IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නාමල් - ප්‍රසන්න මෝටර් රේස් පදිති - වීඩියෝ

(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ වරාය නගරයේදී ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකඳු සහිත ධාවන පථය අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම ධාවන පථ තුනකින් යුක්ත මෙම ධාවන පථය දිග  කිලෝමීටර් 2කකි.  

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය අද (28) ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙය කලම්බු ඩියුන්ස් ධාවන පථය ලෙස නමිකර ඇත. මෙම ධාවන පථය වරාය නගරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතී. එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ඒ.ටී.වී වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය කරනු ලැබීය.



අදහස් (47)

නාමල් - ප්‍රසන්න මෝටර් රේස් පදිති - වීඩියෝ

Bamunuarachchi Thursday, 28 October 2021 02:29 PM

හරිම සන්තෝෂයි .හම්බන්තොටටත් එකක් අවශ්‍යයි

:       175       90

DanThursday, 28 October 2021 03:50 PM

ලෝකයේ පළමු සෙල්ලම් ධාවන පථය මුහුද ගොඩකර ඉදිකරපු... සහ ලෝකයේ මිල අධිකතම ධාවන පථය. රජ පැටවුන්ටම පමණක් සෙල්ලම් කළ හැකි ස්ථානයක්... කල්පිටියේ නිකන් වගේ ඉදිකරන්න පුළුවන් ස්ථානයක් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර ඉදිකිරීම තවත් එක ණය බරක් පමණයි.

:       6       114

CitizenThursday, 28 October 2021 05:52 PM

අනේ නාමල් පුතේ තවත් ඔයවගේ වැඩක් කරනකොට අමතක නොකර අපේ බමුණු ආරච්චිවත් එක්කන් යන්න​. අපරාදෙ කියන්න බැහැ ඔයගොල්ලො මොනව කරත් මෙයා සුදු හුණු ගානවා....

:       7       109

seneFriday, 29 October 2021 10:24 AM

ගණන් ගන්න එපා ඕවා දුකට ගයන ගී....

:       0       0

Naushi Friday, 29 October 2021 08:33 AM

රජ පවුලට වන්දිබට්ටයෙක් ලැබී ඇත...

:       0       0

ase Thursday, 28 October 2021 02:36 PM

කෝටි ගනණක් ණයවෙලා හැදුවේ මේකද ?

:       8       149

kumara Thursday, 28 October 2021 02:38 PM

මුන් ඔය පස් වලට යට වෙලා පලයන්

:       9       136

කුමාරිහාමි Thursday, 28 October 2021 03:57 PM

ඇත්තටම මොංගල්ද ඩාලිං...? එක සැරයක් උතුම් දළදා මාළිගය අසල රේස් පැද්දා. හම්බන්තොට තව පිටියක් හදනවා ගම්වල සාමාන්‍ය මිනිස්සු යන්න එන්න පාරක් නැතුව දුක් විඳිද්දී නෑදෑගම්වලට යන්න වනාන්තර හරහා මාර්ග හදනවා.. ගොවීන් ගොවිතැන කරන්න පහසුකම් නැතුව සිටිද්දී වැවේ බැමිවල හා පිට්ටනි වටේ මංතීරු හදනවා. බමුණු බයියා උඩපනිමින් හිටියාට මේවායින් විදේශ විනිමය ලැබෙන්නේ නැහැ 69 ලක්ෂයේ බමුණන් හරියටම වැඩ කරන්නේ පායන කාලේ පළඟැටියන් ඉන්නවා වගෙයි...

:       1       133

kamal Thursday, 28 October 2021 02:43 PM

පෙර වගේ නැවත දුෂීත පවුල් පාලනය විසින් අසරණ ජනතාවට අධික පීඩනයක් ලබා දෙමින් ,ඔවුන් හා ධනතුන් සුරසැප විඳින සෙල්ලම් පිට්ටනියක් බවට රට නැවත පත් කර හමාරය . ඔවුන් සතුටු වෙද්දී අසරණ ජනතාව කඳුළු හෙලයි .69 තේරුම් ගත නොහැකී වූ සත්‍ය මෙයයි .දැන් ප්‍රමාධය .රැල්ලට නොයා බුද්ධියෙන් කටයුතු නොකිරීමේ විපාක විඳීම ආරම්භ වී ඇත

:       8       159

fairoos Thursday, 28 October 2021 03:09 PM

නැව ගිලුනත් මුන්ට චූන්.

:       6       141

kumara Thursday, 28 October 2021 03:16 PM

මුන්ට කොරෝනා හැදිලා මැරිලා පලයන්

:       5       132

sumane Thursday, 28 October 2021 03:16 PM

අප්පලා පුතාලාට බප්පලාට මේක විතරයි අඩු වුනේ .අහිංසක ජනතා බදු මුදලින් යැපෙන ජනතා හිතවාදී අය

:       5       116

ganegoda Thursday, 28 October 2021 03:21 PM

ජරාවකාපු රිළව් වගේ මේ අය මේ කරන වැඩ දැක්කාම ඇතිවෙන්නේ ලොකු කළකිරීමක්...

:       3       97

Bandara Thursday, 28 October 2021 03:48 PM

රටට හෙණ ගැහුණත් කමක් නෑ කියලා කාල බීලා හොඳට ජොලි එකේ ඉන්න පවුලක් සහ ඔවුන්ගේ වන්දිභට්ටයෝ සෙට් එකක්. අපි මේ දුක් විඳින්නේ මේ අයගේ සුඛ විහරණය වෙනුවෙන් කියලා මතක් වෙනකොට හිතට එන්නේ පුදුමාකාර සතුටක්.

:       2       90

Don perera Thursday, 28 October 2021 03:51 PM

රට කාලයි තියෙන්නේ...!

:       3       81

බද්රානි Thursday, 28 October 2021 04:02 PM

ඇඟපත උස මහත් වුණාට ඉතින්, මොළේ වර්ධනය වෙලා තියන ආකාරය අනුව නම් ඉතින් සෙල්ලම් කරනවා හැර වෙන මොනවා කරන්නද? මේ සෙල්ලම් කාර් සෙල්ලම කරන්නත් දක්ෂ බව හොඳට පේනවා. රටේ මෝඩයින්ට ඉතින් පාලකයින් සෙල්ලම් කරනවා බලලා ජොලියෙන් ජීවත් වෙනවාට වඩා වෙන මොන සැපක්ද? මටත් හරිම සතුටුයි රතිඤ්ඤා වැලක් පත්තු කරලා කිරිබතක් උයන්න ඕනෑ දැම්මම.. ?

:       3       125

සුද්දා Thursday, 28 October 2021 04:04 PM

දෙවෙනි රේස් එක දැක්කාම හිතුණා දිගටම බුරන නිසා කටුවක් කන්න දීලා තියෙනවා කියලා.

:       1       62

මහසෙන් Thursday, 28 October 2021 04:13 PM

මේවා දකිනකකොට දැනෙන සුවය කියා ඵලක් නැත. බුදුසරණයි...!

:       4       42

Suba Thursday, 28 October 2021 04:17 PM

චීනෙට ඩොලර් බිලියන ගාණක් ණය වෙලා, පෝර්ට් සිටි කියලා බෙර ගැහුවාට, අන්තිමට වුනේ රාජ කුමාරවරුන්ට වැලි සෙල්ලම් කරන්න අක්කර 650 මුහුදු ගොඩ කරලා කාන්තාරයක් හදපු එක විතරයි. රටඉඳි ගස් හිටවලා, ඔටුවන් ටිකකුත් ගෙනත් දැම්මා නම් හරි... එතකොට රාජ කුමාරවරුන්ට බැරියැ බිසෝවරුන් එක්ක රටඉඳි කකා, ඔටුවන් පිට යන්න...

:       3       114

Liya Thursday, 28 October 2021 04:19 PM

කලිනුත් ඇනගත්තේ මේකෙන්ම තමයි. රේස් පිස්සුව ඇවිල්ලා. හෙට, අනිද්දා තව එකක් හදයි පන්සලක් වටේට...

:       3       87

Adam Thursday, 28 October 2021 04:40 PM

වැහි නැති හෙණ ගහන්න ඕනේ...

:       3       97

jagath Thursday, 28 October 2021 04:42 PM

අර පළවෙනි පින්තූරෙ දැක්කාම මට නම් හිනාගියා නවත්තගන්න බැරුවම... නාමල් බේබි ප්‍රසන්න අන්කල්ගේ උකුලේ වාඩිවෙලා ඉන්නවා වගේ පේන්නේ...

:       2       60

Nuwan Thursday, 28 October 2021 04:59 PM

ලක්ෂ ගණන් දරුවෝ කන්නේ නැතිව ඉන්න අස්සේ මේ වගේ සෝබන වැඩ කරන්න තරම් මේ මිනිස්සුන්ගේ හිත් මොනතරම් පහත්ද?

:       1       94

sugath Thursday, 28 October 2021 05:07 PM

වාහනේ බර වෙන්ට පිටි පස්ස සීට් එකේ වැලි ගෝනියක් තිබ්බා වගේ...

:       2       53

සමරේ Thursday, 28 October 2021 06:00 PM

මේවා සංචාරකයින් අදින්න හොඳයි තමයි.. නමුත් රටේ සාමාන්‍ය ජනතාව තවමත් අමාරුවෙන් අදින වෙලාවේ මේ වගේ සංදර්ශන පවත්වමින් මේ වෙලාවේ වැඩ පෙන්වන්නේ රෝමයේ නීරෝ වීණා වාදනය කරා වගේ සහ පාන් නැත්නම් කේක් කාපල්ලා කිව්වා වගේ කියලා මට හිතුනේ. වෙලාවට හරි දේ ඒ වෙලාවට කරන්නත් හරි නැති දේ නොකරන්නත් දේශපාලකයින් පමණක් නෙවෙයි, අපි කවුරුත් දැනගන්න ඕනෑ දෙයක්... දේශපාලනය කරන අය මෙහෙම හැසිරීම් පෙන්වන්නේ මේ අයට දුක් විඳින අය ගැන වැඩක් නෑ කියලා නේද? මම රජය කරන සාධාරණ දෙයට සාධාරණයි කියනවා. නමුත් මේ කරන්නේ මේ අවස්ථාවට උචිත දෙයක්ද කියන ප්‍රශ්නය අහනවා. මේ හැසිරීම් දැක්කාම ඡන්දය දෙන්න හිත හරි නැති බව කියන්න වෙනවා...

:       2       59

sisira Friday, 29 October 2021 05:29 AM

ඉතාම අප්‍රසන්න ජනකයි..

:       0       0

ලුම්බිණි Friday, 29 October 2021 06:19 AM

කාටද ආඩම්බර ඉතින්?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 October 2021 07:03 AM

"මැති ඇමතියන් සුර සැප විඳිනා මෙරට ... අසරණ දනන් කුසගින්නේ සිටින විට ... බඩුමිල අහසෙ පියඹාලා යයි උඩට ... පින්ගෙන දෙවියනේ .. !!! රට රැක දෙනු අපට ... "

:       0       1

Sunil Friday, 29 October 2021 07:05 AM

මේ ගොල්ලන්ට මේක විතරයි හරියට කරන්න පුළුවන්.... රෝමය ගිනිගන්න කොට කළ වීනා වැයුම වගේ...

:       0       0

naleen Friday, 29 October 2021 07:16 AM

මෙයට රජයේ මුදල් වැය නොවෙන්න ඇති... සංචාරක කර්මාන්තයටත් හොඳයි. නමුත් මොලයක් තියෙන මනුස්සයෙක් නම් රට විනාශ වෙලා තියන වෙලාවක රටට පේන්න වාහනයක් උඩ දඟලන්නේ නැහැ. වැඩේ හොඳ නැති වෙලා රට යන පණිවිඩේ වෙනම එකක් වෙනවා...

:       0       0

mahesh jaya Friday, 29 October 2021 09:14 AM

මෙතන අර සාරියක් ඇඳගෙන රේස් පැදපු අක්කගේ පින්තූරෙ නෑනේ...

:       0       0

Kumara Friday, 29 October 2021 11:39 AM

ඕවා තව ටික කාලයයි...

:       0       23

Nilmini Friday, 29 October 2021 11:52 AM

හරිම සතුටුයි... තම පවුලේ සියලු දෙනාටම ඔය වගේ වාහන අරන් දෙන්න ... ලස්සනයි. ජයවේවා..!!!

:       1       19

Senevi Friday, 29 October 2021 03:34 PM

හාල් නෑ, පොහොර නෑ, කෘමි නාශක නෑ, කිරිපිටි නෑ, පඩි මදි. බඩුමිල වැඩියි කියකියා ඉඳලා බෑ. කන්න ඕනෑ. බොන්න ඕනෑ. වැළිකෙලියේ රස විඳින්න ඕනෑ...

:       1       21

පිටිගල මිලානෝ Friday, 29 October 2021 03:38 PM

මේවා දැකලා සතුට ඉහවහා ගිය 69 ලක්ෂයෙන් කොටසකට කිරිබත් උයාගන්න වෙලා නැතුව හාල් කාලා පොල්කිරි බිව්වලු...

:       1       22

Sharn Saturday, 30 October 2021 08:01 AM

ඒ කරලා ලිප උඩ ඉඳගන්න ඇති, කිරිබත හැදෙනකමි

:       0       0

gon sunil Friday, 29 October 2021 03:53 PM

ප්‍රතිචාර දක්වපු අය මාර්ග නීති හොඳටම පිළිපදිනවද?

:       9       5

dinuka jayarathna Friday, 29 October 2021 04:15 PM

අපිට හරියන නායකයෙක් පෙනෙන මානයක නැත. රට වෙනුවෙන් කැපවෙන කෙනෙක් අනාගතයේදී බිහිවුණොත් ලාංකිකයින්ට ජය වේවි.... එතකම් මේ නඩේට හෙණ ගහලා පලයන් කියනවා ඇරෙන්න කිසි දෙයක් නොදනිමි..

:       0       19

උපාලී Friday, 29 October 2021 04:32 PM

මේ පුතාට රට ගියොත් කොහොම හිටිද?

:       0       20

සමරේSaturday, 30 October 2021 12:26 AM

ඒක නම් වැදගත්ම ප්‍රශ්නයක් තමයි. රටේ ප්‍රවර්ධනය සඳහා කරන දේවල් තීරණය කරන්නේ තමන්ගේ විනෝදාස්වාදය පාදක කරගෙන මට හොඳ දේ අනික් අයටත් හොඳ වෙන්න ඕනා කියලා නම්, එය බහුජන හිතාය බහුජන සුඛාය පිළිවෙතට ඉඳුරා වෙනස්. ඒ බුදුවදන කොයි රටේත් කොයි ජාතියේත් දේශපාලනය සඳහා වලංගුයි. මොකද දේශපාලකයාගේ මුල් අරමුණ වෙන්න ඕනෑ මහජනතාවගේ සුභසිද්ධිය. නමුත් රටක නායකයෙකු වෙන්න බලා සිටින කෙනෙක් රටේ අති දැවැන්ත ආර්ථික සහ සමාජ ප්‍රශ්න තිබෙන වෙලාවේ (හේතුව ලෝකයටම පොදු කොරෝනා තත්ත්වය වුනත්) පටු විදිහට හිතන්න හොඳ නෑ. මේ වගේ විනෝද ක්‍රීඩා ලෝකයේ ගොඩක් රටවල තිබෙනවා. එක් එක් වයස්වල සහ පවුල් පිටින් පොදුවේ විනෝද වෙන්න කරනවා වගේම හොඳ ආදායම් මාර්ගයක්. මේ ව්‍යාපෘතිය කරේ ඒ වගේ පුළුල්ව තීරණ අරන් නම් හොඳයි. ක්‍රීඩා ආර්ථික සහ සංචාරක ආදායම් ලැබේවි හරියට කරොත්. ඒත් රටේ මිනිසුන්ට මේක මේ වෙලාවේ දකින කොට හිතෙන දේ තේරුම් ගන්න බැරි හෝ අවශ්‍ය නැති කෙනෙක් ඉස්සරහට රටේ නායකයෙක් විය යුතුද යන්න කියලා හිතන්න වෙනවා. මොකද මේ පෙන්වන්නේ රෝමයේ නීරෝ වීණා වාදනය කළ මානසිකත්වය. මහින්ද රාජපක්ෂ පියාට තිබුණු ජනතාව තේරුම් ගන්න පුළුවන් කම මේ පුතාට නෑ.

:       0       0

siri Friday, 29 October 2021 05:11 PM

මෙහි ඇති ප්‍රතිචාර කවුරුහරි අවශ්‍ය අයට පෙන්නලා දෙනවානම් ඒ මඟින් එහෙයියන්ගේ මාධ්‍ය වලින් පෙන්වනදේට වැඩිය රටේ ඇති යථාතත්වය තේරුම් ගන්න පුළුවන් වේවි....

:       0       24

Chandima Saturday, 30 October 2021 03:52 AM

ණය ගෙවන්න තියා කන්න හොයාගන්නවත් බැරුව ඉන්න ආණ්ඩුවට මේ වැලි ගොඩදාන්න ගත්තු ණය ගෙවාගන්න බැරුව වරාය දුන්නා වගේ දෙන්න වෙනවා.

:       0       0

සිරිබිරිස් Saturday, 30 October 2021 04:30 AM

"රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්, එගිනි නිවන හැටි සෙවීම වරදක්දැයි මට කියන්"

:       0       0

දයාරත්න - හම්බලන්තොට Saturday, 30 October 2021 05:01 AM

යකෝ මිනිස්සුන්ට කන්න නැහැ.තොපිට එච්චරයි අඩු.

:       0       0

චන්දිම ෆොන්සේකා Saturday, 30 October 2021 07:29 AM

දැන් නම් මට ප්‍රත්‍යක්ෂයි පොහොට්ටුවේ දේශපාලනයට ආපු වැඩිහරියක් මේ රටට කිසිම වැඩක් නැති ඉදිරියේදී මේ සුන්දර රට ආයෙත් ගොඩ ගන්න නම් බැරි වන විදියට අති විශාල දැවැන්ත විනාශයකට ඇද දාන මහාම මහා කාලකන්නි කල්ලියක් කියාලා. මොකද මුන්ට මේ ගෝටෙක් ඕනි නැහැ උන්ට ඕනි කොහොම හරි බැසිලව මුදුනා කරවලා හොඳ සැප කාර් යාන වාහන මහා මන්දිර හදා ගෙන සුර සැප විදිමින් කාලේ ගෙවන්න. අපි හීනෙකින් වත් මෙහෙම පිස්සෝ රැලක් ඇතිවෙයි කියාලා හිතුවේ නැහැ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 October 2021 06:07 PM

මේ අය සුපිරිම ජොලියේ... ජනතාව කුසගින්නේ, හාමතේ..

:       0       0

හීන්බණ්ඩා Saturday, 30 October 2021 10:53 PM

මේවා දකින අයට මොනවා හිතෙයිද කියලා මේ අයට හිතන්න මොලයක් නැද්ද? මිනිස්සුන්ගේ කේන්තිය ඉහ වහා යනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 64 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 52 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 179 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 386 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 329 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 457 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site