ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ වනවිට කේරළ ප්‍රාන්තයේ පමණක් නොව, සිංගප්පූරුවේ ද ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙනනුම් කරන්නේ මෙම ‘ජේ.එන්.1’ වයිරසය ව්‍යාප්ත වන බැවිනි.
‘ජේ.එන්.1’ යනු ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ ‘බී.ඒ.2.86’ නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වයිරසයකි.
‘බය වෙන්න හේතුවක් නැහැ. කලබල වීමක් අවශ්‍ය නැහැ. ජේ.එන්.1 වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මෙම වයිරසය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙලා. ඒ ගැන අවධානයෙන් පසුවීම වැදගත්. මුව ආවරණ පැලඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යෑම මගින් මෙයින් ආරක්ෂා විය හැකියි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
මේ වනවිට ඇමෙරිකාවේ ද ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබේ. ඊට හේතුව ද ‘ජේ.එන්.1’ වයිරස ප්‍රභේදය යැයි එරට ‘වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය’ පවසා ඇත.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන්