IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් මන්ත්‍රීවරියෝ සටනට බසිති

ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.
 
පොලිස් ළමා හා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවද එම සංසදයේ සභාපතිනි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පැවසුවාය.
 
ඇය මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු  මන්ත්‍රීනි රෝහිණි විජේරත්න මහත්මිය සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර මහත්මිය ද සහභාගි වූහ.

මෙහිදී සභාපතිවරිය පෙන්වා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීම පිළිබඳව තම සංසදය ඉතා සතුටට පත් වූ බවත් එය බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස්ම තනතුරකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවයට හවුල් වීමක් ලෙස සලකන බවත්ය. නමුත් ඇයට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තම අප්‍රසාදය පල කරන අතරම ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගනු ලබන්නේ නම් ඔවුන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබියයුතු බව තම විශ්වාසය බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙතරම් දියුණු ලෝකයක කාන්තාවක් වීම නිසා ම යම් ක්ෂේත්‍රයක් අතික්‍රමණය කිරීමේ අවස්ථාව අහිමි කිරීමට උත්සහ දැරීම ඉතා අසාධාරණ බව මෙහිදී මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය  ප්‍රකාශ කළේ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ නියෝජ්‍ය පොලිස්පතිනි තනතුර අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතු වලට යම් පිරිසක් එළඹ සිටීම පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු කාත්තා මන්ත්‍රීවරියන් විසින් හෙලා දකින බවත්,එයට එරෙහිව මේ රටේ සියලු කාන්තාවන් මෙන්ම තම දියණිවරුන්ගේ සාර්ථකත්වය බලාපොරෙත්තු වන සියලු දෙමාපියන්ද ඒකරාශී විය යුතු බවත්ය.

මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන රෝහිණි විජේරත්න මහත්මිය සඳහන් කළේ බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය තම රාජකාරි නිසි අයුරින් ඉටු කිරිම වෙනුවෙන් ඇයට හිමි උසස්වීම ලබා ගැනීමට එරෙහිව මේ රටේ පුරුෂ සමාජය කටයුතු කිරිම පිළිකුල් සහගත බවය. මේ ආකාරයට කාන්තාවන් හිංසනයට ලක් කිරීම රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමේදී විශාල බාධාවක් බවත් විශේෂයෙන් කාන්තාවන් සේවා ස්ථානයන් තුළ ශාරීරිකව හෝ මානසිකව පීඩාවට ලක් කිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ලංකාවේ ජාතික නායකත්වයන් සඳහා කාන්තාවන් පත්වීමේ උදාහරණ ඕනෑතරම් ඇති බවත්, ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පත්වීම, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීම, අග්‍රවිනිශ්චයකාරවරිය ලෙස ශිරානි බණ්ඩාරනායක මහත්මිය පත්වීම උදාහරණ වශයෙන් දැක්විය හැකි බවත් පෙන්වාදුන් මන්ත්‍රීවරියෝ නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයක් කාන්තාවකට දැරිය නොහැකි බවට ප්‍රකාශ කිරීම උචිත නොවන බව සඳහන් කළහ.  

මෙහිදී සභාපතිවරිය තවදුරටත් පෙන්වා දුන්නේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ වන්නේ ව්‍යවස්ථාදායකය තුළ සහ නීති සම්පාදනයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම බවයි. මේ නිසාම මෙරටේ ක්‍රියාකාරී දේශපාලනය තුළ කාන්තා දායකත්වය වර්ධනය කිරීම සඳහා සංසදය විසින් සියළු දේශපාලන පක්ෂ දැනුම්වත් කොට ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීමට කටයුතු කරන බවද සභාපතිවරිය සඳහන් කළාය.   

 



අදහස් (15)

නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් මන්ත්‍රීවරියෝ සටනට බසිති

fairoos Thursday, 18 February 2021 09:27 AM

අනිවාර්යයෙන්ම... ඔයාලගේ ආණ්ඩුවනේ පත්කළේ... දැන් ඉතින් සටනට බහින්න ඕනේ තමයි.

:       5       27

KUSAL DE COSTA Thursday, 18 February 2021 09:48 AM

මේ අයට රණ්ඩු වෙන්න දෙයක් ඇත්තටම නැතිනම් මේ වගේ සුලු දෙයක් හරි අල්ලගන්නවා. තමුන්ගේ ඇස්වල සර්ජරි එකට කාන්තා දොස්තර කෙනෙක් ළඟට යන්න පුළුවන් කෙනෙක් DIG වුණාම තමයි ප්‍රශ්නේ. මේ කිසිඳු තනතුරක් ඕනෑවට වඩා ලොකු කරගන්න එපා. මේවා සරල දේවල්.

:       8       19

විපරමා Thursday, 18 February 2021 10:00 AM

ගැහැණුන්ට සමතැන දෙන්න එපැයි.

:       0       7

බද්රානි Thursday, 18 February 2021 10:17 AM

අර කියාපු "බණ්ඩාරනායක" කාන්තාවන් තිදෙනාට සම කරන්න පුලුවන්ද?, ඔය සටනට ඇවිත් තියන කාන්තාවන්.. සමහරු හොඳයි වේදිකාවල විලාප තියන්න. අනික මේ ගෝත්‍රික සමාජයට මොන කාන්තා අයිතිවාසිකම්ද?

:       13       14

sena Thursday, 18 February 2021 11:31 AM

අපේ ප්‍රශ්න අපිට අමතක කරවන්න ආණ්ඩුව මොකක්හරි විකාරයක් එළියට දානවා. මේ නෝනලා සෙට් එකම ඉන්නේ ආණ්ඩුව ඇතුළෙනේ. ඉතින් මොකක්ද අදාළ ඇමැතිවරයා එක්කහරි ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ නැතිව නටන මේ නාඩගම?

:       3       18

අප්පුහාමි Thursday, 18 February 2021 12:11 PM

හරියට හරි .. ඕකට මාධ්‍ය සාකච්ඡා තියන්න දෙයක් නැහැ. රජයක් හැටියට නීති සකසන්න තියෙන්නේ.. මේ කාන්තාවට පමණක් නෙමේ සෑම කාන්තාවකටම අායෙ මෙහෙම දෙයක් නොවෙන්න. මෙව්වා ඔක්කොම බොරු ෂෝ..

:       2       11

C.K.Lankaputhra Thursday, 18 February 2021 12:19 PM

මේවා නරි නාටක. යම් රාජ්‍ය නිලධාරියෙක් යම් තනතුරකට පත් කිරීමේදී එම පත් කිරීමෙන් තවත් එවැනි නිලධාරියෙකුට අසාධාරණයක් සිදුව ඇත්නම් අවසානයේ අධිකරණයෙන් සාධාරණයක් අයැද සිටීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. සාධාරණය ඉටුකිරීම අධිකරණ කර්තව්‍යයක්. උගත් යයි සම්මත මේ අය නීතිය නොදැන සිටීම ලැජ්ජා සහගතයි.

:       2       12

Sanju Thursday, 18 February 2021 01:34 PM

ලංකාවේ නීතියක් තියෙනවද? සාධාරණය හා යුක්තිය ඒ තැන්වලින් සිදුවෙනවාද?

:       0       7

සුදත් ශ්‍රී Thursday, 18 February 2021 12:50 PM

ඒ පොලිස් නිලධාරීන් මේකට විරුද්ධ ඇයි කියලා කියන්න ඉඩ දෙන්න. කරුණු හරිහැටි නොදැන මෝඩයින් වගේ හැසිරෙන්නේ නැතිව. පස්සේ තීරණය කරන්න පුළුවන් සාධාරණද? නැද්ද? කියලා.

:       3       9

ආනන්ද මුරුත්තෙට්ටුව - නාරාහේන්පිට Thursday, 18 February 2021 03:53 PM

සීතා නෝනත් ඉන්නේ....

:       2       4

PereraFriday, 19 February 2021 03:00 AM

ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිනවා නම් මේවාටත් සහභාගි වෙන්න එපෑයෑ.

:       0       1

sampath Thursday, 18 February 2021 07:44 PM

ලංකාවේ අගමැති, ජනාධිපති වගේ තනතුරු කාන්තාවන් දරලා තියෙද්දී ඕක කජ්ජක්ද? ඒත් මට නම් හිතෙන්නේ කවුරු ආවත් සිස්ටම් එන නිසා මෙම පුහු තර්ක ගමෙන් ආවත්, පොඩි තැනින් ආවත්, ලොකු තැනින් ආවත්, නගරෙන් ආවත් අවසානයේ එකම ගොහොරුවකට වැටෙන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු මිනිස්සු කෝ..? මොනවද කරන්නේ? හොඳට හිතලා බලලා කියන්නකෝ..?

:       0       0

rocky Friday, 19 February 2021 02:14 AM

ලෝකයේ කිසිම කාන්තාවක් බුදු වෙලා නැහැ. කිසිම දාර්ශනිකවරියක් නැහැ. මුල් පෙළේ චිත්‍ර ශිල්පිනියක් හෝ සංගීතඥවරියක් පහළ වෙලා නැහැ. නරකද ඒවා ගැනත් හිතුවා නම්...?

:       0       2

sharm warn Friday, 19 February 2021 03:04 AM

මේ පෙත්සමෙන් පේනවා ලංකාවේ මිනිස්සු මොනතරම් ගල්යුගයට ගිහින්ද කියලා. කාන්තාවකට රටේ අගමැති වෙන්න, ජනාධිපති වෙන්න, පුළුවන්... නියෝජ්‍ය පොලිස්පති වෙන්න බැහැ. ඇයි මේ? මේවා ජාත්‍යන්තරයට යන විහිළු නෙමෙයිද? මේ නෝනලා ඉදිරියට ආව එක ගැන මම සතුටුයි.

:       0       1

sisira Monday, 22 February 2021 02:28 AM

අම්මලා, ඔය ගොල්ලන්ට අද තියන දරුණුම ප්‍රශ්නය ඕකද? නඩු තීන්දුව ලැබෙන තෙක් ඉවසන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 30 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 2 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 66 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 647 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 806 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 469 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site