IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නලින්ගෙන් ජවිපෙට අභියෝගයක්

(සුජිත් හේවාජුලිගේ )

රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ  නායකයන්ට අභියෝගයක්  කරන බව  සමගි  ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

විවාදයට සමගි ජන බලවේගයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ  කබීර් හෂීම්  යන    ආර්ථික විශේෂඥයන්  ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

තමා මේ අභියෝගය කරන්නේ හත්වැනි වතාවට බව පැවසූ මන්ත්‍රීවරයා  ජාතික ජන බලවේගය  තමාගේ අභියෝගය මෙතෙක්  බාරගෙන නැතැයිද  සඳහන් කළේය.

විවාදයකට ආරාධනා කරන විට  ජාතික ජනබලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිවර  හැංගෙන බවත් තැන් තැන්වල පොර ටෝක් දුන්නට මේ වගේ විවෘත සභාවක මුහුණ දිය නොහැකි යැයි  ඔවුන් හොඳින්ම දන්නා  හෙයින් මෙසේ කටයුතු කරන බව බවත්   බණ්ඩාර මහතා කීවේය.

 



අදහස් (18)

නලින්ගෙන් ජවිපෙට අභියෝගයක්

wedage Thursday, 28 March 2024 11:31 AM

ඔයාලා හත්වෙනි වතාවට නොවෙයි... 17 වන වතාවට ආරාධනය කළත් අපි දන්නවා ඔය ගමේ මොනවද කියලා... ඒක නිසා අපි නම් එන්නේ නැහැ....

:       5       3

සිල්වා Thursday, 28 March 2024 11:36 AM

තාම බටහිර IMF ආර්ථික ක්‍රමයට හැරීම ඉවර නැති නිසා දැන්ම විවාද කරන්න බැරි වෙයි.

:       5       3

අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 11:41 AM

රා බිව්ව මීයන් එක්ක මොන විවාදද, අභියෝග කළ හාදයා විවාදයට නැහැ. ඒකට වෙනම ටීම් එකක් දාලා මිනිහා විවාදය මග හරිනවා. හර්ෂට, එරාන්ට, කබීර්ට ජාතික ජන බලවේග සමග විවාදයක් කරන්න අවශ්‍ය නම් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඒ අභියෝගය කරන්න පුළුවන්... ඒකට වෙන ඇම්බැට්ටයෙක් වුවමනා නැහැ. ඒ නිසා මේක ඒ තුන්දෙනාගේ වුවමනාවට ඉල්ලන විවාදයක් නොවෙයි කියලා හොඳටම පැහැදිලියි, සමහර විට කරණමක් ගහලා ස.ජ.බෙ.ට පැන ගත්තු නාලක ගොඩහේවා මැතිඳුන්ගේ සංකල්පයකට අනුව සජිත් ප්‍රේමදාස මැතිඳුන්ගේ අනුග්‍රහයෙන් කෙරෙන අභියෝගයක් වෙන්න ඕනෑ.

:       10       87

ලලිත් අම්බලන්ගෙඩ Thursday, 28 March 2024 12:19 PM

පිස්සුද අනුර,ඔයා ඔය ගැට වලට අහුවෙන්න එපා.

:       9       25

චන්දිම ෆොන්සේකා Thursday, 28 March 2024 12:40 PM

නලින් මහත්මයාණෙනි, මම මෙහෙම අහන්නේ ඔය ජවිපෙයක් වෙනුවෙන් නොවෙයි. ඔබත් ඔබේ නයකයානනුත් නිතරම කියන දෙයක් තමයි ඉදිරියේදී හොරකම වංචාව කල අයට නිතිය ක්‍රියාත්මක කරන බව. යහ පාලන කාලයේ මහා බැංකු බැඳුම්කර වංචාව කල අයට දඬුවම් කරන බව ඔබලා නිතර කියනවා. ඒ වුනාට මහා බැංකු බැඳුම්කර වංචාව කියලා දෙයක් වුනේ නැහැ,, ඒ වැඩේ වෙන්න ඕනි විදියට තමයි ඒ වුනේ කියලා කියලා පස්සේ පොත් පවා ලියවලා පල කරපු අය ඔබ පක්ෂයේ දැන් බොහොම ඉහලින් ලොකු කතා කියනවා. එතකොට ඔය මිනිස්සු ඉස්සර කරගෙන ඔබලා කොහොමද දුෂණ වංචා වලින් තොර පාලනයක් රටේ ඇතිකරන්නේ? අනික කබීර් හෂීම් මහතා අර ගුවන් යානා දෙකක් ගන්න තිබිච්ච ඇනවුම අවලංගු කරන්න ගිහින් අන්තිමට ඔක්කොටම වැඩි මුදලක් ගෙවලා අන්තිමට ගුවන් යානාත් නැතුව තවත් විගඩමක් කාලා නේද?

:       7       41

Nimal Thursday, 28 March 2024 12:42 PM

මහබැංකුව කපු කණ්ඩායමේ උන්දලා නේද මේ .අනුන්ට අභියෝග කරන්න කලින් තමන්ගේ උන් ටික හදාගෙන වරෙන් පුතා

:       11       141

yaka Thursday, 28 March 2024 01:06 PM

අනේ ගඳයෝ , අනිත් උන්ගේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට කතා කරන්න ඉස්සෙල්ල බලපන් හර්ෂ ද සි්ල්වා කියන ගොබ්බ කතාව. ඌ තනිකරම කියන්නේ රනිල් කරනදේ හරි කියල. ඒ විතරක් නෙමෙයි ඌ කියනවා කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ කියලත්. තොපිට අසූචි ගහල එලවන්න ඕන කාලකන්ණි.

:       12       128

සත්‍ය ගවේෂී.Thursday, 28 March 2024 01:41 PM

අනිත් අයට ගඳයන් කියන ජෙප්පන් කළේ සුවද හමන හමන වැඩ කියලා වෙන්න ඇති හිතන් ඉන්නේ.නිකං තැන් තැන් වල උඩු බිරුවාට ප්‍රසිද්ධ වාදයකට නොයන්නේ ඊට මුහුණ දීමට ශක්තියක් නොමැති නිසා බව මේ යකා නමින් ලියන ගඳයාට තේරුම් ගන්න තරම් කිසිදු බුද්ධියක් නැහැ.

:       173       12

ajith Thursday, 28 March 2024 02:04 PM

ඔය කියන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ කබීර් හෂීම් හිටපු "යහපාලන" ආණ්ඩු තමයි රටට දරන්න බැරි විදියට විදේශ ණය අරගෙන මේ රට බංකොලොත් කළේ. දැන් ඒ ගොල්ලෝ ආර්ථික ඔස්තාර්ලා වෙලා...

:       5       82

Kazi Shajahan Thursday, 28 March 2024 02:10 PM

නලින් මොන පඟර නැට්ටෙක්ද? NPP එකට චැලෙන්ජ් කරන්න.. දැන් බයවෙලා ඉන්නේ කට්ටියම NPP එකට...

:       6       90

රංජිත් සමරවීර Thursday, 28 March 2024 04:50 PM

ඔහොම කියලා 2019 වැඩක් කරපු හැටි අමතකද? ඔබලාගේ කොම්පාසුව ඊටත් වඩා අන්තයි බං...!

:       0       5

වත්සි Thursday, 28 March 2024 02:49 PM

බලු වසුරු ගොඩක කොතනත් එකම අපුලයි වගේ නලින් බන්ඩාරලා අනුර දිසානායකලා කවුරුත් එකයි. දෙපිලම ගැන දන්නෝ දනිති...!

:       12       5

Asela Thursday, 28 March 2024 05:01 PM

ඔබලා වගේ ගොබ්බයින් එක්ක මොන විවාදද?

:       1       50

සිල්වා Thursday, 28 March 2024 05:23 PM

විවාද කරන්න දැන්මම බෑ. දැන් තමයි ජෙප්පෝ බටහිර අයි. එෆ්. ආර්ථික ක්‍රමය වැළඳ ගනිමින් සිටින්නේ...!

:       69       4

රාලහාමි Thursday, 28 March 2024 05:51 PM

අවුරුදු 75ම රට කාබාසිනියා කරලා නැත්තටම නැතිකරපු අසික්කිත හොරුත් එක්ක මොන තර්කද? ඔය කියන අයට වැඩ බැරිවුණු නිසා තමයි අපේ රට බන්කොලොත් වුනේ !!! රටේ මිනිසුන් මේ තත්වය හොඳට වටහාගෙන ඉන්නේ. ඡන්දෙන් පස්සේ ඔය කියන අය කී දෙනෙක් එදා කරපු හොරකම් වලට හිරේ වැටෙයිද කියලා කවුද දන්නේ. මාලිමාවට ජයවේවා..!

:       4       69

Hafeel Thursday, 28 March 2024 06:01 PM

1977 සිට අද දක්වා ඔයාලා මාරුවෙන් මාරුවට විවිඩ නම්වලින්, ලාංඡනවලින් සහ සන්ධාන ගත වෙමින්, මේ රට විනාශ කරලා, දැන් ජාතික ජන බල වේගයට අභියෝග කරනවා රට ගොඩ දාන්න ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදය කරන්න. ඔයාලගේ අර ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා ළඟදී කියා තිබුණා කවුරු බලයට ආවුත්, හොරකම නවත්තන්න බැහැ කියලා. එහෙම කණ්ඩායමත් එක්ක ජාතික ජන බල වේගය කිසිසේත්ම විවාදයට නොයා යුතුයි. අනික ඔයාලා දැනටමත් දූෂණ චෝදනා එල්ල වී තිබෙන නාලක ගොඩහේවා, ජාතිවාදී අවුස්සපු චන්න ජයසුමන වගේ අයත් පක්ෂයට සම්බන්ධ කරගෙන ඉන්නේ. එවැනි තත්වය උඩ ඔයාලාත් එක්ක ජාතික ජන බල වේගයත් කිසිසේත්ම විවාදය සුදුසු නැහැ.

:       2       5

Ranjan Thursday, 28 March 2024 06:42 PM

අපි නොදන්නා ඕගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල. අවුරුදු 76කම රටකාපු වැඩපිළිවෙල. ඡන්දෙ ගන්න බලාපොරොත්තුවෙන් හිඟන්නන් රැසක් බිහිකළ ආර්ථික ලොක්කන්ගේ වැඩ අපි දන්නවා. නිධන් කැඩීම, හොරසල්ලි අච්චු ගැසීම, හාල් බෙදීම, පච වැපිරීම... අපි ඕවාට නැහැ හලෝ. අපේ ගමම ජාතික ජනබලවේගයට ඡන්දෙ දෙන්නේ. වෙනත් පක්ෂවලට පක්කලිකම් කරන බත් බැලයින්ට අපේ ගමත් තහනම්. කාලකන්නි හැත්ත, අපේ රට විනාශ කරලා.. දැන් තර්ක කරන්නත් එන්නලු...

:       2       6

ආනන්ද සමරවික්‍රම Friday, 29 March 2024 07:17 AM

මුලන්ම. අභියෝග කළේ සජිත්නෙ. සජිත් සහ අනුරගෙ විවාදය මුලින් තියල ඉමු. සුළු සුළු මුලාදෑනින්ගෙ එව්වා පස්සෙ තියමු. හාද ?

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1203 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2664 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1656 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2846 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1906 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site