(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, පුල්ලුමලේ කොටසේ 2017වසරේදී සිදුවූ නාය යෑමෙන් අවතැන්ව සිටින පවුල් 07 ක් සදහා ස්ථීර වතු නිවාස ඉදිකර නොදීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට එම වතු කම්කරු ප්‍රජාව පවසති.
මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය ඉස්මත්තේ පිහිටි බ්‍රවුන්ලෝ තේ වතුයාය මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය කෙරේ.
මෙම වතුයායේ, පුල්ලුමලේ කොටස පිහිටි ප්‍රදේශයට ඇද හැළුන ධාරා නිපාත වර්ෂාවත් සමග 2017.09.08 වන දින වතු නිවාස වලට ඉහලින් පිහිටි කඳුයායේ කොටසක නාය යෑමක් සිදු විය. නාය ගිය ස්ථානයේ පිහිටි විශාල ගල් පර්වතයක් කඩා වැටීමේ දැඩි අවධානම් තත්වයක එවක පැවති නිසා නාය ගිය ස්ථානයට පහළ වතු නිවාසවල පදිංචිව සිටි පවුල් 07 ක පාසල් ළමයින් ඇතුළු සාමාජිකයන් 20 දෙනකු නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ උපදෙස් අනුව එම ස්ථානයෙන් වතු පාලනාධිකාරිය මගින් ඉවත් කර බ්‍රවුන්ලෝ වතුයායේම ආරක්ෂක බිම් කොටසක තාවකාලික පදිංචිය සඳහා නිවාස ඉදිකිරීමට අවසර ලබා දී තිබුණි.
එම තාවකාලික වතු නිවාසවල පදිංචි වතු කම්කරු ප්‍රජාව අප සමග කියා සිටියේ, වතු පාලනාධිකිරිය මගින් තමන්ට තාවකාලිකව නිවාස ඉදිකර ගැනීමට දැනට පදිංචිව සිටින ස්ථානය ලබා දී මේ වන විට වසර 06 කට වැඩි කාලයක් ගතව ඇති බවය. එම තාවකාලික කුඩා නිවාස දැඩි ලෙස අබලන්ව පවතින බවත්, වැසි දිනවල වාසය කිරීමට නොහැකි තත්වයක් උදවී ඇති බවත් කියා සිටිති.
එම නිවාස සඳහා තාවකාලික විදුලිය ලබා දුන් බවත් එම විදුලි සැපයුම් දැඩි අනාරක්ෂිත තත්වයක පවතින බවත් කියා සිටිති. පානීය ජලය, මාර්ග පහසුකම් ඇතුළු ප්‍රමාණවත් පොදු පහසුකම් නොමැති කමින් තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බව පෙන්වා දෙන එම වතු කම්කරු ජනතාව, පාසල් හා ළදරු පාසල් යන තම දරුවන් මෙම තත්වයෙන් බලවත් අපහසුතාවයකට පත්ව සිටින බවද පැවසූහ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නාය යාමට අසුවී වසර හතයි:තවමත් දහ දුකේ