IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ

නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (15) අත්සන් තැබුවාය.

ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙම ගැසට් පත්‍රයේ ඇතුළත්ය.

ඒ අනුව, එම නීති කඩ කරන පුද්ගලයන්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 6 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබෙනු ඇත.

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇත.

*සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.

*දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

*සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

*විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.

*ඇතුළුවන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම.

*සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම යනාදිය ඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් පියවර ගෙන ඇත.

(055)



අදහස් (29)

නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ

Nuwan Thursday, 15 October 2020 12:56 PM

අර විද්වත් සභාවේ ඉන්න ඇඟලුම් කම්හල් ලොක්කාව අවුරුදු 1000ක් වත් හිරේ දාන්න වේවි... ඕක හරියට ක්‍රියාත්මක කළොත්. නමුත් එතුමා ලොක්කෙක්ට ඡන්ද වැඩට බිලියන ගාණක් වියදම් කළානේ... දැන් මොකද කරන්නේ?

:       1       73

MaxThursday, 15 October 2020 03:17 PM

නුවන් මහත්තයා අැහුවේ අර 2015 දාපු ජාතික විද්වත් සභාවේ කට්ටිය පිළිබඳවද?

:       48       6

දිමුත්Friday, 16 October 2020 04:05 AM

නැහැ.. නැහැ.. අර 2020 ආපු වියත්තු ගැන.

:       0       6

China manFriday, 16 October 2020 05:50 AM

ඔන්න බයියන්ට තියෙන ලෙඩේ ඉස්මතු වුණා. කොයිවෙලේත් වලිගේ පාගා ගන්නවා. අහන්නේ එකක්... උත්තර දෙන්නේ තව එහෙකට..

:       0       4

NuwanFriday, 16 October 2020 06:20 AM

මැක්ස් මහත්තයෝ මාගේ අවුරුදු ගාණක කමෙන්ටු බැලුවොත් තේරේවි මම ඔබ වගේ නිල්, කොළ, රතු, කුරහන් සාටක එකී, මෙකී, නොකී දේශපාලන පක්ෂයකට කඩේ නොයන බව. ඒ හින්දා දේශපාලනික ගැත්තෙක්, වහලෙක් වෙලා විනාශය දැක දැක තමා කැමැති, රටට වැඩක් නැති දේශපාලකයන්ට කඩේ යාම තම දෙමාපියන්ට කරන නිග්‍රහයක්..!! 

:       2       7

fairoos Thursday, 15 October 2020 01:04 PM

නියමයි... එක රටක්.. එක නීතියක්...

:       9       24

Hafeel Thursday, 15 October 2020 03:19 PM

ඒ වුණාට චීන, ඇමෙරිකාව සහ ඉන්දියාවට මේ නීති අදාළ නැහැ. අපි දැක්කා තොණ්ඩමන්ගේ අවමගුලේදී.. දියණිය පිටරටින් ඇවිල්ලා නිරෝධායන නීති නැතිවම සහභාගී වුණා. ඉතින් මේ ආණ්ඩුව කියන්නේ කාටත් එක හා සමාන නීතියක්ලු..

:       2       48

KooralageFriday, 16 October 2020 05:30 AM

අහිංසක මහජනතාවට නීති මෙහෙම නම්... කෝ අර බ්‍රැන්ඩික්ස් ලොක්කන්ට මොකක්වත් නීතියක් හරි, කිසිම දඬුවමක් හරි නැහැනේ. ඉතින් එක රටක්, එක නීතියක්... අනේද කියන්නේ. අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 15 October 2020 01:22 PM

ඇමැති නෝනා.. , මේ සඳහා නීති ගෙන ඒම වැදගත්... ඒත්, අර රැල්ල නිර්මාණය කළ බ්‍රැන්ඩික්ස් එකේ කට්ටියට මේ රටේ නීතිය බලපාන්නේ නැතුවා වගෙයි නේද..? ඒ වගේම අර Phi වරුන්ට හෝ නොදන්නවා ඉන්දියාවෙන් ආවා යැයි කියන අයට හා ඒ අය ගෙන්වූ අයට.. එතකොට අර ළමයින්ට රෝග ලක්ෂණ තිබිලත්, බෙහෙත් ගන්න ඉඩනොදීපු අයට... ඒ විතරක් නෙමෙයි කොරෝනා මර්දන වැඩපිළිවෙළේ සමහර දෙනා තම වගකීම් හරිහැටි ඉටුනොකොට සිටි නිසා ඔවුන්ට.. අනේ සැමට සාධාරණ නීතිය..

:       2       66

විජිත් Thursday, 15 October 2020 04:02 PM

බොහොම හරි සමිත, මමත් ඔබ සමග 100% එකඟයි. තව ටිකක් එකතු කරන්න තියෙනවා. කොරෝනා ආසාධිත ඉන්දියානුවන් පරීක්ෂා නොකරම ගුවන්තොටුපලෙන් කෙලින්ම ඔය කියන ආයතනයට යන්නට "ආවරණය" සලසපු හිටපු ගුවන් හමුදාවේ ලොක්කාට සහ ඔහුගේ සොක්කන්ට රුපියල් වලින් කීයක්ද දඩ ගහන්නේ..? මගේ නීතිය අනුව ...ජීවිතාන්තයටම සිර දඬුවම් දිය යුතුයි. ඔවුන් මුළු රටක්ම අනතුරේ හෙලුවා. ආණ්ඩුව කොයිතරම් බොරු කරන්න හැදුවත් විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පසුගිය සුමානේ කීවා ඉන්දියන්කාරයින් වගයක් ලංකාවට ආවා කියලා. හැබැයි කවුරුත් දන්නේ නැහැ ඔවුන්ට මොනවද වුනේ කියලා. ඒ වගේම සියලුම සාක්ෂි රහසිගතව එකතුකරගත් පසු ඔය ආයතනයට විරුද්ධව විශාල වන්දියක් ඉල්ලා නඩු පවරන්නට අවස්ථාව තියෙනවා. දියුණු රටවලනම් එය සිදු කරනවා. නමුත් නීතියක් නැති, කොන්ද කඩාපු අබ්බගාත නඩු කාරයින් ටිකක් නඩු අහන මේ ධර්මද්වීපයේ නඩු තීන්දු ගැන මොන කතාද...? ජනාධිපතිත් ඇප පිට ඉන්න, මළමිනියක් රට පාලනය කරන රටක සාධාරණයක් ඉටුවේවිද?

:       0       11

nimalThursday, 15 October 2020 04:57 PM

මොනවද සමිත මේ කියවන්නේ..? එතුමිය කියන්නේ ගැසට් එක නිකුත් වුණාට පසුව දඩය රුපියල් 10000ක් හෝ මාස 06ක සිර දඬුවමක් හෝ මේ දෙකම. පසුගිය සිදුවීම් වෙලා ඉවරනේ. දැන් ඒවාට දඬුවම් දෙන්න බැහැ.

:       7       0

සමිත සේනක අලුත්ගමගේ.Friday, 16 October 2020 01:47 PM

කඩේ යන නිමල්ට තදවීම පුදුමයක් නොවේ..

:       0       7

siri Thursday, 15 October 2020 01:27 PM

පිටරටින් එන ඉහළ පැළැන්තියේ බලධාරීන්ට ඔය නීතිය වලංගු නැද්ද ඇමැතිතුමනි...? දන්නේ නැති නිසයි අහන්නේ..

:       2       46

pradeepa Thursday, 15 October 2020 01:44 PM

ඔය දමන නීතිය ඇමැතිවරුන්ට, ජනාධිපතිට, අගමැතිට හා ආණ්ඩුවේ අයට අදාළ නැද්ද? මොකද පොඩි මනුස්සයා විතරයි අන්තිමට දඬුවම් විඳින්නේ. දැන් තියෙන්නේ එක නීතියක් නොවේ.. රටට එකක්, චීනයට තව එකක්, ගමේ සිරිපාලට තව එකක්, තොණ්ඩමන්ලාට තව එකක්. එමනිසා අපිට දැනගන්න පුළුවන්ද මේ නීතිය අදාළ නොවන අය කවුද කියලා..

:       0       50

kalil Thursday, 15 October 2020 01:47 PM

මෙයා කොහොමද එහෙම කියන්නේ...? මේක අධිකරණයට අයිති දෙයක්...

:       2       33

Viki Thursday, 15 October 2020 02:22 PM

පච නොකියා වැඩේ හරියට කරන්න දැන් වැඩේ ටිකක් අමාරුයි වගේ...

:       0       40

De Thursday, 15 October 2020 02:27 PM

බොහොම හොඳයි... එතකොට මහබැංකුව එහෙම කැඩුවොත්? නෑ නෑ මම මේ නිකන් ඇහුවේ...

:       4       22

NishanSaturday, 17 October 2020 02:04 AM

මහ බංකුව කඩලා නැතුව ඇති. ඒකනේ හොරුන්ව ඇල්ලුවේ නැත්තේ... ඇල්ලුවේ නෑ විතරක් නෙවෙයි අල්ලලා හිරේ හිටපු හොරාත් නිදහස් කළා.

:       0       0

tharidu Thursday, 15 October 2020 04:12 PM

මෙයාලා සද්ද විතරයි. වැඩ නෑ. නමුත් කවුද කිව්වලු එක රටක්.. එක නීතියක් කියලා.. ඒ රට කොහේද තියෙන්නේ සීයේ..?

:       0       33

kumaa Thursday, 15 October 2020 04:13 PM

දැන් අනාගෙන වගේ ඉන්නේ.. එක රටක් නීති කෝටියක්...

:       0       29

දෙනෙත් Thursday, 15 October 2020 04:23 PM

ඇමතිට ඕනේ ඕනේ විදිහට දඬුවම් නීති නියම කරන්න බෑ. එක්කෝ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්න ඕනේ. නැත්නම් පාර්ලිමේන්තු පනතක් ගේන්න ඕනේ. මෙහෙම ගැසට් වලින් දඬුවම් නීති පනවන්න පුලුවන් නම් පාර්ලිමේන්තුවක් මොකටද?

:       0       2

THAMIDU Thursday, 15 October 2020 05:59 PM

කොරෝනා අස්සේ 20 ගේන්න යනවා කියන්නේ ඇත්තද මල්ලි..?

:       0       0

ශානික Thursday, 15 October 2020 06:24 PM

සල්ලි තණ්හාවට ඇඳුම් කන්ට්‍රැක්ට් එක ගන්න ඉන්දියන් අය ලංකාවට ගෙනත් නිරෝධානය නොකර හොරපාරෙන් පන්නලා මුලු රටම කෑවා.. මිනිස්සු මරවා මරවා බැන බැන වැඩ ගන්න ලෙඩකටවත් නිවාඩු නොදෙන ශ්‍රමය සූරාකන මෙය ඇතුලු අනිකුත් ගාමන්ට්‍ වලට නීතිය ක්‍රියාත්මක කරලා හිමිකරු අධ්‍යක්ෂකලා ඇතුලු සේවකයින්ට බලපෑම් කළ සේරම හිරේ යවන්න ඕනෑ.. විදේශ විනිමය ගේනවා කියලා මානව හිමිකම් නැතිකරන්න, මිනිස්සු මරවා මරවා වැඩ ගන්න ගාමන්ට්වලට අයිතියක් නෑ. ලංකාවට මීට වඩා දැඩි කම්කරු නීතිරීති අවශ්‍යයි. රටට මේ කරපු විනාශයට සියලුම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා රජයට පවරාගෙන ඒවා කොරෝනා රෝගී ප්‍රතිකාර මධ්‍යස්තාන කරන්න.

:       0       2

Sisira Thursday, 15 October 2020 08:03 PM

අර පැනපු ඇමැතිත් අල්ලනවෝ..!!!

:       0       3

ranjith Thursday, 15 October 2020 11:00 PM

රටටම මේ වසංගතය පතුරපු මුල හොයන්නේ නැතිව රටේ මිනිස්සුන්ට නීති දානවා.

:       0       3

Prasad Friday, 16 October 2020 02:55 AM

පවිත්‍රා නෝනේ... ඔය නීතිය අපිට විතරද? මහ කකුලුවෝ දෙන්නා ඇදේටනේ යන්නේ...

:       0       5

Asanga Friday, 16 October 2020 03:20 AM

නීති සම්පාදනය රජයේ වැඩක්. එය කාටත් පොදුවේ ක්‍රියාත්මක කිරීමත් රජයේ වගකීමක්. දැන් මෙතැන වැරැදි කවුද? 

:       2       0

Punyasoma Friday, 16 October 2020 03:29 AM

දඩගහන එක අගමැතිතුමාගෙන්ම පටන් ගත්තා නම් හොඳයි. මම දැක්කා අර චීන්නු ටික ආපු වෙලාවේ මහින්ද ලොක්කා මාස්ක් එකක් දාන්නේ නැතුව හිටියා. එක රටක් එක නීතියක්.

:       0       6

kamal Friday, 16 October 2020 06:52 AM

එක රටක්, එක නීතියක් ඔබට සවිශක්තිය නැතිනම්. තවරටක්, තව නීතියක් ඔබට සවිශක්තිය නැතිනම්... ඔන්න පැහැදිලි කළා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 45 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 415 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 286 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 152 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 698 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 168 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1012 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site