IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

(සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කළේය.

ජයවර්ධන මහතා දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) රැස්වී මෙම තීරණය ගෙන ඇත.

 



අදහස් (10)

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

sunimal Thursday, 18 July 2024 06:17 PM

දේශපාලකයින්ගේ අවශ්‍යතාවන්ට නැටවෙන සියලු නිලධාරීන්ට මෙය හොඳ පාඩමක්... අපරාදේ ජ්‍යෙෂ්ඨ නි පොලිස්පති කෙනෙක් ලෙස හෝ පොලිස්පතිවරයෙකු ලෙස නම්බුකාර ලෙස විශ්‍රාම යාමට තිබුණු අවස්ථාව කාලකන්ණි දේශපාලකයෙක් නිසා මෙම නිලධාරියාට නැති වුණා. ඊට අමතරව විශාල වන්දියකුත් ගෙවන්න සිදු වුණා. කපටි දේශපාලුවෝ මේ අහිංසක මනුස්සයාව පාවිච්චි කළා. දැන් කවුරුවත් නැහැ මොහුව බේරාගන්න. ඇත්තටම කණගාටුයි. මේ මනුස්සයත් කාගේ හෝ මැද පංතියේ පවුලකින් ආව කෙනෙක් නේ. ඔය කියන කාලකන්නි දේශපාලුවාම අර නාලක සිල්වා කියන නිලධාරියාවත් නිකරුනේ හිරේ විලංගුවේ දැම්මා. මොවුන්ට වැහි නැති හෙනම ගහපල්ලා. රජයේ නිලධාරීන් හැම කෙනාම දැනගනිල්ලා නීතියට අනුවම වැඩ කරන්න. නැති නම් උඹලාගේ දරු මල්ලෝ පවා විඳවනවා.

:       0       0

ගමේ එකාලා Thursday, 18 July 2024 06:21 PM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලුම දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුමයි .අහිංසක ජනතාවගේ ජීවිත විනාශ කිරීමට දායක වූ හැම එකාටම සාප වේවා ,ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා .

:       0       4

sachith Thursday, 18 July 2024 06:35 PM

ඉස්සර ඡන්ද ළංවෙනකොට අපරාධ සිද්දි උඩට එනවා.. දැන් ඡන්දය ළඟ නිසා පාස්කු ප්‍රහාරෙ පරීක්ෂා.. හැබැයි මෙවන් දුක්විඳපු කිසිම මනුස්සයෙක්ට සාධාරණයක් නම් ඉටු කරන්නේ නෑ මේ පාලකයෝ, මේ දේවල් හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන ඉන්න එක කරන්නේ... !

:       10       47

විජිත් Thursday, 18 July 2024 06:35 PM

මේ මනුස්සයාව ජොබ් එකෙන් පන්නලා හිරේ දාන්න තිබුනේ සෑහෙන කාලෙකට ඉස්සර... එතකොට පාස්කු ප්‍රහාරය ගැන පොලිස්පති දේශබන්ධුට තිබෙන චෝදනා වලට පරීක්ෂණ නැතිද? ඇයි මේ හදිස්සියේම පරීක්ෂණ? බොරු පරීක්ෂණ මවාපාලා ඡන්ද ගුණ්ඩුවක් ගිල්ලන්නද හදන්නේ ජනතාවට? වැරැදිලා !!! පොලිස් කොමිසමේ ලොකු මහත්තයෝ, කටුවාපිටිය පැත්තෙන් ඡන්ද නම් නැහැ කියලා රනිල්ට කිව්වොත් හොඳයි.

:       14       47

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 08:02 PM

එතකොට දේශබන්දුව පොලිස් කොමිසම මගින් නිදොස්කොට නිදහස් කෙරුවාද?

:       12       49

Swene HaputhantirigeFriday, 19 July 2024 05:45 AM

එයාට තවත් නඩුවකින් පරීක්ෂණ කළයුතු යයි කියා තිබෙනවා. හැබැයි ඕවා එකක් වත් මේ ආණ්ඩුවෙන් සිදු වෙන්නේ නැහැ. ඕවා සියල්ල බේරාගන්න රජය රැකීමේ සියලු මෙහෙයුම් එයා කරාවිද කියලා සැකයක් තිබෙනවා..

:       0       0

පිටිගල මිලානෝ Thursday, 18 July 2024 08:43 PM

තම වෘත්තිය, සේවය ගණිකා වෘත්තියේ යොදවන රාජ්‍ය නිලධාරින්ට මේක හොඳ පාඩමක්. මේක ආරම්භය පමණයි. නඩු සමග දඬුවම් පස්සට. දැන් ඉතිං එයි රාජපස්සලා උඩ දාගෙන ඔහෙව බේරා ගන්න.

:       0       2

Remal Thursday, 18 July 2024 09:06 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

:       0       0

Don perea Friday, 19 July 2024 01:13 AM

හිරේ ඉන්න ඕනේ නිවාඩු යනවා...

:       0       1

wedage Friday, 19 July 2024 10:38 AM

අනීතිකව ගත්තු වැටුප් අයකරගන්නවාද? පහසුකම් වලට අයකිරිමක්වත් නැතිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 618 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site