(මොහොමඩ් ආසික්)
බන්ධනාගාර නියාමකවරයකු සහ ඔහුගේ පුතා දැලි පිහියකින් කපා තුවාල සිදු කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද( 17 ) අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.
බන්ධනාගාර නිලධාරිවරයා සිය සේවය අවසන් කර නිවසට පැමිණෙන අවස්ථාවේ නිවස ඉදිර්රිපිටදී පුද්ගලයෙකු මූත්‍රා කරමින් සිටිනු දැක ඒ ගැන විමසීමේදී ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස් එම පුද්ගලයා විසින් ඔහුගේ මිතුරකුද එම ස්ථානයට ගෙන්වා ගෙන මෙලෙස දැලි පිහියෙන් කපා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
එම සැකකරු විසින් ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව එම ස්ථානයට වෑන් රථයකින් පැමිණි මිතුරාද සමඟ එක්ව මෙලෙස දැලි පිහියෙන් කපා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
මෙලෙස දැලි පිහියෙන් කැපීම නිසා බරපතළ තුවාල ලබා ඇති බන්ධනාගාර නිලධාරිවරයා සහ ඔහුගේ පුතා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ශාලික, උප පොලිස් පරීක්ෂක මහින්ද, උප පොලිස් පරීක්ෂක ආනන්ද, උප පොලිස් පරීක්ෂක අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීෂණ සිදු කරති.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නියාමක තාත්තාට - පුතාට දැලි පිහි ප්‍රහාරයක්
අගුපිලගේ Sunday, 17 October 2021 04:51 PM
මුත්‍රා කිරීමට කෙනෙකුගේ නිවසද දොරද ගැහැනු කෙනකු හෝ තරුණියක් ඉදිරිපිටද කිසිවක් අදාල නැහැ හිතුන තැනක මුත්‍රා කරනවා.
chandanaSunday, 17 October 2021 09:32 PM
තමුන් එහෙම නම් අම්මා, අක්කලා නංගිලා නැති කාලකන්නියෙකි.
RaveendraMonday, 18 October 2021 10:16 AM
ඔබ අදහස් කරන්නේ හිතුනු හිතුනු තැන මුත්‍රා කිරීම සුදුසු බවද ?
GEMUNUMonday, 18 October 2021 11:07 AM
නමටම හරියන කොමෙන්ට් එක.
Shantha - Qatar Sunday, 17 October 2021 05:51 PM
මට දැනෙන විදිහට නියාමකතුමා ටිකක් වැඩිපුර කතා කරලා වගේ.. එහෙම වුණා නම් පුතාට සිදුවූ දේ ගැන දුකයි.
fairoos Sunday, 17 October 2021 06:10 PM
දැන්නම් විනය හොඳටම පිරිහිලා...
පිටිගල මිලානෝ Sunday, 17 October 2021 07:21 PM
බඩු බනිස් වෙනවා කියන්නේ මේකටයි. ගජමිතුරන් දෙදෙනාට යමරජ්ජුරුවන්ගේම පිහිටයි රිමාන්ඩ් කරාට පස්සේ.
Thilak Monday, 18 October 2021 06:25 AM
අනේ මේ මම ඉපදුන රටද?