IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නොමිලේ සපත්තු දුන්නට ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

විපක්ෂය ලබා දෙන පොරොන්දු දේශපාලන වේදිකාවට සුදුසු වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට යාමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සමඟ අඛණ්ඩව ඉදිරියට යා යුතු බව පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේදී සියලුදෙනා එක්ව රජයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවිය යුත්තේ එම නිසා බවද කියා සිටියේය.

දේශපාලනය කිරීමට රටේ යහපත් ආර්ථිකයක් පැවතිය යුතු බවත් නොමිලේ සපත්තු ලබා දුන් පමණින් රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් හිමි නොවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරින් සමඟ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (04) පැවති හමුවකට එක් වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.



අදහස් (11)

නොමිලේ සපත්තු දුන්නට ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නෑ

Prabha Sunday, 04 August 2024 06:38 PM

දැන්ද මොලේ පෑදුණේ... 1977 මම ජනාධිපති කාලේ ඉඳලා ආණ්ඩු කරපු එකේ ප්‍රතිඵල විදිහට තාම සපත්තු දෙකක් ගන්න බැරි දුප්පතුන් බිහි වුණේ. ලැජ්ජා නැතිකම මහ මුදලිකමට වඩා වැඩියිලු...

:       0       0

Rata Perata Sunday, 04 August 2024 07:23 PM

මේ වගේ කාලකන්නි ඉන්නකම් මොනවා කරත් වැඩක් නෑ තමයි...

:       1       1

chandima Sunday, 04 August 2024 08:36 PM

දිස්ත්‍රික්කයටම ඉන්නේ මෙච්චරද?

:       1       1

kasun Sunday, 04 August 2024 08:59 PM

අපේ රටේ හරක්ට ඔච්චර දෙයක් තේරෙයි කියලා හිතන්න බැහැ.

:       0       2

විජිත් Sunday, 04 August 2024 10:41 PM

හොරු 134 දෙනෙක්ගේ හොර ඡන්දයෙන් ජනාධිපති පුටුවට පැනගත්තාට, ඔබ හිතන්න එපා මහජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් වෙන්න. මහජනතාව මෙවර ඡන්දෙදී ඔබට අමතක නොවන පාඩමක් උගන්වාවි. ඒ විතරක් නොවෙයි බලයේ හිටපු කාලයේ කරපු කඩප්පුලි වැඩවලට අනාගත මහජන ආණ්ඩුවක් යටතේ ඔබට අධිකරණය ඉදිරියට යන්න වෙනවා.. ඔබ වැරැදිකරු වුණොත් ජීවිතයේ ඉතිරි චූටි කාලය හිරේ තමයි ඉන්න වෙන්නේ... ඇමෙරිකාව, ඉන්දියාව.. එන්නේ නැහැ.. ඔබව බේරාගෙන ඒ රටවලට ගෙනියන්න. මතකයිනේ ඉරානයේ ෂා රජතුමාට, පිලිපීනයේ මාකෝස්ට. අවසානයේදී ඇමෙරිකාව කළදේ? ආපෝ මෙහෙ එන්න එපා" කිව්වා. මාලිමාවට ජයවේවා...!

:       4       6

ගමේ එකාලා Monday, 05 August 2024 12:20 AM

බොරු කියලා ජනතාව අන්දවන්න හැදුවාට කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙත් නැහැ...

:       1       8

Perera Monday, 05 August 2024 12:29 AM

ණය නොගෙවා ඉතුරුවෙන මුදල් පෙන්නලා ආර්ථිකේ ශක්තිමත් කිව්වාටත් ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නෑ...

:       1       11

nalaka Monday, 05 August 2024 05:41 AM

නොමිලේ හාල් දුන්නාම විසඳෙනවාද...?

:       1       12

sam Monday, 05 August 2024 07:22 AM

එහෙනම් අපි ඔන්න ඔහේ අර ඉස්සර පොරොන්දු වෙච්ච බ්‍රේස්ලට් ටික දැන් දීලා දාමු

:       2       16

Pradeep Kumara Monday, 05 August 2024 08:39 AM

ඇත්ත, දුගී ජනතාවට නොමිලේ බඩු භාණ්ඩ බෙදා දීමෙන් රටක දුප්පත්කම තුරන් කල නොහැකියි. නමුත් ඔබලා කුමක්ද කලේ? රටේ බහුතරයක් ජනතාවට එද වේල වත් හොයා ගැනීමට බැරි තරමට රට සංවර්ධනය කල එක නේද? රටේ සංවර්ධනයේ තරම ලිපි ලේඛණ වල සදහන් වුනාට වැඩක් වෙනවද ඒක ජනතාවට දැනෙන්නෙ නැතුව. අමාරුවෙන් ගේමක් ගහලා කීයක් හරි හොයාගෙන දියුණු වෙන්න බලන පොඩි මිනිහගේ වැටුපට බදු ගහලා තමන්ගේ ගජ මිත්‍රයින්ට බදු සහන දෙන එක, බදු වංචා වලට ඔවුන්ට අනුබල දීලා රටට ලැබිය යුතු කෝටි ගණන් මුදල් අහිමි කිරීම, ඒකද රටේ සංවර්ධනය??

:       2       14

මොහොට්ටාල Monday, 05 August 2024 10:53 AM

සහල් රටින් ගෙනැවිත් අඩුමිලට දීපල්ලා කියලා සමසමාජයක් හදන්න ආපු සමසමාජ නායකයෝ කටයුතු කළා... ඔය අතරේ මහවැලි හා උඩවළවේ වගේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් ජනතාව පෝෂණය කරන්න ඩඩ්ලි මැතිතුමා නොමිලේ හාල් සේරුවක් බැගින් දුන්නා... බලය ගැනීමට කෑදර ඒත් රටේ සංවර්ධනය අභිප්‍රාය කරගත් සිරිමාවෝ මැතිණිය බලය ගත්තේ හඳෙන් හරි ගෙනැවිත් හාල් සේරු දෙකක්ම නොමිලේ දෙනවා කියලා. ඊළඟට ජේආර් ඇට අටක් නොමිලේ දීමට පොරොන්දු වෙලා බලය ගත්තාට පස්සේ චන්ද්‍රිකා තුනයි පනහට පාන් ගෙඩියක් දෙන්න බලය ගත්තා... සමහරක් පිරිස් සිල් රෙදි බෙදාගෙන කොමිස් බෙදාගන්න ඇති. ඔය අතර ජනසවිය මගින් හා අවුරුදු තිහක් ගතවී ඇතත් තවමත් සමෘද්ධිමත් නොවූ සමුර්ධි විගඩම හා මෑතකදී ඇතිකළ ඇස්වසා ඇති හැකි අයටත් සමග මුදල් බෙදීම රටේ සංවර්ධනය අඩාල වෙන්න හේතු කාරණා තමයි මේවා හරියට බඩගිනි එකාට බිලීපිත්තක් නොදී මාලු අල්ලා ගෙදරටම ගෙනැවිත් දෙනවාට නොදෙවෙනි ක්‍රියාවන් තමයි...

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1076 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6664 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3653 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1533 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28680 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site