( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය ධූරයෙන් සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීන නළු හා එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන සෞම්‍ය ලියනගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර එම විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීන තබ්ලා වාදක හා වැඩසටහන් පූරකවරයෙකු වන පේෂල මනෝජ් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
නීතිඥ තුෂාරි ජයවර්ධන මගින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, එහි නිසි බලධාරීන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. අබේරත්න ඇතුළු දහ අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
එම තනතුරු වලින් තමා ඉවත් කිරීමෙන් සිදුවූ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබා දෙන ලෙස සෞම්‍ය ලියනගේ මහතා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
සහකාර කථිකාචාර්ය වරයකු ලෙස සේවයට එක් වූ පෙත්සම් කරුගේ සේවය 2015 වසරේදී ස්ථිර කල බවත් පසුව ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මහාචාර්ය ධූරයට ත් පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ධූරයට ත් උසස් කළ බව පෙත්සමෙහි දැක්වේ.
එහෙත් ඉකුත් සැප්තැම්බර් මස 25වැනිදා තමන් එම ධූරයන්ගෙන් ඉවත් කල බව දක්වා ලිපියක් ලැබුණු බව පෙත්සම් කරු කියයි. කථිකාචාර්ය වරයකු ලෙස තම පරිවාස කාලය නිම වන්නට පෙර ආචාර්ය උපාධිය සම්පූර්ණ කර නොතිබීම ඊට හේතුව ලෙස සදහන් කර තිබූ බවද පෙත්සම්කාර සෞම්‍ය ලියනගේ මහතා සිය පෙත්සමින් කියා සිටී.
එහෙත් තමන් එම උපාධිය නිසි පරිදි සම්පූර්ණ කර ඇති බව සදහන් කරන පෙත්සම් කරු විධිමත් විමර්ශනයක් හෝ තමාගෙන් කරුණු විමසීමකින් තොරව එලෙස තනතුරු වලින් තමා ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ14(1)වගන්ති වලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද සිය පෙත්සමේ සදහන් කර ඇත.
එබැවින් එම තීරණ ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ත් එම තනතුරු වලට නැවත තමා පත් කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත.
මේ අතර එම කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සහකාර කථිකාචාර්ය ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පේෂල මනෝජ් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, එහි නිසි බලධාරියා වන මහාචාර්ය ඩබ්ලිව්. එම්. අබේරත්න , විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
විනය පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලියට පටහැනිව යමින් විනය පරීක්ෂණයක් පවත්වා සිය සේවය අත් හිටුවීමට වගඋත්තර කරුවන් ගත් තීරණය අසාධාරණ සහ අත්තනෝමතික බව පෙත්සම් කරු සදහන් කර ඇත.
එබැවින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.එසේම තමන් දැරු තනතුරට නැවත තමා පත් කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් කරන ලෙස පෙත්සම්කාර පේෂල මනෝජ් මහතා අභියාචනාධිකරණයෙන් සිටී.
මෙම පෙත්සම් වෙනුවෙන් නීතීඥ තුෂාරි ජයවර්ධන මහත්මිය ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටීමට නියමිතය .
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෙරපීමට එරෙහිව සෞම්‍ය - පේෂල අධිකරණයට යති
samanali Wednesday, 14 October 2020 11:33 AM
තබ්ලා ජෝකර් කොහොමද ගිය ආණ්ඩුවෙන් සුදුසුකම් නොමැතිව කථිකාචාර්ය කරේ කියලත් හොයන්න...
chandana - wattalaWednesday, 14 October 2020 12:13 PM
නොදැන,එහෙමත් නැතිනම් ඉරිසියාවට මිනිස්සුන්ට මඩ ගහන්න එපා. ඔහු ඉන්දියාවේදී තබ්ලා වාදනය පිළිබඳව හදාරා ආපු අයෙක් බව දැනගන්න. ඔබ වැනි බොරු කතාදමන මෝඩ පුද්ගලයින් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔබ ඔබගේ නම සඳහන් නොකරන්නේ ඔබ බොරු කියලා අහුවෙන්න ඇති බය නිසයි.
Rata PerataThursday, 15 October 2020 06:39 AM
මේ පුද්ගලයන්ට අපහස කරලා සතුටක් ලබනවා වගේ. මේ වගේ අය එක්ක කොහොමද රටක් හදන්නේ.
Sk Wednesday, 14 October 2020 03:45 PM
දේශපාලනය හින්දා ගත්ත පත්වීම්ද මේ..?
priyantha Wednesday, 14 October 2020 10:08 PM
පී.එච්.ඩී. නැතිව මහාචාර්ය වුණේ කොහොමද?
vikuThursday, 15 October 2020 10:36 AM
මුල් කාලේ තිබ්බ සර්කියුලර්වලින් එහෙම පුලුවන් වුණා. එ්ත් පසුව එවා වෙනස් වුණා. මම දන්නවා සමහරු විශ්විද්‍යාලවලට බඳවාගෙන තියෙනවා වැරදිලා, විශේෂයෙන්ම ඔය විශ්වවිද්‍යාවල තියෙන පාලක සභා අහොසි කළ යුතුයි.. ඔයවගේ ඉන්න එවුන් තමයි ඕවා ඔක්කොම කරන්නේ...
දිමුත් Thursday, 15 October 2020 04:24 AM
සෞම්‍ය යනු දක්ෂයෙක්, උගතෙක්. ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්!
vikum Thursday, 15 October 2020 05:30 AM
විශ්වවිද්‍යාලවලින් ගුරුවරු ඉවත් කරනවානම් මම හිතන්නේ දැනට ඉන්න 75% දෙනා ඉවත් කල යුතුවෙනවා.
sudesh Thursday, 15 October 2020 05:43 AM
මෙයා ටී.වී චැනල් වල නටන පිස්සු දැක්කම විිශ්ව විද්‍යාලයෙන් නොවෙයි කොහෙන් පන්නන්ද කියලා හිතෙනවා.?
jaliya Thursday, 15 October 2020 09:33 AM
විශ්වවිද්‍යාල යම් පිරිසකගේ ආධිපත්‍යයට යටත්වෙලා. ජනාධිපතිතුමාගේ ශක්තිය පාවිච්චි කරමින් මේ අය හැසිරෙනවා. දක්ෂයින්ට සාධාරණ ක්‍රමයකින් විශ්වවිද්‍යාල වෘත්තීයට ඇතුළු වීමට ඇති අවස්ථාව අහිමිවෙලා. සේරම සිදුවන්නේ හිතවත්කමට ඉගෙනගත් පාසල අනුව... පවතින නීති එහි ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ නඩුවෙන් හරී ඔය පාලකයින් ලෙස කටයුතු කරන අයට දඬුවම් ලැබිය යුතුයි.
ලලිත් අම්බලන්ගොඩගේ Friday, 16 October 2020 01:47 AM
කොහොම වුණත් පේෂල.. ඔබගේ හැසිරීම එතරම් ගැලපෙන්නේ නැහැ. ඔබ මොන වැඩ සටහනක් කළත් ඔබ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරයෙක් බව අමතක කරන්න එපා. ඔබ බීඩියක් බිබී පාරේ ගියොත් ඔබ ගැන සමාජයට යන පණිවුඩය මොකක්ද? ඔබට පුලුවන්ද අමුඩයක් ගහං ගඟේ නාන්න. ඒ නිසා රැකියාවත් සමගම අපිට යම් යම් සීමාවලට යටවෙන්න වෙනවා. ඔබ දක්ෂයි. නමුත් ඔබ ඔබගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන නැහැ. ඒ පිළිබඳ ඔබට නිසි අවවාද ලැබුණා නම් ඔබ ඔය වගේ අපහසුතාවලට පත් වෙන්නෙත් නැහැ. ගුරුවරයෙක්, කථිකාචාර්යවරයෙක් කියන්නේ ඇත්තටම හාමුදුරු කෙනෙක් වගේ ඉතා මැනවින් තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගත යුතු කෙනෙක්... හාමුරුවන්ට හැර දෑත් එකතු කරලා වඳින්නේ ගුරුවරුන්ට විතරයි. ඒකයි ගුරු භවතුන් කියන්නේ. අපේ ගමෙත් ඉන්නවා සමහර ටියුෂන් දෙන අය ඕන්න ඔය විදියට... ටියුෂන් එකෙත් ඉන්නවා දෙපිරිසක්. එක පිරිසක් ටියුෂන් සර්ලා. අනික් පිරිස ටියුෂන් කාරයින්. දැන්වත් හිතන්න.