IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ!

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු මැතිවරණ නීති පතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවැසූහ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය තම සභාවට ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා එම විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් පැවැසීය.

එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

එසේම අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.

 



අදහස් (15)

නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ!

gamunu Saturday, 02 October 2021 06:00 PM

නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කළහැකිනම් එය ඉතාම කාලෝචිත පියවරකි..

:       2       27

RaveendraSaturday, 02 October 2021 09:24 PM

වත්කම් බැරකම් ඉදිරිපත්කිරීමේ යෝජනාවට අමතරව මෙම අදහසද යෝජනා ලෙස ගෙන ඒමට හැකි නම් එය අප රටට වඩාත් හිතකරවනු නියතය. අපගේ යෝජනා නම් " කිසියම් අපේක්ෂකයකු මොනයම් හෝ වරදකට පොලිස් පොතේ නම් ලියවී ඇති නම් හෝ උසාවිය මගින් වරදකරුවෙකු ලෙස තීන්දු කර ඇති කිසිදු අයෙකුට නාමයෝජනා ලබාදීම නොකළ යුතු බවය.

:       2       14

පැරකුම්Sunday, 03 October 2021 05:33 AM

පක්ෂය මාරු නොකරන බවටත් පොරොන්දුවක් දිය යුතුය

:       1       1

kamalSunday, 03 October 2021 09:39 AM

දවල් හීන

:       0       2

C.K.Lankaputhra Saturday, 02 October 2021 06:15 PM

චන්දෙ ඉල්ලන්න රටේ පුරවැසිභාවයවත් නොසලකා හැරිය රටේ මේ මොන කතාද? අපව ගොනාට අන්දන කතා මේවා.

:       7       42

martin Saturday, 02 October 2021 07:06 PM

සියලු අපේක්ෂකයින් ව්‍යාපාර කටයුතු වලින් ඉවත් විය යුතුයි... පවුලේ ව්‍යාපාර හෝ ඥාති සම්බන්ධතා ඇති ව්‍යාපාර පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් කළයුතුයි..

:       1       26

Hafeel Saturday, 02 October 2021 07:39 PM

ඒ කියන්නේ ඇමරිකාවේ තියන වත්කම්, බැරකමුත් ඉදිරිපත් කරන්න ඕනෑද? තවද අර මන්ත්‍රීලා ටිකක් ඉන්නවනේ... ඔවුන්ගේ වැටුප ලෝන් එකට කපනවයි කියන, ඔවුන්ට මොනවද වෙන්නේ?

:       5       15

Sriland Saturday, 02 October 2021 08:22 PM

අලුත් යෝජනාවක්ද? ජයවේවා...!!!

:       2       12

kapila Saturday, 02 October 2021 09:04 PM

හැමදාම මේක කියනවා විතරයි. කොරන දවසක් නෑ. සාධාරණ ඡන්දයක් තියපු මහින්ද දේශප්‍රියටත් මේක කරන්න බැරි උනා. කවර කතාද?

:       0       13

Kumara Saturday, 02 October 2021 09:27 PM

හරියට වැඩේ කලොත් හොඳයි

:       1       5

කල්පනා Saturday, 02 October 2021 10:43 PM

වත්කම් බැරකම් ඉල්ලීම වගේම ස්වාධීන කණ්ඩායම් හා මෙතෙක් කිසිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් පත් නොවූ පක්ෂ වලටත් ඉහළ ඇප මුදලක් නියම කිරීම කල යුතුය. එසේ නොවීම මැතිවරණ වියදම් ඉතා අධික වීමටත් කාර්ය මණ්ඩල අධික වෙහෙසට පත්වීමටත් හේතුවේ.

:       2       8

RaveendraSunday, 03 October 2021 11:15 AM

ඉතාම වටිනා යෝජනාවක්...අදාළ නිලධාරීන්ගේ අවධානය යොමු වේවා.....

:       0       0

Perera Sunday, 03 October 2021 10:21 AM

මේ දේශපාලුවෝ මොන තරම් හව්හරණක් නැති අසරණ අයද කියල මිනිස්සුන්ට පැහැදිලි වෙයි නේද?

:       0       0

ටෙරන්ස් Sunday, 03 October 2021 11:24 AM

අපොයි මේක කොයිකාලේ ඉදන වෙන දෙයක්ද දැන් ඉනන කාගෙවත් නැ මගේ හිතේ ඉතින් දැන්වත් ඔය ඉනන කට්ටය පිලිගනන ඔනි දේශපාලනයට ඒනකොට වත්කමක් තිබුනේ නැ කියලා

:       0       2

swene Sunday, 03 October 2021 01:17 PM

මේක මිට ඉහතදී දිගටම කතා කළා . කිසිම මන්ත්‍රී කෙනෙකුට ප්‍රශ්නයක් වුනේ නැහැ. පුංචි හේවා මහත්මයට වත් කිරීමට හැකිවේවා. හැබැයි වත්කම් ප්‍රකාශ කලත්, පස්සේ පනතකින් කළු සල්ලි සුදු කරන්නත් පුළුවන් නේ. අත උස්සන්න ඕන තරම් ඉන්නවා

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1796 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 368 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 779 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4721 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 614 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3564 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site