IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නාමල්ගේ රැස්වීමට ගල් ප්‍රහාරයක්:දරුවෙක් තුවාල ලබයි

(චන්ද්‍රසේන ගමගේ)

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.

ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචිව සිටින දරුවෙකි.

මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ චමල් රාජපක් සහ ශිරන්තර රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබුණි.

සිද්ධිය සැලවීමත් සමග ඔවුන් රැස්වීමට පැමිණ තිබුණේ නැත. ශිරන්ති රාජපක්ෂ මහත්මිය තුවාල ලැබූ දරුවා සුව දුක් විමසීමට රෝහලට පැමිණියාය.

රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇතැයිද පොලිසිය පවසයි.

 



අදහස් (23)

නාමල්ගේ රැස්වීමට ගල් ප්‍රහාරයක්:දරුවෙක් තුවාල ලබයි

ගමේ එකාලා Wednesday, 11 September 2024 10:40 PM

දූෂිත පවුල් පාලනේ උන් රටට කරපු විනාසෙට මුන්ට ගල් නෙවෙයි අසූචී ගහන්ඩ තිබුනේ .කිසිම ලැජ්ජාවක් නැතුව චන්දේ ඉල්ලනවා .ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතයෝ .ආර්තික ගාතකයෝ කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි . .

:       6       29

chandima Wednesday, 11 September 2024 10:44 PM

සජිත්ගෙ රෑස්වීමකටත් ගල්පාරක් දුන්න නේද ? පේන විදියට පාක්ශිකයො උසිගන්වල වලියක් අදින්න වගේ යන්නෙ චන්දෙට ඉස්සරවෙලා. මාර දුර දක්නා මොලේ නේද?

:       3       13

Susa Wednesday, 11 September 2024 11:28 PM

ඔන්න ඕවා තමයි කැත වැඩ. නාමල් එනවට කවුද බය. අර පැනපු ගෙම්බන්ගේ වැඩද.

:       1       14

SIRI Wednesday, 11 September 2024 11:50 PM

"හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට " කියන්නේ කට කහනවට නෙවේනේ.

:       0       9

Ariyathilaka Thursday, 12 September 2024 12:51 AM

ඉතා ම අශික්ෂිත වැඩක්! රාජපක්ෂවරුන්ගේ ප්‍රපත්තිවලට අප කැති නැත.එසේ වුවත් නාමල් රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමේ හිමි කම තහවුරු කළ යුතුයි.

:       4       12

Sam Thursday, 12 September 2024 01:41 AM

මුළු සීගිරියම කඩල ගන්න ගල්වලින් මුන්ට ගැහුවත් මදි.

:       0       1

විචාරක Thursday, 12 September 2024 06:16 AM

උපන් ගමෙන්ම ලැබෙන ප්‍රතිචාර ඔහොම නම් පොහොට්ටුව උපන් ගෙයිම පරවෙන බවට කවර සැකයක්ද? පොහොට්ටු සහිත මඩවගුරේ සලකුණක් වත් ඉතුරු නොවෙන්න මාලිමාවේ ප්‍රවාහය ගලා එනු ඇත!

:       10       15

NWS KUMARA Thursday, 12 September 2024 07:37 AM

පොඩි දරුවන් දේශපාලනයට යොදා ගන්නවාට හොඳ පාඩම්

:       2       10

රට වැසියෙක් Thursday, 12 September 2024 08:09 AM

හම්බන්තොටත් ගල් ගහනවානම් අනිත් පළාත් ගැන කවර කතාද නාමල් මහත්තයෝ. රටේ ජනතාව කිපිලා ඉන්නේ ඔබතුමාලගේ කාලයේ මිනිස්සුන්ට දීපු දුක් ගින්දර තමයි මේ තවම විඳින්නේ. නැවතත් ඒ දුක වැඩ් කරන්නද ඔබ‍ ජනාධිපති වෙන්න හදන්නේ.

:       7       21

achini Thursday, 12 September 2024 08:57 AM

දරුවට තුවාල උන එක ගැන කනගාටුයි .ගල් ගහපු එක නම් නියමයි

:       7       18

Dayasena Thursday, 12 September 2024 09:16 AM

මිනිස්සු නැතුව කරපු උප්පරවැට්ටියක් කියන්න පුළුවන්

:       8       52

චමින්ද Thursday, 12 September 2024 09:17 AM

රැස්වීමට සෙනග නැති බව කලින්ම දැන ගෙන මේ අයම ගල් ගහ ගන්න ඇති.පව් අර අහිංසක නොදරුවා.පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මරමු අය ගැන මොන කථාද?ඔය මැඩම්ලගෙ බොරු ශෝ දැන් මිනිස්සු හොදට දන්නවා.අනේ පව් මේ අය හිතන් ඉන්නේ තවම මේ අය කරන වැඩ මිනිස්සු දන්නෙ නැහැ කියලා

:       10       53

පිටිගල මිලානෝ Thursday, 12 September 2024 10:26 AM

ලැජ්ජා නැතුව තවත් හොර වැඩ කරනවා මිනිස්සු රවට්ටන්න…

:       4       15

m. saman perera Thursday, 12 September 2024 10:38 AM

රාජපක්ෂ නාමය රටට එපා වෙලා ඉවරයි

:       5       15

පිටරටවැසියා Thursday, 12 September 2024 11:09 AM

මැඩම් තාජුඩීන්ව බලන්න යන්නෙ කවදාද ?

:       4       19

Third Eye Thursday, 12 September 2024 11:28 AM

සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වන මහත්තුරුන්ගේ නම් ටික නැත්තේ මොකෝ කියලා බැලුවේ...

:       1       7

Manjula Pradeep Thursday, 12 September 2024 11:37 AM

මං පසුගිය මාසේ හුංගම ඉඳලා කතරගම වෙනකම් ප්‍රධාන පාරේ ගියා. එතකොට සම්පූර්ණයෙන්ම අනුරගේ පෝස්ටර් වලින් පූල් එක පුරවලා තිබුණේ බැනර් කාර්යාලය හැම තැනම වෙන කිසිම පක්ෂෙක එකම පෝස්ටරයක්වත් කාර්යාලයක්වත් දැක්කේ නෑ. නමුත් මම ඊයේ බලනකොට අනිත් පක්ෂයන්ට බය ටිකක් තුනී වෙච්ච නිසා කාර්යාල එක දෙකක් වැටෙන්න පටන් අරගෙන තියෙනවා දැක්කා .දකිනකොට ජීවිතයකට පරණ අතීතයේ පුරුදු මතක් වෙලා. අනුර කුමාරට රැස්වීමකට කුණු බිත්තරයක් ගැහුව කියල NGO ප්‍රවෘත්ති වලින් කෑ ගහපු හැටි අපි දැක්කා. ඒත් අරගලය කාලය මිනිසුන්ගේ ගෙවල් ගිනි තියෙනකොට පාර මැද්දි මිනිස්සුන්ට ගහලා මරණ කොට කිසි කෙනෙක් ඒ ගැන කතා කළේ නැහැ .මේක තමා උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. විශ්ව විද්‍යාල ඇතුලෙත් විරුද්ධ මතධාරීන්ට මුන් කරන්නේ මේ එකම තමා

:       14       12

Imran Thursday, 12 September 2024 12:08 PM

ඒ අයම කට්ටිය දම්මලා ගහන්න ඇති, අනුකම්පා ඡන්ද ගරාගන්න

:       6       16

Rata Perata Thursday, 12 September 2024 12:09 PM

තමුන් වපරපු දේ තමයි අවසානයේ ලැබෙන්නේ

:       4       13

ගමේ එකාලා Thursday, 12 September 2024 12:16 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ඡන්දේ ඉල්ලනවා මදිවට තව රැස්වීම් පවත්වනවා .ලැජ්ජයි .

:       5       14

Gunendra Thursday, 12 September 2024 12:33 PM

හිනා හිනා හතර හිනා.

:       4       10

fairoos Thursday, 12 September 2024 01:53 PM

එකනේ කියන්නේ තණකොළ කන අය තාම ඉන්නවානේ

:       5       7

නන්දන පනා-මිලානෝ Thursday, 12 September 2024 02:25 PM

අනුකම්පාව ගන්නම ළමයාටත් වදින්නම ගල් ගහගන්න ඇති.

:       4       11

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1398 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1776 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5581 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1501 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5900 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5522 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17789 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site