IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නාමල් ජනපති කරන්න මාතලෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ)

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු  යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇත.

කෙසේ වෙතත් මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඒ මහතාගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් මහත්වරුන්ට  ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.

මෙම රැස්වීමට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ, ඉන්දික  අනුරුද්ධ , ජානක තිස්ස කුට්ටිආරච්චි රෝහණ දිසානායක යන මන්ත්‍රීවරුන්, මාතලේ  දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික   සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන්  ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන්  සියලු දෙනා එහිදී  ඒකමතිකව අනුමත කර ඇතැයිද  දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය පාවිච්චි කිරීමෙන් ඉදිරි මැතිවරණවලදී සැලකිය යුතු  ජයග්‍රහණවලට යා හැකි බව රැස්ව සිටි  බොහෝ දෙනාගේ අදහසවී ඇත.

මෙම රැස්වීම පැවැත්වුණේ මාතලේ හෝටලයකදීය.



අදහස් (15)

නාමල් ජනපති කරන්න මාතලෙන් යෝජනාවක්

Siri Monday, 26 February 2024 07:03 PM

හොඳ වෙලාවට හෝටලේක පැවැත්තුවේ. එළියේ තිබ්බා නම් නුවරදී වුණා වගේ බලාගන්න තිබ්බා එන සෙනඟ... මේ ගොල්ලෝ සේරම දැන් අවලංගු කාසි තරමට පල්ලම් බැහලයි ඉන්නේ...!

:       7       103

පිටරටවැසියා Monday, 26 February 2024 07:07 PM

]බේබි ඕවට අහුවෙන්න එපා... ඔය ඔක්කොම ඉස්සුවේ එක අතයි, මං හිටියා නම් අත් දෙකයි, කකුල් දෙකයි, සබ්බ සකලමනාවම උස්සනවා, සහතිකයි බේබි...!

:       4       79

Muthu Monday, 26 February 2024 08:12 PM

මේ හෙඩිම දැකලා ඔක්කාරෙටත් ආවා.........

:       3       58

Cham Monday, 26 February 2024 08:29 PM

දේශපාලුවන්ට කඩේ යන එක නවත්වනකම් ,මේ රට හදන්න බැහැ

:       2       52

නිහාල් Monday, 26 February 2024 08:42 PM

දාන්න කෙනෙක් නැති එකේ මේ වගේ හැලපයෙක් තමයි දාන්න වෙන්නේ.

:       3       52

Chandana Mohotty Monday, 26 February 2024 10:23 PM

ආයිත් කට්ටියට බේරේ වැවේ නායිද මංදා.

:       3       54

Lallà Tuesday, 27 February 2024 08:50 AM

මාතලේ පැත්තට වැහි නැතිව හෙන ගහන්න පටන්ගන්නවා නියතයි... පාරම්පරික වහල් මානසිකත්වය ඇති නිවටයින් ඉන්න පළාත් හඳුනා ගන්න අලුත්ම ක්‍රමය...

:       0       1

කිත්සිරි Tuesday, 27 February 2024 08:57 AM

ඒ කියන්නේ මාතලෙත් ඉන්නවද පුත්තලමේ අය...!

:       0       3

සමීර Tuesday, 27 February 2024 08:58 AM

මගේ ගම මාතලේ මේ වගේ අපතයෝ මාතලේ ඉන්නවා කියලා කියන්නත් ලැජ්ජයි රට තණකොළ කන සෙට් එකක් මාතලේ ඉන්න බව පේනවා...

:       0       3

Lakshman Tuesday, 27 February 2024 09:25 AM

ලංකාවේ තවමත් රාජාණ්ඩුවක් තියෙනවද කියලා අහන්න ඕනෑ මොකද කුණුවෙච්චි පොහොට්ටුවේ දීර්ඝ කාලයක් පළපුරුදු, උගතුන්, බුද්ධිමතුන් සිටිද්දී (මම එහෙම හිතුවාට එහෙම කවුරුවත් පොහොට්ටුවේ නැතුව ඇති) හොරෙන් විභාග පාස්වුණු කෙනෙක් ජනාධිපති කරන්න යෝජනා කළේ ඇත්තටම පක්ෂයේ දරදිය අදින එවුන්ට මොංගල්ද කියලා හිතෙනවා.

:       0       3

NAMAL Tuesday, 27 February 2024 09:26 AM

වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කල කල දේ පලපල දේ...!

:       0       2

NAMAL Tuesday, 27 February 2024 09:26 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා!

:       0       2

චාන්දනී Tuesday, 27 February 2024 10:32 AM

මහින්දගේ ප්‍රතිරූපයට අධිකරණය මගින් පහරක් වැදුණා කියලා හිතෙනවා. එහෙනම් ඔහුට සහාය දීම අධිකරණයට අපහාසයක් වෙන්න බැරිද?

:       0       2

Wijepala Tuesday, 27 February 2024 11:03 AM

පුතා යන්නේ පියාගේ අඩිපාරෙ කියලා අප්පා කියනවා. ඇත්තටම එහෙම වෙන්න ඕනෑ. නැත්නම් ඉතින් නොට්ටිගෙ පුතා වෙනවානේ. දැන් බලන්න සුනාමි ආධාර ලැබීමේ සිට ජනතා මුදල් කොපමණ ප්‍රමාණයක් අප්පා ගසාගෙන කෑවාද? අධිකරණ තීන්දුව කියන්නේ මොකක්ද? එහෙනම් මේ පුතා නොට්ටිගේ පුතෙක් නොවෙයි කියලා හිතනවා නම් ඔහුට ඡන්දය පාවිච්චි කළ යුතුද කියලා රටට ආදරයක් තියෙන නුවණැත්තෝ සිතත්වා...

:       0       3

fairoos Tuesday, 27 February 2024 11:03 AM

මාතලේ ඉන්න බයියන්ට මොලේ තියෙන්නේ පිටිපස්සේ වගේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 284 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 919 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1769 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6308 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1849 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site