාරන්න ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට