IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නිල් භූතයා හඳට ගොඩබසී

‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම සඳ ගවේෂණයට යැවූ ‘බ්ලූ ගෝස්ට්’ (Blue Ghost) රොබෝ ගවේෂණ යානය අද (2) සාර්ථකව සඳට පතිත කළේය.

‘බ්ලූ ගෝස්ට්’ චන්ද්‍ර ගවේෂණ යානය, පෘථිවියෙන් නික්ම ගියේ පසුගිය ජනවාරි 15 වැනිදාය. පෘථිවි කක්ෂයේ සිට යානය සඳ බලා යන ගමනේ දී කෙමෙන් කෙමෙන් ඈත් වන පෘථිවියේ දසුන් පවා යානයේ කැමරාවල සටහන් විය. ඒවා ද පෘථිවියට ලැබී ඇත.

පෘථිවියෙන් නික්ම ගොස්, කිලෝ මීටර් 384,400 ක ගමනකින් පසු, ‘බ්ලූ ගෝස්ට්’ යානය, සඳ ආසන්නයට පැමිණ, පසුගිය පෙබරවාරි 13 වැනිදා සඳුගේ කක්ෂයකට පිවිසුණු ‘බ්ලූ ගෝස්ට්’, දින 16 ක් සඳ වටා කක්ෂගතව සිටියේය. එසේ සිටිද්දී, සඳුගේ වටකුරු පෘෂ්ඨය පිටුපසින්, පෘථිවිය නැගී එන අයුරුත් බැස යන අයුරුත් දැක්වෙන විස්මිත දසුන් ද පෘථිවියට එවීමට කටයුතු කළේය.

පසුගිය පෙබරවාරි 18 වැනිදා, යානය එහි තෙරපුම් පද්ධතිය පණ ගන්වා, සඳුගේ පහළ කක්ෂයකට පිවිසිණි. ඒ සඳට ගොඩබෑමේ අරමුණින්ය. යානය සඳුගේ පහළ කක්ෂයට පිවිසෙද්දී එය, සඳුගේ කක්ෂයේ වට දෙකක් සම්පූර්ණ කර තිබුණි. අද (2) ‘බ්ලූ ගෝස්ට්’ සඳට ගොඩබෑවේය.

‘බ්ලූ ගෝස්ට්’ ගවේෂණ යානයේ කටයුතුවලට ඇමෙරිකන් නාසා ආයතනය ද සම්බන්ධ වී සිටී. එසේ වුවත් ‘බ්ලූ ගෝස්ට්’ මෙහෙයවන්නේ ද මෙම ‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ සමාගමය. නාසා ආයතනයට අයත් විද්‍යා උපකරණ, ඇතුළු තවත් උපාංග 10 ක් ‘බ්ලූ ගෝස්ට්’ යානයට සවි කර ඇත. සඳ මතුපිට ගවේෂණය සහ සිතියම්ගත කිරීමට අවශ්‍ය උපාංග ද ඒ අතර වෙයි.

(ඩේලිමේල්)



අදහස් (1)

නිල් භූතයා හඳට ගොඩබසී

Nilmini Sunday, 02 March 2025 04:39 PM

චිචී චික් චික් කියමින් ලංකාවෙන් යැවූ යානය තවමත් එහේ මොකද කරන්නේ කියලා බලාගෙනම එන්න කියන්නකෝ..!

:       2       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site