(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ.
වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි.
අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් කථානායක ධුරය පුරප්පාඩු විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී පත්කර ගැනීමට නියමිතව පවතී.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව කථානායක පුටුව පොලොන්නරුවට
යෝගා Monday, 16 December 2024 06:35 AM
අර හිටපු කෙනා නම් කිව්වේ සහතිකය හොයාගන්නකම් දැනට ඉවත් වෙනවා කියලා. එතකොට මේක තාවකාලික පත් වීමක්ද නැත්නම් කරපු බොරුව පක්‍ෂය විසින් පිලිගැනීමක්ද?
ධනා Monday, 16 December 2024 06:57 AM
කෝකටත් වෛද්‍ය උපාධිය හරියට තියෙනවද බලන්න
Nilantha Monday, 16 December 2024 07:00 AM
වෛද්‍ය පරිපාලකයෙක් වුනා කියල කතානායක කරන්නෙ පාර්ලිමේන්තුව රෝහලක් කියල වෙන්න ඇති. ඇත්තෙන්ම එක වසරේ සිට වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ජනතා මුදලින් ලබාගෙන එසේ වැයවූ මුදලට සාධාරණයක් නොකර වෙනත් කෙනෙකුට තිබූ අවස්ථාවත් අහිමිකර ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලටත් ඉඩනොදී කටයුතු කරන මොවුන්ගේ දැක්ම හා මෙහෙවර මොකක්ද
nimal Monday, 16 December 2024 07:59 AM
කථානායක ධුරය සඳහා පත්වන පුද්ගලයා කවුරුන් උවද ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය කොපමණද නොව ඔහුගේ හැකියාවන් සහ ඉවසීම, කතානායක තනතුරේ වගකීම සහ වගවීම විනිවිදභාවය සුවධිනත්වය පමණක් නොව තනතුරේ ගරුත්වයද ආරක්ෂා කරීමට බැදී සිටී.
මැක්ස් Monday, 16 December 2024 08:15 AM
එතුමාගේ "දොස්තරකම" කලින් උන්නැහැගෙ "දොස්තරකම" මෙන් නොවේවා!
සෙනෙවිරත්න Monday, 16 December 2024 11:08 AM
නිලන්ත පැන්ෂන් ගියාමත් සේවය කරන්නද කියන්නෙ. එහෙම නැත්නම් කැමැත්තෙන් අස්වෙන්න බැරිද?
පම්පෝරි ජනක Monday, 16 December 2024 11:39 AM
nilantha ඒ මනුස්සයාට මොලේ තිබුණු හින්දා තිබ්බ අමාරුම විභාග වලට ඉඳලා සමත් වෙන්න ඇති, ඔයා මෝඩයෙක් වුණා කියලා එයට ඉරිසියා කරන්න එපා... එහෙම බැලුවාම කජු ආතාගෙයි, සුනාමි අප්පච්චිගෙයි රට කෙරුවාව හින්දා අද වෙනකොට රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධි ගත්තු කී දෙනෙක් රටට කිසිම වැඩක් නොකර පහුගිය වසර 2 ක 3 නේ රට අත්හැර ගිහිල්ලා තියනවාද?
siriywathie Monday, 16 December 2024 11:42 AM
පක්ෂය ඇතුලෙන් දෙන්න සුදුස්සෝ නැත්නම් ඕක දෙන්න ළමයෙකුට...
Perera Monday, 16 December 2024 11:56 AM
වෙන දේවල් අනුව අලුත් කොස්සේ කොහු එක දෙක ගැලවෙන්න අරන්ද මන්දා
Anura Monday, 16 December 2024 12:15 PM
මේ ඔහෙලගේ ආණ්ඩුවේ කතානායකලා වුණේ මුදල් ඇමැතිලා, ආර්ථික සංවර්ධන ඇමැතිලා හිටියේ ඔස්තාර්ලා...
janahitha Monday, 16 December 2024 12:17 PM
ගැටළුවක් නැහැ... කතානායක වෙන්න දොස්තර උපාධිය අවශ්‍ය නැහැ.. මහින්ද යාපා අබේවර්ධන වුණාම ඇහැකි...