IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


නැවේ ගින්නෙන් මියගිය සතුන් ගැන පරීක්ෂණවලට විදෙස් සහය

(ඩයනා උදයංගනී)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජය පවසයි.

මෙම නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම පිළිබදව තවත් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්, එම අමාත්‍යාංශයේ දී අද (19) පස්වරුවේ පැවති අතර එහිදී මේ බව සඳහන් විය.

පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබදව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසු අතර එහිදී ඔවුන් පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා අදාළ පියවර ගනිමින් සිටින බවයි.

මෙම නෞකාවේ ගින්න හේතුවෙන් රැකියාවන් අහිමිව පීඩාවට පත්වූ බස්නාහිර පළාතේ ධීවරයන්ට වන්දි මුදල් ලබාදීම මේ වන විට සිදුවන අතර වෙනත් දිස්ත්‍රික්කවල පීඩාවට පත් ධීවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබදව සළකා බලා ඔවුන්ට ද වන්දි ලබාදීමට රජය තීරණය කර ඇත.

මේ වන විට ලැබී ඇති වන්දි මුදල් හානියට පත් ධීවර ජනතාවගේ බැංකු ගිණුම් වෙත බැර කිරීම සිදුවන බවත්, නෞකාවේ ගින්න හේතුවෙන් රැකියාවන් අහිමිව පීඩාවට පත්ව සිටින වෙනත් දිස්ත්‍රික්කවල ධීවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබදව සොයා බලා ඔවුන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.

ගින්න හේතුවෙන් අපවිත්‍ර වු මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු, වන්දි මුදල් ලබා ගැනීමේ නීතිමය තත්වය, ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු, මුහුදු ජීවීන් මිය යාම, ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම සඳහා වන තෝරාගැනීම් විශේෂ කමිටුවක් මගින් සිදු කර ඇති තඅර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බව ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් සිල්වා, කංචන විජේසේකර, නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ යන මහත්වරුන් අමාත්‍යාශ ලේකම්වරුන්, නිලධාරීන්, නීතිඥවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 



අදහස් (1)

නැවේ ගින්නෙන් මියගිය සතුන් ගැන පරීක්ෂණවලට විදෙස් සහය

Sanka Tuesday, 20 July 2021 12:45 PM

ගමේ ගොඩේ කෙනෙක්ගෙන් අහලා බලන්න මේ විශාල කැස්බෑවන්, මෝරුන් මැරිලා ගොඩ ගහන්නේ මොකද කියලා... ඒ ඔක්කොම කියයි. ගිනිගත් නැවේ අපද්‍රව්‍ය කාලා මේ සත්තු මැරුනේ කියලා. මේකට මේ විදේශ සහාය තවත් නාට්‍යයක්... තවත් කෝටි ගාණක මුදල් නාස්තියක් මේ කරන්නේ. පව් නොදී ධීවරයින්ට ලැබුණු සියලු වන්දි මුදල බෙදලා දාන්න...

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 7 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 15 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 219 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 528 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 283 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 67 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1320 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site