IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නේපාලයට පියාසර කරන්න සිටි යානය තවමත් ගුවන්තොටේ

(ටී.කේ.ජී.කපිල)

නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටියහ.

එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජජයකොඩි මහතා ද වේ .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය අද උදෑසන 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ඒ සදහා අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් 200 කට අධික පිරිසක්  උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබේ . එහෙත් මෙම ගුවන් යානය උදෑසන 11.00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව නොගොස් තිබූ අතර , ඒ වනතෙක් එම ගුවන් මගීන් ද ගුවන් යානය තුළ රැදී සිට තිබේ .

නේපාලයේ භූ විෂමතාව අනුව කදුකර රාජ්‍යයක් වන අතර , සවස් කාළය වනවිට එහි කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රදේශය මීදුමෙන් වැසී යන බැවින් මෙම ශ්‍රී ලන්කන් යූ.එල්.- 181 දරන ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා , බොහෝ විට අතහැර දැමීමට සිදු විය හැකි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

පසුව මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී ඇති බැවින් මෙම ගුවන් ගමන සදහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , එය දහවල් වනතෙක් ඉටු වී නොමැත .

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වගකිවයුතු බවයි . මෙම ගුවන් යානය තුළ නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානා මගින් වෙනත් ගමනාන්ත වෙත යන විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සිටින බව ද හෙතෙම පැවසීය .

මේ පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් විමසූ විට මෙම සිදුවීම තාක්ෂණ නිලධාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා හට ගෙන ඇති බවත් , මෙම ගුවන් ගමන සදහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

 

 



අදහස් (3)

නේපාලයට පියාසර කරන්න සිටි යානය තවමත් ගුවන්තොටේ

Kazi Shajahan Sunday, 01 October 2023 03:31 PM

ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක කුණු කොල්ලයට විකුණන්න ප්ලෑන් කරනවා. මේ වගේ දේවල් එක දිගටම කරලා , මේක ආණ්ඩුවේ වැඩක්. අපි දන්නවනේ ඩබල් ගේම්...! 

:       2       34

Nimal Sunday, 01 October 2023 05:22 PM

රාජ්‍ය අමාත්‍ය ගිය නිසා මේක නිවුස් එකක් වුණා... නැතිනම් ඉතින්...!

:       0       17

chandima Monday, 02 October 2023 04:14 AM

ගුවන් යානයක වැසිකිළියවත් හෝදලා නැති කෙනෙක් ගුවන් යානා බාර ඇමති වුණාම ඔහොම වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1626 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 601 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 219 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 310 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 147 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 97 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39998 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1301 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site