(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදීගෙන ඇති ඖෂධ වලින් යම් තොගයක් තත්වයෙන් අසමත්වීම, කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් එම සංස්ථාවට 2020 සහ 2021 වර්ෂවලදී රුපියල් කෝටි 19 කට වැඩි පාඩුවක් දැරීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
සංස්ථාව මිලදී ගෙන ඇති( 2021 ජනවාරි 1වැනිදා වනවිට ) ඖෂධවලින් රුපියල් කෝටි 21 ට වැඩි වටිනා ඖෂධ තොගයක් තත්වයෙන් අසමත්වී , කල් ඉකුත්වී සහ හානිවී තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
සංස්ථාව පසුගිය 2021 වර්ෂයේදී මිලදී ගත් ඖෂධ අතුරින් රුපියල් කෝටි 13කට ආසන්න වටිනා තොගයක් තත්වයෙන් අසමත් කල් ඉකුත් වූ හා හානි වූ ඒවා වශයෙන් හඳුනාගත් බව පවසන විගණන කාර්යාලය 2020 සහ 2021 වර්ෂවලදී හඳුනාගත් රුපියල් කෝටි හතරකට වැඩි වටිනා තත්වයෙන් අසමත් ඖෂධවල වටිනාකමින් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක්
සැපයුම්කරුවන්ගෙන් පසුගිය වසරේ ජුනි මස 1 වැනිදා වනවිටත් අය කරගෙන නොතිබූ බව ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව 2021 සහ 2022 වර්ෂවලදී ආනයනය කර ඇති ඉන්ඩෙන්ටු විසි අටකට අදාල බහලුම් 28 ක් 2021 අගෝස්තු 20 වැනිදා සිට 2022 පෙබරවාරි මස 21 වැනිදා දක්වා මාස හයක කාලයක් පෞද්ගලික ගබඩාවක රඳවා තබා ගෙන තිබූ බවත් එම ගබඩාව සඳහා සංස්ථාව රුපියල් හාර කෝටි අසූ දෙලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබූ නමුත් සංස්ථාවට දැරීමට සිදු වූ මෙම අතිරේක පිරිවැය වෛද්‍ය සැපයුම් අංශයෙන් අය කරගෙන නොතිබූ බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.
සංස්ථාවට මෙම ඖෂධ තොග පෞද්ගලික ගබඩාවක තැන්පත් කිරීමට සිදුව ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශ ගබඩා සංකීර්ණයේ ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොතිබීම හේතුවෙන් බව විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
නරක්වූ ඖෂධවලින් සංස්ථාවට කෝටි 19ක පාඩුවක්