(ගයාන් සූරියආරච්චි)
රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන වීඩීයෝවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහත පැවැසීය.
එම වීඩියෝ පටයට අනුව පොලිස් ජීප් රථයකින් පැමිණෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බීමතින් නිලඇදුමින් ඇදක් උඩ නිදා සිටින එක් පොලිස් නිලධාරියකු වඩාගෙන යන ආකාරය දැකිය හැකි අතර ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූ නිලධාරියකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නිලධාරීන් මුළුතැන්ගෙයක් තුළ පොලිස් නිල ඇදුමට අගෞරව වන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර එම නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවී ඇති පොලිස් නිලධාරියාගේ වැඩතහනම් කර ඇති අතර අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යවා ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි
සෞදි-සිංහ Thursday, 23 January 2025 04:48 PM
පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා නම් සේවයෙන් ඉවත් කළ යුතුයි.
SL Thursday, 23 January 2025 05:14 PM
ලංකාවේ තියෙන හොඳම පුනරුත්තාපන ආයතනය තමයි රත්නපුරේ මිතුරෝ. ඒ වගේ ආයතන බර ගානක් ඕනෑ වෙයි මේ රටේ මතට ඇබ්බැහි වුණු නිලධාරීන් පුනරුත්ථාපනය කරන්න. පොලිස්, ආමි, නේවි , STF , ගුවන් හමුදා නිලධාරින්, සෙසු නිලයන්, අධිකරණ නිලධාරින් මතට ඇබ්බැහි වී තිබෙන එකට කඩිනම් විසඳුමක් ගතයුතුයි. සැම නිලධාරියෙක්ම මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ඉක්මනින් යොමුකර ඇබ්බැහි වුවන් හැකි ඉක්මණින් පුනරුත්ථාපනය කිරීම සහ සේවයෙන් ඉවත් කිරීම සිදුකළ යුතුමයි. මතට ඇබ්බැහි වූ කෙනෙකුගේ ප්‍රශ්නේ, ඒ කෙනා කොතරම් හොඳ කෙනෙක් වුණත් ඔහුව පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය විසින්... මත් කුඩු ලබා ගන්නා ඕනෙම දෙයක් කරන්න පුළුවන් තත්වෙකට ඔවුන් පත්වෙනවා. රටේ නීතියේ විධානය භාර පිරසක් මේ මතට ඇබ්බැහි වෙලා ඉන්න තත්වය රටේ ආරක්ෂාවට, මත්ද්‍රව්‍ය පාලනයට ලොකු අභියෝගයක් වෙයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ..., පොරවෙන් කපන්න තියාගෙන හිටියොත් රටම මෙක්සිකෝවක් වෙයි.
sugath Thursday, 23 January 2025 05:41 PM
කුක්කු පැටව් දෙන්නෙක් වගේ යන හැටි. පව් අප්පා...!
Jamitha Friday, 24 January 2025 10:13 AM
මම දන්නා විදියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් තම පිරිස යහමගට ගැනීමක් සිදු කරන්නේ ශ්‍රීලංකා නාවික හමුදාවේ පමණයි, හැබැයි අනිත් ආරක්ෂක අංශ වලත් මත්ද්‍රව්‍යය හා නොයෙකුත් ඇත්බැහිවීම් වලට ලක්වූ පුද්ගලයන් සිටිනවා. ඔවුන්ටත් යහපත් පුරවැසියන් කිරීම සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි.
Latha Monday, 27 January 2025 09:21 AM
රාජකාරි වේලාවේ මත් ද්‍රව්‍ය පානය කළොත් සියළු දෙනාම සේවයෙන් ඉවත් කළ යුතුයි. පොලිස් නිලධාරීන් ගැන කියලා වෙනසක් නැහැ.