IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නියඟයෙන් දිස්ත්‍රික්ක 13 කට දැඩි බලපෑම්

 (නිමල කොඩිතුවක්කු)

දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඉන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර  පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23568 කට අයත් පුද්ගලයන් 75165 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18951 කට අයත් පුද්ගලයන් 63136 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පානීය ජලය නොමැති වීම, වියලි කාලගුණ තත්ත්වය ඇතුලු ගැටලු සම්බන්ධයෙන් මෙම ජනතාව පීඩාවට පත්ව සිටිති. දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් සිදුව ඇති අතර ඉන් වැඩිම බලපෑමක් යාපනය දිස්ත්‍රික්කයට සිදුව තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි  යන ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශවල පවුල් 21999 කට අයත් 70238 ක් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ තොරතුරු වල දැක්වේ.
මෙයට අමතරව මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952 කට අයත් 3244 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 167 කට අයත් 563 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450 කට අයත් 1120 දෙනෙක්,   රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 4039 කට අයත් 14116 දෙනෙක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2320අයත් 7737 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892 කට අයත් 29508 අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739 කට අයත් 25891 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 60කට අයත් 215 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 3041කට අයත් 9828 ක්, බදුල්ල  දිස්ත්‍රික්කයේ පවුල් 329කට අයත් පුද්ගලයන් 1324 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 140 කට අයත් 485 දෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1513 කට අයත් 7512 දෙනෙක්,  පීඩාවට පත්ව සිටින බවත් ආපදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

 



අදහස් (0)

නියඟයෙන් දිස්ත්‍රික්ක 13 කට දැඩි බලපෑම්

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 2716 1

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 290 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 1919 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 3756 1

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 925 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 168 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site