කොල්ලුපිටිය අරලියගහමන්ධිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට සිටි පිරිසක් සහ කැබ්රථයක් බසයක් ද කොල්ලුපිටිය බේරේවැවට උස්සා දැමීමට තරුණ අරගලකරුවෝ පිරිසක් කටයුතු කළහ.
අරගල භූමියට පහරදීමෙන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එම පිරිස් ඔවුන් පැමිණි බස් රථ සොයා නගරය පුරා දිව යද්දී 20 පමණ පිරිසක් එසේ බේරේ වැවට උස්සා දමා ඇත. ඇතැම් පිරිස් නගරයේ විවිධ ස්ථානව විදුලි කණුවල ගැටගසා සිටිනු දක්නට ලැබිණි.
සුඛෝප භෝගී කැබ් රථයක් පහරදුන් බව කියන පිරිස පැමිණි බව කියන බස් රථයක් ද එසේ තල්ලුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තරජාලයේ සැරිසරයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි
ලක්සිරි පැරිස් Monday, 09 May 2022 05:36 PM
නියමයි, අහිංසක විරෝධයට ගැසුවාට...!
ravin Monday, 09 May 2022 06:01 PM
මේ ගොල්ලන්ට නොවේ. පිටිපස්සේ ඉන්න හාල්පාරුවන්ව හොයලා දියේ ගිල්වමින් කරපු මැරකම් හා ශිෂ්ඨ සමාජ විරෝධී ක්‍රියාවන් කටින්ම පිටකර ගන්න ඕනේ..
Kanthi Monday, 09 May 2022 07:03 PM
ජොන්ස්ටන්ගේ අරක්කු නේද බිව්වේ...? එහෙනම් ඉතින් ඔය කුණු වතුරේ බැහැලා හිටපල්ලා වෙරි හිඳෙනතුරු.. කාලකන්නි මෝඩ මිනිස්සු.
Nimalka Monday, 09 May 2022 08:42 PM
අරගලකරුවන් ශිෂ්ඨ සම්පන්න ජාතියක් බේරේ වැවට දානදවස ළඟ එනවා.