IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නෝර්වේ රටේ දුනු ඊතල ප්‍රහාරයක්

දුන්නකින් සහ ඊතලවලින් සන්නද්ධ වූ පුද්ගලයකු කළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ කොංග්ස්බර්ග් නුවර පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් දෙදෙනක් තුවාල ලැබූහ.

ප්‍රහාරකයා කඩිනමින් අත්අඩංගුවට ගත් බවත්, ඔහු එසේ ප්‍රහාරයක් එල්ල කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසා ඇත. පොලිස් විමර්ශන දිගටම සිදුවෙමින් පවතී.

'මේක ත්‍රස්ත ප්‍රහාරයක් යැයි අප සැක කරනවා. තවමත් ඒ බව නිල වශයෙන් පවසන්න විදියක් නැහැ. ප්‍රහාරය කළ තැනැත්තා නගරයෙව් ඇවිදිමින් දකින දකින පුද්ගලයන්ට ඊතල විදින්න පටන්ගෙන තිබෙනවා' යැයි පොලිස්පති ඔවන්ද් අස් පවසා තිබේ.

නෝර්වේ අග්‍රාමාත්‍යවරිය එර්නා සොල්බර්ග් ඔස්ලෝ අගනුවර සිට කියා සිටියේ එම ප්‍රහාරය සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණු බවය. 'මා දන්නවා මේ වෙලාවේ ජනතාව බොහෙම බයෙන් ඉන්නේ. ඒත් බය වෙන්න දෙයක් නැහැ. පොලිසිය තත්ත්වය සමථයකට පත් කළා. ඔවුන් අවශ්‍ය සියලු කටයුතු කරාවි' යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

ප්‍රහාරය එල්ල වූ කොංග්ස්බර්ග් නගරය ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට 28,000 කට වැඩි පිරිසකගෙන් පිරී තිබුණු බව පොලිසිය කියයි. ප්‍රහාරය එල්ල වෙද්දී මහත් සේ බියට පත්වුණු පිරිස් හිස් ලූලූ අත දිවයන්න වූහ. ප්‍රහාරය එල්ල වූයේ නොර්වේ වේලාවෙන් සවස 6.30 ට පමණි. පොලිසිය ප්‍රහාරකයා අල්ලා ගත්තේ ඔහු ප්‍රහාරය ආරම්භ කළ මිනිත්තු 20 ක් ගතවෙද්දීය.

(රොයිටර්)



අදහස් (6)

නෝර්වේ රටේ දුනු ඊතල ප්‍රහාරයක්

සිරිබිරිස් Thursday, 14 October 2021 08:28 AM

ඔය මනුස්සයා ලංකාවට එවන්න බැරිද ?

:       1       4

eresh S kumara Thursday, 14 October 2021 09:27 AM

රොබින්හුඩ් වෙන්න බැරිද.?

:       1       5

AS Thursday, 14 October 2021 10:12 AM

මොහුගේ මනස පිස්සු චට්ටපු මතවාදය කුමක්ද යන්න සොයා ගැනීම ඉතාම වැදගත්. කෙටි මාර්ගයකින් දෙවියන් ලගට යන්න කරපු උත්සාහයක්ද මේ?

:       3       5

SUNIL MILANO Thursday, 14 October 2021 11:54 AM

මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා.

:       3       3

Prabha Thursday, 14 October 2021 01:51 PM

ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ දෙන රටවල් වලට මේක හොඳ පාඩමක්

:       0       0

Raveendra Thursday, 14 October 2021 02:24 PM

අප කිසිවෙකු කරදරයේ වැටුණු විට හෝ කෙනෙකු අපහසුතාවයට පත්වූ විට සතුටු නොවන්නෝය.ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදින්ගේ බෙදුම්වාදයට දිය යටින් ගින්දර ගෙනියමින් හීන් නුලෙන් අප රට විනාශ කිරීමට නොර්වෙජියානුවන් නොකළ දෙයක් නොමැති තරම්ය. අද ඔවුන්ටද මේ දැනෙන්නේ ත්‍රස්තවාදයේ සුවඳද ? එය එසේ නම් දෛවයේ සරදමට නොවෙජියානුවන්ද හසුවී තිබෙනවා නොවේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1534 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1202 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 820 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6240 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2307 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 874 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site