IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


නාමල් නීති විභාගය ලියූ අයුරු ගැන විමර්ශන

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත්  ප්‍රසන්න ජයසූරිය)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය වූ සම්මුඛ සාකච්ඡාවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරුන් දෙදෙනකුගේ සහාය ඇතිව නීති විද්‍යාලයේ පැවති විභාගයට පෙනී සිටිමින්   නීත්‍යානුකූල නොවන ආකාරයෙන්   නීති උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමැති සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි

ඒ අනුව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.

 

 



අදහස් (10)

නාමල් නීති විභාගය ලියූ අයුරු ගැන විමර්ශන

පුරවැසියා Friday, 14 February 2025 01:15 PM

ලොකු දෙයක් දැන්වත් මතක් වුණ එක හොයන්න

:       69       31

පිටිගල මිලානෝ Friday, 14 February 2025 01:24 PM

ඉස්සෙල්ලාම මේ වැඩේට උදව් කළ දෙන්නාව හිරේට දාන්න…

:       33       25

අප්සරා Friday, 14 February 2025 01:27 PM

අප්පලා පුතාලා සනුහරේම ගෑවුන ගෑවුන තැන හොරකම වංචාව… පුදුම පවුලක්...

:       38       29

Jayasundara warawala Friday, 14 February 2025 01:29 PM

අනේ මෙතුමා කොච්චර මහන්සි වෙලා පාඩම් කරලාද මේ උපාධිය ගත්තේ? ඇයි මෙහෙම කරන්නේ... පව්නේ අසරණයා.

:       24       20

Lakmal Friday, 14 February 2025 01:55 PM

අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි... රටම කාබාසිනියා කරා මදිවට හොර නීතිඥ පට්ටමකුත් අරන්

:       30       30

යෝගා Friday, 14 February 2025 02:12 PM

නාමල් අනුරට කරලා තියෙන උදව්වල හැටියට ගහපු මඩ ටික හෝදලා දෙන්නයි යන්නේ. එල්ලෙන්න පිදුරුගස් හොයන මාලිමාව පව්. ඒත් අපේ බදු මුදල් මීට වඩා වැදගත් දේකට වියදම් කලා නම් තමා හොඳ.

:       27       71

ලක්විදු Friday, 14 February 2025 02:35 PM

අයියෝ…, ඕකට රට පටලන්න දෙයක් නෑ. මෙයාට උඩිනුයි යටිනුයි විභාග අංක තිබුන දෙන්නගෙං අහන්න ඒ දෙන්නට මැදිං මෙහෙම එකෙක් වාඩිවෙලා විභාගෙට ලිව්වද කියලා…!

:       46       18

බකල ජයාගේ පියා Friday, 14 February 2025 02:39 PM

නාමල් නෙමෙයි, ඒ වෙනුවට නීති විභාගයට ලියුවේ වඳුරෙක් කියලා හොයාගන්නවමයි ! හරියට විදුලිබල ඇමති, කුමාර ජයකොඩි වගේ ! අනිවා !

:       13       47

sachith Friday, 14 February 2025 02:47 PM

මේකත් වැරදි දෙයක් හැබැයි මිට වැඩිය හොයන්න ගොඩක් දේවල් තියෙනවා මෙයාලා ගැන බොරුවට මේවා ගැන හොයන වේලාව කාලය යොදවන්න මිනිස්සු රවට්ටන්නේ නැතුව

:       15       52

Nalin Friday, 14 February 2025 03:32 PM

බොරුවට විශ්වාස කරනවා වගේ පේනවා... ඒත් දැන් මිනිස්සු දන්නවා මේකත් කෝපි කඩේ බොරුවක් කියලා

:       4       31

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාපයට නව උප සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 530 0

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.


අයවැයට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
2025 පෙබරවාරි මස 14 356 0

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විස


සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්
2025 පෙබරවාරි මස 14 1999 0

සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.


කන්කසන්තුරේ තැපැල් දුම්රිය ගැන දැනුම් දීමක්
2025 පෙබරවාරි මස 14 563 0

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේ


පුංචි ඡන්ද පනතට උපදේශක සභාවේ අනුමැතිය
2025 පෙබරවාරි මස 14 292 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත


ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 649 0

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 206 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 948 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site