IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නයි සපත්තුව පැළඳි සිසුවා රෝහලෙන් පිටව යයි

 

(සුජිත් හේවාජුලිගේ)

කුඩා නයි පැටවකු ඇතුළුවී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයා රෝහලෙන් අද (25) පිටව ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය.

දරුවාගේ ශරීරයට නයි විෂ ඇතුළු වී නැති බව පරීක්ෂණවලදී තහවුරු වීමෙන් පසු ඔහු මෙසේ රෝහලෙන් පිටව ගිය බවද  අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් දරුවාගේ පාදයේ සර්ප දෂ්ඨන  සිදුවී ඇති බවට  සලකුණු දෙකක් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට හමුවී ඇති බව පැවසූ වෛද්‍යවරයා දරුවා මේස් කුට්ටමක් පැලඳ සිටි හෙයින් සර්පයාගේ විෂ දළ වැදීම සිදු නොවන්නට ඇතැයිද  ප්‍රකාශ කළේය.

මේ සිද්ධියට ඉකුත් (23) වැනිදා   මුහුණ දුන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක දහතුන් හැවිරිදි ශිෂ්‍යයෙකි.

නයි පැටියා සිටි සපත්තුව පැලැඳ සිසුවා කඩවත පිහිටි  නිවෙසේ සිට පාසලට පැමිණෙමින් සිටියදී සපත්තුව ඇතුළතින් යමක් දඟලන බව දැනී පාසලට පැමිණ සපත්තුව ගලවා පරික්ෂා කළ අවස්ථාවේදී  මෙම නයි පැටියා හමුවී තිබිණ.

ඉන් අනතුරුව විද්‍යාලයීය ගුරුවර ගුරුවරියන් විසින් දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.

දරුවන් ඇතුළු සෑම දෙනකුගේම සපත්තු නිවෙස්වල  පිටත ස්ථානවල තැබීමෙන් වළකින ලෙසත් සපත්තු බෑග්වල දමා ගැට ගසා යම් උස ස්ථානයක රඳවා තැබීමට කටයුතු කිරීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

නයි සපත්තුව පැළඳි සිසුවා රෝහලෙන් පිටව යයි

Dakumawi Thursday, 25 August 2022 10:31 PM

So glad to hear the poor innocent little child was safe and sound. A snake and cobra no less, inside the shoe.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1538 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1119 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 91 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2960 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 745 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1477 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site