IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘නව දේශපාලනයක් ඇති කරනවා ‘

(ආරියරත්න රණබාහූ)

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත  කරනවා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩනයේදී පැවසීය.

මෙතෙක් කල් නයි පොළඟුන් මෙන් ම විරසක වී සිටි සියලු දේශපාලඥයෝ ජාතික ජන බල වේගයට එරෙහිව එකම  වේදිකාවක ළඟදීම දකින්නට හැකි වනු ඇතැයිද ඒ මහතා කීය.

ලන්ඩන් නුවර ක්‍රිස්ටල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජන හමුව අමතමින් ඒ බව පැවසූ දිසානායක මහතා එහිදී මෙසේදී කීය.

ඔබ මේ අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා.

මහා ගංවතුරක් ගැලුවාම නයි මුගටි සියලුම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලුදෙනාටම අද එකට එකතුවීමට සිදුව තිබෙනවා.

අපි ශ්‍රී ලංකවේ නව දේශපාලනයක් ඇති කරනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත  කරනවා. යයිද කිය.





 



අදහස් (9)

‘නව දේශපාලනයක් ඇති කරනවා ‘

සමන් Sunday, 16 June 2024 01:47 PM

ඔවුනුත් එකයි මොවුනුත් එකයි, මේ ඔක්කෝම යාලුවෝ මල්ලී...

:       35       31

Jagath Sunday, 16 June 2024 02:01 PM

ලන්ඩන් වලටත් බසු දාලා ඇදලානේ ජෙප්පෝ... මම දැක්කා හැම දිස්ත්‍රික්කයකින්ම වගේ බස් ඇවිල්ලා තිබුණා...

:       16       180

sene Sunday, 16 June 2024 03:31 PM

ලොක්කා, ඡන්ද දායක අපි මේ ලක්බිමේ, ඔය සෝබන ඔහේ දැම්මාට, අපිනේ තීරනය කරන්නේ.... මෙහේ ගං වතුරෙන් අපි යටවෙලා රතු අලි පැටියා රට...

:       45       27

shanthaSunday, 16 June 2024 04:08 PM

ගංවතුරෙන් යටවුණු ජනතාවට උදව්කළ "රතු තරුව" කවුරු කියලද හිතාගෙන ඉන්නේ...? නොදන්නා දේවල් වලට කටදාන්න එපා.

:       14       42

Priyantha Dissanayake Sunday, 16 June 2024 03:40 PM

ඡන්දය තියෙන්නේ ලංකාවේ. ඡන්දය දිනට බලන්නකෝ...!

:       32       22

kotiya Sunday, 16 June 2024 04:18 PM

"ඔබ මේ අවස්ථාවට සහභාගි වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා." ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා නෙමෙයි බං... අප ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.

:       4       17

Sumith Sunday, 16 June 2024 04:27 PM

ඡන්ද වැඩවලට මෙයාලාට මාර විදිහට සල්ලි යොදවන්නේ... ඒත් ඉතින් සල්ලි තිබ්බ පලියට ඡන්දෙ දිනන්න බැහැ. නැතිනම් මෙදාපාර ක්‍රිකට් ලෝක කුසලානය දිනන්නේ ඉන්දියාව.

:       22       13

SL Sunday, 16 June 2024 04:28 PM

ලංකාවට එක නීතියක්, එක ව්‍යවස්ථාවක් ඕනේ. මුළු රටේම මිනිස්සුන්ට තේවසලාම්, ෂරියා, කඳුරට... සියලු නීති අයින් කර, එකම නීතියකින් හැමෝම පාලනය කරන්න ඕනේ. පළාත්සභා, ප්‍රාදේශීය සභා වගේ සුදු අලින් අතුගාලාම දාන්න ඕනේ...

:       1       23

nanda Sunday, 16 June 2024 08:01 PM

වැටුප් ගන්නෙත් නැතිලු... පක්ෂයට ලැබෙන මුදල් වලින් රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ..? සමාජවාදය ගැන මහ ඉහළින් කතා කළාට ධනවාදී රටවල් ගැන කළින් විවේචනය කළාට යන්නේ එම රටවලටමනේ...!

:       13       12

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 112 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1041 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 204 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 906 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3613 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site