(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාතර නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සොයා බලා විසඳීම සඳහා යෝජනාවලියක් සැකසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (5) විරෝධය පළ කළහ.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.
මෙම කමිටුව පත් කෙරුණේ විපක්ෂයේ ඉල්ලීමක් අනුව බව පැවසූ විපක්ෂ නායකවරයා පවිත්‍රා මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී මේ කමිටුවට පත් කිරීමෙන් බැඳියාවන් අතර ගැටුමක් ඇතිවන බවද ප්‍රකාශ කළේය
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිල්වලා කමිටුවට පවිත්‍රා දැම්මාට මැති සබේ විරෝධය
කැළනිවැලි Tuesday, 05 March 2024 02:31 PM
මට හිතෙනවා නිල්වලා ගඟේ මැණික් ඉල්ලම් තියෙනවා කියලා. ඒක තමයි එයා ඕකට පත්කිරීම කරන්න ඇත්තේ. ඔහොම කටයුතු සඳහා ප්‍රදේශයේ ප්‍රශ්නය ගැන හොඳින්ම දන්න කියන එම ප්‍රදේශයේ ගැටලු ගැන අත්දැකීම් තියෙන කෙනෙක්ම පත්කලොත් මිස සාර්තකත්වයක් ගන්න බැහැ...