IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නෝර්වේ තානාපතිනිය කතානායක හමුවෙයි

නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රීනා යුරන්ලි එස්කඩෙල් මහත්මිය අද (3) ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි ට්‍රීනා යුරන්ලි එස්කඩෙල් මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක කාර්යාලයේදී, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසෙමින් ඒ බව පැවැසුවාය.

නවවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබපැතුම් එක් කළ නෝර්වේ තානාපතිනිය පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද කතානායකවරයා සමඟ සාකච්ඡා කළාය.

දෙරටේ පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි සබඳතා හා සහක්‍රියාකාරීත්ව පිළිබඳවද නෝර්වේ තානාපතිනිය සහ කතානායකවරයා එහිදි අදහස් හුවමාරු කරගත්හ.

ඔස්ලෝ මධ්‍යස්ථානය මීට පෙර ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක කොටසක් වශයෙන් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණගැසුණු බවද ඇය මෙහිදි සිහිපත් කළාය. පොදු ඒකමතිකභාවය හා සන්ධානගතවීම් ගොඩනැගීමේදී නෝර්වේජියානු සන්දර්භය තුළින් උගත හැකි වටිනා පාඩම් හඳුනාගැනීම එම සංචාරයේ අරමුණ වූ බව තානාපතිවරිය කීවාය.
විවිධ රටවලින් ප්‍රායෝගික අත්දැකීම් උකහා ගැනීම තුළින් ඉගෙන ගැනීමේ සහ විවිධ පාර්ලිමේන්තු ආශ්‍රිතව මුහුණ පෑමට සිදු විය හැකි අභියෝග හා ගැටලු වෙත සාර්ථකව මුහුණ දීම සඳහා එකී අවස්ථාවලට නිරාවරණය වීමේ වැදගත්කම අවධාරණය කළ නෝර්වේ තානාපතිවරිය නෝර්වේ රාජ්‍යයේ පාර්ලිමේන්තු අත්දැකීම්වලින් උගත් පාඩම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බව ද කීවාය.

ආර්ථික සංවර්ධනය, සාගරික අංශය, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මෙන්ම ශ්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද මෙම කතානායකවරයා සහ තානාපතිවරිය තවදුරටත් සාකච්ඡා පැවැත්වූහ.

නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හිල්ඬේ බර්ග්-හැන්සන් මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික බස්නායක මහතා සහ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

055



අදහස් (1)

නෝර්වේ තානාපතිනිය කතානායක හමුවෙයි

Mohan Jinasena Thursday, 03 September 2020 01:00 PM

වටේ කාලා තමයි ඔවුන් ඇතුළට රිංගන්නේ...! රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගතයුතු වුණත් මොවුන් ගැන ඉතා පරිස්සම් විය යුතුයි! රජය සහ කථානායකතුමා අවධානයෙන් කටයුතු කළ යුතුයි! ඒ නයින් බැලුවහොත් සෑම උතුරු යුරෝපීය රටක්ම පාහේ අපට සැබෑ හිතවත්කමක් නැති බවයි මගේ වැටහීම...

:       14       119

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 794 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1391 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 535 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1499 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 806 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3278 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site