(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එම තීන්දුව ලබා දුන්නේය.
මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව පාදුක්කේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල නැමැත්ති අය ගොනු කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දෙන ලදී.
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට නන්දා මාලනිය විසින් 2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී ගායනා කරන ලද "යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්" යන ගීත සහ මහගම සේකරයන් විසින් රචිත "ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ" යන ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට පාදුක්ක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එම චෝදනාවට පෙත්සම්කාර අභියාචකට වරදකරු කළ මාළිගාකන්ද මහේසත්‍රාත් අධිකරණය ඔහුට එරෙහිව අත්හිටවූ සිරදඩුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කෙරිණි. එම දඩුවමට එරෙහිව පෙත්සම්කාර අභියාචක මෙම අභියාචන පෙත්සම ගොනු කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නන්දාගේ ගීත හොරෙන් විකුණු අයට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි
Pkmd Tuesday, 29 June 2021 01:42 PM
ඒ මිනිස්සු තමන්ගේ හැකියාවන් පෙන්නද්දී අහක ඉඳලා හොරකම් කරලා හම්බ කරගන්න හදන්නේ. දඩේ මදි...
සෙනෙවිරත්න Tuesday, 29 June 2021 02:17 PM
ඔබතුමියගේ ගීත ගැහැණු හඬින් කියන පිරිමි කීප දෙනෙක් සමාජයේ ඉන්නවා. ඔවුන් දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වල සාමාජිකයන්, ඔබතුමියගේ පමණක් නොවෙයි අප ඉතා ආදරය කළ හැත්තෑව දශකයේ ගීත කෝකිලාවන්ගේ ගීත පවා ගැහැනු හඬින් මෙම පිරිමි ගායනා කරනවා. බස්රථවල සහ ඇතැම් නිවෙස්වල මෙම ගීත වාදනය වෙනවා. ප්‍රසිද්ධ තැන්වල දන්සැල් වගේ. මේවා ඔබ දෙපලගෙන් අවසර ඇතිවද වන්නේ? පහන්කන්ද, හේමන්තයේදී යන කැසට් පටිවල සහ තවත් ගීත මෙසේ ගායනා වෙනවා. අපිට නම් ඉතාම අප්‍රිය ජනක ගුජුප්සා ජනකයි මේ ගැහැණු හඬින් කරන පිරිමි ගායනය, අද සමාජයේ වැඩි දෙනෙකුට ගඳ සුවඳ නොදැනෙන බැවින් සමාජය නිහඬයි. කරුණාකර මේවා නතර කරන්න කටයුතු කරන්න.
ManjuTuesday, 29 June 2021 03:28 PM
සෙනෙවිරත්න, ඔබ කියපු එක සහතික ඇත්ත... සමාජය ලැජ්ජා කරනවා.. එයාලා හිතන්නේ ඒක හැකියාවක් කියලා... නමුත් මේ ගීත අහපු අයට ලැජ්ජාවක්...
ජයරත්න වික්‍රමාරච්චි Tuesday, 29 June 2021 02:30 PM
හොඳ තීන්දුවක්... අනුන්ගේ හැකියාවන් විකුණාගෙන කන හැමෝටම පාඩමක්...
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 June 2021 03:15 PM
මහේස්ත්‍රාත් අධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයටත්, එහි විනිසුරුතුමන්ලාටත් ස්තූති වේවා...!!! බුද්ධිමය දේපළ අයිතීන් සුරැකීම සඳහා... මේ නිසා බොහෝ දෙනා උසාවි වටා එක් රොක් වේවි. එය ඉතා හොඳ ප්‍රවණතාවක්. සුනිල් සර් හා නන්දා මාලනී මහත්මිය වැනි අග්‍රගණ්‍ය නිර්මාණකරුවන්ගේ නිර්මාණ මෙසේ හොරෙන් අලෙවි කොට, අයථා ලෙස මුදල් ඉපැයීම මහා අපරාධයකි. පුදුමය කියන්නේ මේ වගේ ඇතැම් නිර්මාණ හොරුන් අද කාලේ විනිශ්චය කටයුතු වලද දක්නට ලැබීමයි.
siri Tuesday, 29 June 2021 04:43 PM
පිටකොටුවේ හරි, ප්‍රධාන නගරවල හරි පදික වේදිකාවලට ගිහිල්ලා බලන්නකෝ අනුන්ගේ ගීත, සිනමා පට සහ පොත්පත් පවා හොරට නිෂ්පාදනය කර විකුණන කීදෙනෙක් ඉන්නවාද කියලා?. විවිධ ආකාරයට අන්තර්ජාලයේ මේ ගීත පළකරමින් මුදල් උපයන අය කීදෙනෙක් ඉන්නවද? මම දැක්කා අන්තර්ජාලයේ හොරෙන් පළකර ඇති අමරදේවයන් නව පරපුරේ ගායිකාවක සමඟ පටිගතකල ඉතාම ජනප්‍රියත්වයට පත්ව ඇති ගීතයක් මිලියන ගණනක් බලලා තියෙනවා. ඒමඟින් ඒවා පලකරන මිනිස්සු විශාල ප්‍රමාණයක් ඩොලර් හම්බ කරනවා. ගීතයේ අයිතිකරුවන්ට ශත 05ක් ලැබෙන්නේ නැහැ. මේ සියලුම දෙනාට මේ නීතිය ක්‍රියාත්මක කලයුතුයි.