IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නූපන් දරු තිදෙනා සමග මවක් මරුට

(ලාල් එස් කුමාර)

තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් මිය ගිය බව මවගේ ඥාතීහු පවසති.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ගෝනවල පමුණුවිල විද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයයන් ඉගැන්වූ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි ගැබිණි මවකි .

ඇය විවාහ වී දරුවන් නොමැතිව අවුරුදු අටකට පසුව ගැබිණියක් වී දරු සුරතල් බැලීමේ ආසාවෙන් සිටි බව ඇගේ සැමියා පවසයි.

මාකොළ උතුර මාකොල පදිංචි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවීර මහතා මෙසේද පැවසීය.

දරුවා පිළිසිඳ ගත් දා සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ඉකුත් 28 වැනිදා රාගම රෝහලට ඇතුළත් කළා. ඒ වනවිට කුසට සති විසි තුනක් වනවා.

29 වැනිදා රාත්‍රියේ ඇයට අමාරු වුනා.තිස් වෙනිදා උදේ දැඩි සත්කාර ඒකකයට දැම්මා . දෙවැනි දා හවස් වන විට බිරිඳත් දරු තිදෙනාත් මියගොස් බව දැනුම් දුන්නා.

රෝහලේ නොසැලකිල්ල නිසා මෙය සිදුවුණා. ඒ පිළිබඳව මම ඉදිරියේදී පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවිර මහතා චෝදනා කරයි.

මවගේ සහ දරු තිදෙනාගේ අවසන් කටයුතු අද සවස සිදු කෙරිණි.

මේ සම්බන්දයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රණවීර මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය .

නූපන් දරුවන් සහ මව මියගියේ රෝහලේ වරදින් නොවේ.

මෙම මව දරුවන් නොමැතිව වසර ගණනාවක් සිට පසුව පෞද්ගලික රෝහලකින් නල දරු උපතක් සඳහා ගර්භාෂයේ ඩිම්බ තැන්පත් කිරීමක් සිදු කර ගෙන තිබෙනවා. මේවා රජයේ රෝහල්වල සිදුකරන්නේ නැහැ.

ලක්ෂ ගණන් වියදම් කර පෞද්ගලික රෝහල්වලින් මේ දේවල් කරගන්නවා. එම වෛද්‍යවරුන් ඩිම්බ කිහිපයක් තැන්පත් කිරීම කරනවා. එසේ කරන්නේ එක ඩිම්බයක් වත් හරි යාවි යන බලාපොරොත්තුවෙන් . නමුත් මේ මවට ඩිම්බ තුනම සංසේචනය වී කළල තුනක් වැදිලා තිබෙනවා.

කෙසේ හෝ සති විස්සක් පමණ වන විට අසාධ්‍ය වී රාගම රෝහලට ඇතුල් වෙලා තියෙනවා .රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි වෙහෙසක් ගත්තා මෙම මවත් දරු දෙදෙනාත් බේරා ගන්න. 



අදහස් (8)

නූපන් දරු තිදෙනා සමග මවක් මරුට

Prabha Tuesday, 04 July 2023 11:37 PM

අමාරු වුණාම රජයේ රෝහලට තල්ලු කරලා දාන දොස්තරලාට විරුද්ධවත් පැමිණිලි කරන්න.

:       1       28

ලුම්බිණි Wednesday, 05 July 2023 04:31 AM

රෝහලේ අධ්‍යක්ෂක කියන විදියට කළල තුනක් තිබීමද මරණයට හේතුව?

:       1       22

Samitha Senaka Aluthgamage. Wednesday, 05 July 2023 08:14 AM

බොහෝ පෞද්ගලික රෝහල් වල අරමුණ මුදල් ඉපයීම බව කවුරුත් දන්නා කරුණක්.හොඳ පෞද්ගලික රෝහල් සඳහා මේ ලියන දේ අදාළ නැහැ.ඉතා ඉහළ තාක්ෂණයෙන් හෙබි පෞද්ගලික රෝහල් වල රෝගියාගේ ලෙඩේ සුවවෙන තුරුම ඔහු රඳවා ගනු ලබන වගකීම ඔවුන් දරනවා.ඒ සඳහා අති විශාල ලෙස මුදල් වැයවෙන නිසා රටේ මධ්‍යම පාන්තික ජනතාවට එම රෝහල් වලට යන්නට හැකියාවක් නැහැ.ඒ සඳහා ඇති හැකි අය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරුන් හෝ ගෙන්වා රෝගියාව සුවවෙන තුරු එම පෞද්ගලික රෝහල තුළම රඳවා ගනු ලබනවා.ඒත්,ඇතැම් පෞද්ගලික රෝහල් ලෙඩා ගැන කෙසේ වෙතත් තම බිල පමණක් ගැන සිතා හැකි තරම් කාලයක් රෝගියා රඳවාගෙන මැරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී රජයේ රෝහල් වෙත යවනවා.එවන් විට රජයේ රෝහල් වල කාර්ය මණ්ඩල වලට ප්‍රතිකාර කිරීමට කාලයක් නැහැ.මා දන්නා මාතාවක් මෙලෙස නිකරුනේ මියගියා. මේ පෞද්ගලික රෝහල් නිසි ලෙස නියාමනය කළ යුතුයි.එසේම,ඒවා සඳහා නීති රීති සකස් කළ යුතුව පවතී.

:       1       19

Chandika Pathirana Wednesday, 05 July 2023 08:21 AM

අවු 8කට පස්සේ දරු සුරතල් බලන්න හැමදාම එක වගේ ආදරේ කරන්න අවුරුදු 8ක් තිස්සේ තිබ්බ මානසික පීඩනය නැති කරගන්න තමා..දරු කලල 3ක් ගාර්භාෂයේ තැන්පත් කරන්නේ…එ හැම බලාපොත්තුවක්ම හිතන්නේ නැතුවම නැතිවෙලා යනවා…දැන් එ පිරිමියා මේ හැම දුකක්ම තනියෙන් විදින්න ඕනා..තව ප්‍රශ්නයක් තියෙනවා ඔය නල දරු කලල අලුත් එවාද පරන එවාද ? එක නිසා නල දරු උපත් 25% වගේ තමා හරියන්නේ…එ අයට තමන්ගේ ලේ වලින් දරුවො නැත්තං (කලල තියන්නේ නැතුව)දරුවෙක් හදාගන්න….(ලමා නිවාසෙකින්) දැන් හැමදේම ඉවරයි..මේ හැමදෙකම එකම නිතියයි තියෙන්නේ ස්භාවධර්මය..

:       1       6

Saman Wednesday, 05 July 2023 09:25 AM

රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න එපා... පුද්ගලික රෝහලකට යන්න.

:       20       8

මැක්ස්Wednesday, 05 July 2023 11:29 AM

සමන් වැනි මෝඩ ඔපීනියන් කරුවන් විසින් පතුරැවන බොරැ බේගල්වලට කිසිවකු හෝ අසු නොවේවා!

:       5       17

randil dunuwille Wednesday, 05 July 2023 11:28 AM

රාගම හොස්පිටල් එකේ මිනිස්සු මරනවා ඔයිට කලිනුත් රටම දැක්කා. ඒවාට නිසි පියවරක් ගන්නේ නැති නිසා වටිනා ජීවිත අකාලේ නැතිවෙනවා. ඇයි වගකිවයුත්තන් නිහඬ

:       10       18

පෙරේරා Wednesday, 05 July 2023 05:16 PM

මේ රාගම රෝහලේ අධ්‍යක්ෂක දොස්තර කියන හැටියට වැරැද්ද දරුවන් නැති නිසා කෘතිම ඩිම්බ තැන්පත් කිරීම නිසා... ඉතින් ඒක උල තුනම හරි ගිය එකද වැරැද්ද? එහෙම නම් ඒ බව පැහැදිලි කරලා දීලා ඒ අම්මාය බේරාගන්න බැරි වුනේ ඇයි කියන එකට උත්තරයක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 86 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 59 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2034 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 546 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 890 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 256 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site