IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’නාලිකා ඔස්සේ කුමන්ත්‍රණ කර සජිත් නැති කරන්න බෑ’

(මොහොමඩ්  ආසික්)

රාජ්‍ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්‍රණ කර සජිත් ප්‍රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කීය.

අද 07 වනදා සවස  මහනුවර මඩවල දී පැවැති ජන පවුර රැස්විමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

මෙහිදී  තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කිය.

දැන් එන්.පී.පි. කියල එකක් තියෙනවද? එහෙනම් කෝ ජේ.වී.පී. එක . ජේවීපී කියන්නෙත් . එන්.පී. පී. කියන්නේ එකක්. දෙකක් නෙවෙයි. ජේ.වී.පී. එකේ නායකයෝ හැර එන්පීපී එකේ වෙනත් නායකයෝ ඉන්නවද? කවුරුවත් නෑ.  අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා  ඔය සෙට් එකම නේ එන්පීපී කියල හිට ගෙන ඉනනේ.  යූ එන්.පී සජබ කියලත් තර්ක කරන්න පුළුවන්. ඔයගොල්ගොල් යූඑන්පී කාරයෝ නේ කියලා.  ඔව් හැබැයි අපේ වෙනසක් තියෙනවා.  යුඑන්පි නායකයා රනිල් වික්‍රමසිංහ එයත් එක්ක වජිර  අබේවර්ධනයි තව බංකොලොත් වෙච්ච කීප දෙනෙක් ඉනන්වා.  සජබ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අලුත් කණ්ඩායමක් එතැන හිට ගෙන ඉන්නවා. එන්පීපී ජේවීපි කියල දෙකක් නැ එකයි .

මේ දවස්වල ලොකු කතාවක් යනවා මාර රැල්ලක්නේ එන්පීපී එකට කියලා. ජේවීපි රැස්විම්වල හිට ගෙන ඉන්නේ ඔවුන්ම අරන් යන ඔවුන්ගේම කණ්ඩායමක්.  ඊට අමතරව ගෝඨාට වැඩ කරපු  වියත් මගේ කොටසක් එතැන ගිහින් හිට ගෙන  ඉන්නවා. මේ වියත් මඟේ උන් තමයි රට බංකොලොත් කළේ.  වියත් මඟ කියන එක දිහා හැරිලවත් බලන්න මම කැමැති නෑ.  ඒ ගොල්ල තමයි රට බංකොලොත් කළේ. මේ වියත් මඟ මේ  රටට කරපු අපරාධවලින් කිහිපයක් මම කියන්නම්.

එක  කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය සේවයක් පටන් ගන්න හැදුවා.. ඒකට දශම භාගයක විතර පොලියකට ජපානය ණයක් දුන්නා. මේ වියත් මඟ ඇවිත් ඒක නැවැත්තුවා. ඒක නැවැත්වීම නිසා ජපානය අපිත් එක්ක තරහ වුණා. පසුගිය අවුරුචු 50 60 තුල අපට වැඩියෙන්ම උදව් කරපු රට ජපානය. ජපානය තරහ වුණා. රුපියල් මිලියන 12,000 ක වන්දියක් ගෙවන්න වුණා.

මේ රටේ බංකොලොත් භාවයට  ප්‍රධාන හේතුව වුන බදු කපා හැරීමට යෝජනා කරල තියෙන්නෙත් මේ වියත් මඟයි. අනෙක් මේ රටේ කාබනික පොහොරවලට උපදෙස් දිල තියෙන්නෙත්  මේ වියත් මඟයි මදිද රටට කරල තියෙන ප්‍රමාණය. රටට මේ හෙන ගහන අපරාධය කළේ ගෝඨට උපදෙස් දුන්න මේ වියත් මඟයි.



අදහස් (17)

’නාලිකා ඔස්සේ කුමන්ත්‍රණ කර සජිත් නැති කරන්න බෑ’

සංජීව ඇන්තනි Friday, 07 June 2024 11:33 PM

සජියව නැතිකරන්න වෙනකව්රුත් ඕන නෑ ඔයාහිටියම ඇති ..

:       0       6

සේනක Saturday, 08 June 2024 12:20 AM

මෙයත් අර ඇට නැති දිවෙන් හතර අතේ මඩ ගහලා අනාගන්නවා.කාලයක් රනිල්ට කඩේ ගියා.ඊට පස්සෙ මහින්දට රෙදි නැතුව කඩේ ගියා.දැන් සජිත්ට කඩේ යනවා.අවසාන කාලයේදී මරු කියවනවා.

:       0       3

dimuth Saturday, 08 June 2024 12:39 AM

ඉතින් ඔය වියත් මගේ නේ කවුද නාලක ගොඩහේවා හිටියේ. ඔයා එයාව දැක්කා නැද්ද ?

:       0       5

Prabha Saturday, 08 June 2024 01:02 AM

සජිත් කොහොම වුනත් ඔය ගිය පැත්ත හැමදාම ඉවරයි

:       0       7

තර්ස්ත මාර්ෂල් Saturday, 08 June 2024 06:40 AM

කව්ද දන්නේ නැහැ ,අය්යෝ එක්ක එකතු වෙලා ඇත් ගොව්වා වෙන්න කුමන්ත්‍රණය කරලා රට බංකොලොත් වෙන තැනට තල්ලුවක් දුන්නේ ? දිට්ට ධම්ම වේදනීය කර්මය පසුපස ලුහු බදිනවා . කව්රුත් කුමන්ත්‍රණ කරන්න අවශ්‍ය නැහැ . ඉබේම වෙයි .

:       1       4

මැක්ස් Saturday, 08 June 2024 08:10 AM

බදු කපා හැරීමට සමස්ත පාර්ලිමේන්තුව ඒකමතිකව එකඟ වූ අයුරැ අපිට මතක බව පමණක් මේ මංසුදනා අත්තනායක මහතාට මතක් කරමු

:       3       2

Pradeep Kumara Saturday, 08 June 2024 08:41 AM

වියත් මඟ ගැන කරලා තියන ප්‍රකාශය අතිශයින්ම නිවැරදියි. ඒත් ඔබ හිතනවානම් වත්මන් දේශපාලන අර්බුධයට එකම විසඳුම සජිත් කියලා ඒක ඔබේ දේශපාලන අනවබෝධය එහෙම නැත්නම් කොතනකට හෝ හේත්තුවෙලා තමන්ගේ රැකවරණය ගැන සිතීමේ බොළඳ අපේක්ෂාව. සජිත් වේදිකාවක කරන කතාවකින්ම වැටහෙන්නේ නැද්ද එයා පරිනත නායකයෙක් නොවන බව. තවමත් පියාගේ කර මතින් යන පියරු බබෙක් විතරයි.

:       2       4

නිහාල් Saturday, 08 June 2024 08:44 AM

පිළිකනු ගානේ ගිහිල්ලා කියෙව්වට කොන්ද පණ නෑ විවාද කරන්න. දැන් ගාගත්ත අසූචි පිහාදාන්න යන එන මං නැති හැමදාම පරදින හූනියමකට වැඩේ බාරදීලා. ටිකක් හරි ඡන්ද තිබුණා නම් මේ බයගුළුකම නිසා නැතිකර ගත්තා. ඇත්තටම මොලේ කලදක් හරි තිබුනා නම් මෙහෙම කරගන්නේ නෑ

:       2       5

Kazi Shajahan Saturday, 08 June 2024 08:49 AM

සජිත්ට විසිල් විරයි පුළුවන්. බල්ටි බැහැ. එදා ආවානම් කොන්දක් තියනවා කියලා හිතන්න තිබුනා.

:       1       8

සෙනෙවිරත්න Saturday, 08 June 2024 09:37 AM

වියත් මගේ නාලක ගොඩහේවා වගේ අය හිටගෙන ඉන්නෙ.කා ලඟද? ඔතන යූ ඇන් පී එකේ කකුල තියාගෙන ඉන්න කීදෙනෙක් ඉන්නවද? තමුන්ට අමු කැවිල,ලැජ්ජ නැති කතා , ගෝටා සහය දුන් ගොබ්බ රැල ඔතන ඉන්නෙ කියන එකවත් දන්නෙ නැති හාදයෙක් මෙයා. නාලිකාවෙ මොකක්ද කුමන්ත්‍රණය , ඇවිත් කතා කලා නම් මොනවත් නැහැනෙ

:       2       2

Nimal Saturday, 08 June 2024 11:02 AM

ආයේ අලුතින් නැති කරන්න දෙයක් නැ. කාඩ් කුඩු වෙලා ඉවරයි... ඇමැති කාලේ කඩපුවා රටම දන්නවා...

:       1       3

ගමේ එකාලා Saturday, 08 June 2024 11:59 AM

තමුනුත් එක්තරා විදියක කුමන්ත්‍රණ කාරයෙක් තමයි, මතක නැද්ද ඒ කාලේ කරපුවා මහින්දගේ සාටකේ එල්ලිලා සෞඛ්‍ය ඇමැති වෙච්චි හැටි...

:       3       27

Dinesh Saturday, 08 June 2024 12:13 PM

ගොඩහේවා දැන් ඉන්නේ කොහේද කියලා චුට්ටක් කියන්න පුළුවන්ද?

:       1       7

kamal koyrala Saturday, 08 June 2024 03:41 PM

අත්සන හොරාට ගහලා, පක්ෂය පාවාදීලා, ලෝකයේ එක දවසක් සෞඛ්‍ය ඇමැති වී ලෝක වර්තාවක් තිබ්බ අත්තේනේ මේ කියන්නේ... එක අද සේ ඇමැති පුටුවේ ගාන එවකට පනස් දාහයි.

:       1       7

නදුන් Saturday, 08 June 2024 03:50 PM

මටත් තේරුම් ගන්න බැරි මේ NPP, JVP දෙකේ වෙනස. මට නම් හිතෙන්නේ හැබෑ ජේවීපී අයගෙන් බේරිලා රනිල් එක්ක ගේම් ගහන්න අටවාගත්තු අටමගලක් NPP කියන්නේ..

:       12       0

Hafeel Saturday, 08 June 2024 04:14 PM

ඔයා තමයි එදා යූඑන්පී එකේ මහ ලේකම් ධුරය දරමින් රනිල්ට කඩේ ගිහින් සජිත් සහ එම පක්ෂයත් නැත්තටම නැති කලේ. සජිත්ටත් ලැජ්ජාවක් නැහැ මෙයාව පක්ෂයට ගන්නවත්, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරය දෙන්නවත්...

:       1       7

Perera Sunday, 09 June 2024 03:16 AM

සජියාගේ මොනවා නැති කරන්නද? මිනිහා කරන කියන දේවල් වලින් මිනිහාවම නැතිකරන් තියනකොට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 706 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 269 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3628 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1304 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 644 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2250 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site