IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නාමල් රාජපක්‍ෂගේ ලක්‍ෂ 26 ක විදුලි බිල අමාත්‍ය සනත් නිශාන්ත ගෙවයි

(යොහාන් භාසුර)

තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලි වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්‍ෂ 26 කට අධික හිඟව තිබූ මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (2) ගෙවීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී රුපියල් 2,682,246.57 ක මුදලක් ගෙවීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එම මුදල ගෙවීමෙන් පසුව පැවසුවේ එම මුදල පෞද්ගලිකව ගෙවූ බවයි.

 



අදහස් (31)

නාමල් රාජපක්‍ෂගේ ලක්‍ෂ 26 ක විදුලි බිල අමාත්‍ය සනත් නිශාන්ත ගෙවයි

ගමේ එකාලා Monday, 02 October 2023 08:52 PM

ජනතාවගේ රී රී මාංශ හූරාගෙන කාපු දූෂිත දේශපාලුවන්ට කොහොම ගෙවන්න බැරිද?

:       0       0

pakeer Monday, 02 October 2023 09:12 PM

හිතාගන්න පුළුවන් මොවුන්ගේ ගැහිල්ල කොහොමද කියලා...?

:       0       0

baba Monday, 02 October 2023 09:13 PM

මේ මනුස්සයාව වහාම විගණනයට ලක්කළ යුතුයි.

:       0       0

Kumara Monday, 02 October 2023 09:26 PM

මේ රටේ මිනිස්සු ඔබලා හිතාගෙන ඉන්න තරම් මෝඩයින් නෙවෙයි. ඕක හොඳයි පුත්තලම් බූරුවන්ට...

:       0       0

Muthu Monday, 02 October 2023 09:28 PM

මහා ලොකු රටවල් දිහා බලන්න උවමනා නෑ. මේක භුතානේ වුණානම් මෙයාගේ මන්ත්‍රීකමත් නෑ. හිරේ යන්න වෙනවා. ඇපල් බෑග් එකක්වත් මන්ත්‍රී හෝ නිලධාරීන්ට ගන්න බෑ.. පිට අයගෙන්. භුතානේ රටවල් 180 කින් 25 වෙනි තැන ඉන්නේ. ලංකාව 101 වෙනි තැන ඉන්නේ. මේවා දකින කොට හිතෙනවා, අපි 180ම වෙනවා ළඟදීම. ලංකාවේ සේරම හොරු ඉන්නේ එළියේ. මහා හොරා බේරගන්න පොඩි හොරු පෙළගැසෙනවා. දෙගොල්ලොන්ගේම පැවැත්ම නැතිවෙනවා. එක පැත්තක් ගිලුණොත්.

:       0       0

Anil Monday, 02 October 2023 09:37 PM

කට්ටිය එකතුවෙලා කොහොම ගැහිල්ලක් ගහනවා ඇතිද?

:       0       0

ANURANGA Monday, 02 October 2023 10:05 PM

වවුලාගේ මගුලට ගියා නම් එල්ලිලා හිටු කිව්වලු..!

:       0       0

Rata Perata Monday, 02 October 2023 10:12 PM

මෙයාගේ වත්කම්, බැරකම් පරීක්ෂා කරන්න. දේශීය ආදායම් නිලධාරීන් නිදිද? කොහේද ඉතින් රනිල්වගේ කෙනෙක් මුදල් ඇමැති වෙලා ඉන්නකොට ඕවා හොයන්නේ?

:       0       0

උපාලි Monday, 02 October 2023 10:17 PM

ඈ බොල... මේ අය පහුගිය දචස්වල කිව්වේ එහෙම බිලක් දැක්කෙත් නැහැ කියලා. ජෙප්පො ලෙඩේ ඇද්දේ නැත්නම් මෙයාට රජමගුල්. මෙහෙම හොරුනේ අපේ ඡන්දෙ ඉල්ලන්නේ රට කන්න. මේවාට අලුත් අපායවල් හැදෙනවා...

:       0       0

chandima Monday, 02 October 2023 10:41 PM

ආදායම් බදුවලට වත්කම් පරීක්ෂණ වලට පෙන්නපු සල්ලිද? නැතිනම්?

:       0       0

SAMAN Monday, 02 October 2023 10:48 PM

නාමල්ට නොලැබුණු නාමල්ගේ විදුලි බිල සනත් නිශාන්තට ලැබුනේ කෙසේද? සහ නාමල් ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලි වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්‍ෂ 26 කට අධික හිඟව තිබූ මුදල ගෙවා දැමු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඔහුව පාර්ලිමේන්තුවට පත්කළ මහජනතාවගේ විදුලි බිලත් මේ ආකාරයෙන්ම ගෙවා දැමීමට සුදානම්...

:       0       0

විජිත් Monday, 02 October 2023 11:42 PM

"ඔක්සිජන් " කන මෙයාට රුපියල් ලක්ෂ 20 ලැබුනේ කොහෙන්ද? ඇමැති කෙනෙකුට ලැබෙන පඩියෙන් කාලාබිලා ගෙදර වැඩ කළාම ඉතිරි වෙන්නේ නැහැ යමක්. ඒ නිසා තමයි ඔවුන් මදි නොකියන්න හොරාකන්නේ. ඒ ප්‍රශ්නයට මෙයා ළඟ උත්තරයක් තියෙනවා. ඒ තමයි " මම ඉස්සෝ ඇතිකරනවා" කියලා. ඉස්සන්ගේ ආදායම සෑම වසරකදීම ආදායම් පාලකට ඉදිරිපත් කරලද තියෙන්නේ? ඒ සල්ලි තමයි ඔය ලෝස් නැතිව නෑ.. මෙයාගේ ලයිට් බිල ගෙවන්න දීලා තියෙන්නේ. අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදාගන්නේ නැතිව "විමසිලිමත්" වන්න...

:       0       0

Anthony Monday, 02 October 2023 11:49 PM

ඡන්දෙ හිඟාගෙන එන්නකෝ මේ පාර. මෝල් ගස්, ඉදල්, කොසු, විතරක් නොවෙයි, මිනීකන බල්ලොත් රෙඩී... ඔබලාව ආදරයෙන් පිළිගන්න.. කාලකන්නි සක්කිලියෝ, පුත්තලමෙන් ඔබට ඡන්දෙ නෑ...!

:       0       0

Nimal Tuesday, 03 October 2023 12:40 AM

හොරා කෑවට පස්සේ පුද්ගලික වුණා මුදල්...!

:       0       0

Sisira Kumara Tuesday, 03 October 2023 03:57 AM

හා හා... ලක්ෂ 26ක අගනා කැඹිරීමක්...!

:       0       0

පැරකුම් Tuesday, 03 October 2023 04:09 AM

අපරාදෙ ලක්ෂ 26.... නාමල් කිව්වේ දැක්කෙත් නෑ. දන්නෙත් නෑ. බිලක් ආවෙත් නෑ. මේක තනිනර මඩ ප්‍රචාරයක් කියලා...!

:       0       0

ලුම්බිණි Tuesday, 03 October 2023 04:14 AM

හොරු වෙනුවෙන් හොරු...

:       0       0

LGP. JATHUNARACHCHI. Tuesday, 03 October 2023 06:01 AM

එක වල්ලේ පොල්...!

:       0       0

සුරංගොඩ Tuesday, 03 October 2023 06:13 AM

නායකයාට මෙහෙම වන්දිභට්ට කම් කරන්නෙ නිකම්ම නොවෙයි පැරැණි කියමනක් තියෙනවා මීයක් කඩන්නෙ අත ලෙවකන්න විතරක් නොවෙයි කියලා .කොහොම වුනත් නාමල්ට සනත් නිශාන්තගේ මංගල තෑග්ග දීමට පමාවෙලා මිස වෙනත් දෙයක් වෙලා නැහැ මතකනේ නෑමොල් කිව්වා මට එහෙම බිලක් නැහැ කියලා ඇත්තටම එහෙම බිලක් තිබුනා නම් පමාවීම නිසා පොලියක් නැතෙයි

:       0       0

C.K.Lankaputhra Tuesday, 03 October 2023 06:52 AM

ඉදිරියේදී අමු මස් බුදින පොඩි සිංහයාලා බලයට ආවොත් සනත් නම් කටු කන්නාට ලක්ශ 26 වෙනුවට ලැබෙන දේ අගමැති කම සහ මාසෙකට ලක්ශ 1126 ක් නෙවෙයි කියල කාටද කියන්න පුලුවන්

:       0       0

Godfry Tuesday, 03 October 2023 08:23 AM

හොරෙන් අල්ලාගෙන තියෙන ආණ්ඩුවේ ඉඩම්වල ගස් කපලා හම්බකරපු කළු සල්ලි ඕනෑතරම් තියෙනවා.. ඒමදිවට කසිප්පු පෙරනවා, මීගමුවේ හෙරොයින්, අයිස් වගේ මත්ද්‍රව්‍ය හලාවත, පුත්තලම පැත්තේ බෙදාහරිනවා. ඉතින් බිල් දාහක් වුණත් ගෙවන්න බැරියැ...!

:       0       0

Alas Tuesday, 03 October 2023 08:41 AM

අල්ලස් හා දූෂණ විමර්ශනය සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව අවධානය පිණිසයි

:       0       0

සල්ලි Tuesday, 03 October 2023 08:48 AM

පුත්තලමේ දුප්පතෙකුට නිවසක් පොඩියට හදලා දුන්නා නම් මීට වඩා හොදා ...

:       0       0

Achini Tuesday, 03 October 2023 09:24 AM

හොරුන්ව ආරක්ෂා කරන්නේ හොරුන් තමයි ඉතින්

:       0       0

namal Tuesday, 03 October 2023 09:26 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       0

duminda Tuesday, 03 October 2023 09:30 AM

කාපු ජරාවෙ තරම තමා ,කුණු කොල්ලෙට ඉඩම් බලෙන් අල්ලාගෙන කියනවා ව්‍යාපාරේ දියුණු කරගන්න උදව් කලාලු

:       0       0

සුරංග Tuesday, 03 October 2023 11:17 AM

මේ කියන්නෙ පොහොට්ටුවෙ ඉන්න ඕන නම් කප්පම් ගෙවන්න ඕන කියලා නේද මහත්තයෝ

:       0       0

රංජිත් Tuesday, 03 October 2023 11:38 AM

පොලොවෙ පස් කෑව නේද එහෙම ගෙවන්ඩ එකක් නෑ කියලා....NPP එකට පින්සිද්ද වෙන්ඩ ඕක ඇදලා ගත්තෙ... නැත්තං හොරු ඒ ලක්ෂ 26ත් ගල් කරනවා...අපෙන් විදුලි බිල වැඩිකරනවා...

:       0       0

fairoos Tuesday, 03 October 2023 12:35 PM

නියම බයියෙක්

:       0       0

Siri Tuesday, 03 October 2023 02:42 PM

ඔය සල්ලි හොයාගත්තේ කොහොමද කියල අහන්න කෙනෙක් නැද්ද අප්පා.

:       0       4

Kumara Tuesday, 03 October 2023 02:45 PM

‍යකො මු නාමලයව හොරම කලා කියපන්කො

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1587 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 463 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 172 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 254 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 125 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 84 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39987 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25941 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 221 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site