(නිමල කොඩිතුවක්කු)
පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද (17) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ.
මේ හේතුවෙන් ඊයේ දිනයේ බොහෝ වෙළඳසැල් වසා තිබෙනුද දක්නට ලැබිණ.
එළවලු සහ පළතුරු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 400ක්, වම්බටු කිලෝවක් 440ක්, බටු කිලෝවක් 320ක්, දඹල කිලෝව 360ක් බණ්ඩක්කා කිලෝව 400ක් රට අල කිලෝව 260ක් ලංකා අල කිලෝව 380ක් බී ලූණු කිලෝව 240ක් කොස් කිලෝව 200ක් පේර කිලෝව රුපියල් 500 ක්, දිවුල් කිලෝව 450ක්, අලිපේර කිලෝව 500ක් පැෂන් කිලෝව 400 ක් ලෙස අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.
සුදු කැකුලු කිලෝවක් රුපියල් 240ක් ලෙසත්, කීරි සම්බා කිලෝව 260ක් ලෙසත්, බාස්මති තකිලෝව 440ක් ලෙසත් පරිප්පු කිලෝව 600ක් ලෙසත් කඩල කිලෝව 630ක් ලෙසත් මුං ඇට කිලෝව 870ක් ලෙසත් අළෙවි විය.
බිත්තරයක් රුපියල් 40ත් 43ත් අතර මිළකට අළෙවි වූ බවත් ඔව්හු පවසති.
මීගොඩ සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්තානද ජනතාව නොමැති වීමෙන් පාලු සබාවයක් ගෙන තිබූ බවත් වාර්තා විය.
මේ හේතුවෙන් එලවලු සහ පළතුරු අළෙවි කිරීමට නොහැකිව දැඩි දුෂ්කර තත්වයකට පත් වූ බවත් වෙළොන්දෝ පවසති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාරාහේන්පිට ආර්ථිකය පාලුවට යයි
පුරවැසියා.... Saturday, 18 June 2022 09:27 AM
අධි වේගයෙන් සියල්ල අමතක කර දමා ගමන් කිරීම වෙනුවෙන් දඬුවම් කිරීමට ස්වභාව ධර්මයා විසින් පියවර ගෙන ඇත. දැන්වත් අපි අපිම ගෙවත්තේ වවාගෙන කෑමට හුරු වෙමු....