IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නව ජනපති දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී  ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23)  සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේදී නව ජනාධිපතිවරයා මෙසේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද විදෙස් තානාපතිවරු ප්‍රමුඛ ප්‍රභූහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

1968 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා  අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.

1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.


ජනපති දිවුරුම් දෙන්න සුදානම්

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා  මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

 ජනාධිපති ලේක්ම් කාර්යාලය පරිශ්‍රයේ  මේවන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර ඉතා චාම් උත්සවයකින් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.

(ඡායා  ළහිරු හර්ෂණ)



අදහස් (23)

නව ජනපති දිවුරුම් දෙයි

Kazi Shajahan Monday, 23 September 2024 10:24 AM

අපේ සුබ පැතුම් ඔබට... අපිට ඔබව විශ්වාසයි...

:       336       130

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 10:41 AM

අභිනවයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබපැතුම් !

:       243       122

nanda Monday, 23 September 2024 10:55 AM

දශක හතකට වඩා කාලයක් කළු සුද්දෝ අවභාවිතා කරපු මේ රටේ ස්වර්ණමය යුගය බිහිකිරීමට සියලු ශක්තිය ලැබේවා..!

:       136       102

pjTuesday, 24 September 2024 08:18 AM

දශක 5 කට වැඩි කාලයක් විශ්වවිද්‍යාල සිසුන් අවභාවිතා කරමින් ගෙනගිය පෙළපාලි වලින් මහජනයාට වූ කරදර නම් ඉවරයි .ඒ ගැන සතුටුයි

:       1       1

ashok Monday, 23 September 2024 10:58 AM

පාර්ලිමේන්තුවේ 222 ගෙදර යවලා එයාලගේ සියලු පහසුකම් ඉවත්කර එම සුවිශාල මුදල් රෝහල් වලට බෙහෙත් ලබාදීමට යොදවන්න.

:       12       116

දුමින්ද රන්කොත්ගෙදර (ලන්ඩන් සිට) Monday, 23 September 2024 12:15 PM

ඔබතුමාගේ යම්යම් ප්‍රතිපත්තිවලට එකග නොවුනත්, ඔබතුමා තමයි ඉතාම සුදුස්සා… හදවතින්ම සුභපතනවා

:       95       25

සෙනෙවිරත්න Monday, 23 September 2024 12:30 PM

පාර්ලිමේන්තුවේ 222ගෙදර යවන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ, එයාලාට දෙන වරප්‍රසාද අඩු කළාම ඇති, එහෙමනේ කිව්වෙත්...!

:       50       64

රාජාංගනේ හාමුදුරුවෝ Monday, 23 September 2024 12:34 PM

මා මෙතෙක් කිසිදු දේශපාලකයකුට තෙරුවන් සරණ පතා නැත. ඔබට මේ රටේ මජර තක්කඩි දේශපාලන මාෆියාව අවසන් කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...! 

:       9       40

චින්තක Monday, 23 September 2024 12:47 PM

මේ රටට ගැලපෙනම ජනපති ඔබයි. රටේ සංවර්ධනයට මෙන්ම රටේ සියලු පුරවැසියනට යහපත් ජිවන පැවැත්මක් ලබා දීමට සියලු ශක්තිය හා ධ්‍යෛර්ය ඔබ තුමාට ලැබේවා

:       91       36

දුම්න්ද ප්‍රදිප් Monday, 23 September 2024 12:49 PM

ගරු ජනාධිපතිතුමනි කිසිම වැඩකට නැති ඉන්න මැති ඇමැති වරු ඔකොම අයින් කරන්න 220 අයින් කරලා අලුත් අය 20 විතර ඔබතුමාම පත් කරගන්න එතකොට අපේ රටේ ඉන්න හැම කේනෙකුටම සමානකම් ඇතිව සැහැලුවෙන් ජිවිතේ ගත කරන්න පුලුවන් විදියට රට ගෙන එන්න ඔබට පුළුවන් අනිවාර්යයෙන්....

:       38       16

පිටිගල මිලානෝ Monday, 23 September 2024 01:05 PM

ජයෙන් ජයම වේවා….! අප ඔබ ගැන විශාල බලාපොරොත්තුවක් සහ මහත් විශ්වාසයක් තබා ඇත.

:       61       36

Che Monday, 23 September 2024 01:21 PM

කිව්ව විදිහට වැඩකර පෙන්වන්න.

:       0       128

නන්දන Monday, 23 September 2024 01:57 PM

ජනාධිපති තුමනි ඔබට මගේ හදපිරි සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමි.

:       59       17

සුමිත් නලින්ද Monday, 23 September 2024 02:09 PM

අපට ලෝන් ගන්න අවස්ථාවක් දෙන්න. ඇප නැතිව ණය එපා. රිබ් එක අයින් කරල බිස්නස් කරගෙන යන්න ලෝන් ගන්න දෙන්න අලුතින් ඡීවිතය පටන් ගන්න...!

:       8       40

Ratawasiya Monday, 23 September 2024 04:50 PM

ඔන්න ඡන්දෙ ගැහුවා. පත්කළා. මම නිදාගන්න යනවා. අවුරුදු 5 කින් ඇහැරෙද්දී සිංගප්පූරුවක් කරලා කියන්න ඕනේ හොඳේ... සුබ රාත්‍රියක්...!

:       38       13

ගමේ එකාලා Monday, 23 September 2024 04:52 PM

තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න බැරි වුණු, රටේ දැන් අනුර කුමාර මහතාට ඒ දේවල් පෙන්වන්න හැකිවේවා...!

:       34       9

Prabha Monday, 23 September 2024 04:57 PM

කෝ මේ සජිත්...?

:       30       4

siri Monday, 23 September 2024 08:18 PM

බොහෝ රටවල තානාපතිවරු හිටපු දේශපාලකයන්ගේ පවුල් වල උදවිය ... එම නිසා විදේශ සේවයේ පළපුරුදු උගත් නිලධාරීන් අලුතින් පත් කරන්න

:       17       5

විදුර Monday, 23 September 2024 10:53 PM

අනුර මහත්තයෝ ආරක්ෂාව සෙල්ලමක් කරගන්න එපා.

:       1       8

Saman Monday, 23 September 2024 11:20 PM

හෙට අපි තාප්ප වල චිත්‍ර අඳින්න යනවා .කවුද තව එන්නේ ?

:       0       0

sanath Tuesday, 24 September 2024 03:44 AM

හරිනි කියන්නේ කොළඹ 3 කතෝලික පුද්ගලික පාසලකින් ඉගනගත්තු කතෝලික කාන්තාවක් . හරිනි කියන්නේ නිරාගමික රාජ්‍ය කියන කතෝලික සංකල්පය තුලින් බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව බිඳලීම සඳහා කතෝලික කුමන්ත්‍රණ කරුවන් JVp තුළ රෝපණය කළ බීජයක්ද?

:       0       0

Roni Tuesday, 24 September 2024 07:20 AM

දිවුරුම් දීලා පැයක්වත් නාස්ති කරන්නේ නැතුව කරනවා කිව්ව ඒවා කර පෙන්වීමට කාලයයි මේ

:       0       2

ග්‍රේෂන් ප්‍රනාන්දු Thursday, 26 September 2024 12:13 AM

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි මම ඔබ තුමන් ගැන ලොකු විශ්වාසයකින් පසු වෙනවා යහපත් දේශයක් ගොඩනගන බවට මා ලොකු විශ්වාසයකින් පසු වෙනවාඅපේ රට වෙනුවෙන් ඒ විශ්වාසය ගොඩනගමුඅපේ දූ දරුවන්ගේ අනාගතය උදෙසා යහපත් දේශයක් ස්ථාපිත කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 208 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 160 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 52 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 466 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 696 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site