IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


නව වසර සමරමින් අගමැති කතරගම පුදබිමට

(කේ. ඩී. දේවප්‍රිය)

උදා වූ නව වසර උදාව සමරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදෑසන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරතවූයේය.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ බුද්ධ පුජාමය පිංකමකට එක්වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට  පිං පැමිණවීමේ අවස්ථාවකට ද එක්විය.

අග්‍රාමාත්‍යවරයා කතරගම දෙවියන්ට පූජා පවත්වමින් ආශිර්වාද ලබාගත්තේය.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනන්දාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින්  ආගමික වතාවත් සිදුකරන ලදි.  

මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් හිටපු මහා අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ, මොණරාගල දිසා ලේකම් ඩී. එස්. පත්මාකුලසුරිය, හිටපු අමාත්‍ය ඒ. පී. ජගත් පුෂ්පකුමාර, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ නිලධාරීහු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.



අදහස් (17)

නව වසර සමරමින් අගමැති කතරගම පුදබිමට

Maheshika Wednesday, 01 January 2020 07:16 AM

අලුත් අවුරුද්ද ආගමික කටයුතුවලින් පටන් ගන්න එක හොඳයි. නමුත් පන්සල්,දේවාලවලට හැමදාම හෝ දිනකට තුන්වරක් යන එක නවතන එකත් හොඳයි.

:       137       44

ChampaThursday, 02 January 2020 04:05 AM

මොකක්ද ඔයාට තියෙන අමාරුව කෙනෙක් පන්සලකට දේවාලෙකට ගිහහම? මේ රටේ ඕනේ පුරවැසියෙකුට තමන් කැමති විදිහට තමන්ගේ ආගම අදහන්න නිදහස තියෙනවා. පන්සලකට, දේවාලෙකට යන වාර ගැන තීරණය කරන්න කාගේවත් අවසර අවශ්‍ය නැහැ. පුදුම වැඩක් කියන්නේ සිංහල බෞද්ධයන්ව තමයි පන්සලකට දේවාලෙකට ගියොත් හෙළා දකින්නේ. අනිත් ආගම් අදහන්නන් ගැන කිසි කතාවක් නැහැ. සිංහල බෞද්ධ අපේම රටේ සිංහල බෞද්ධයන්ට කරන මේ අගතිය නිසා තමයි අපි තව තවත් එකමුතු වෙන්න ඕනේ.

:       54       111

saaliFriday, 03 January 2020 10:11 AM

දේශපාලකයින් පන්සල් යනවා. පන්සිල් රකින්නේ නැහැ. එයයි ප්‍රශ්නය. අගමැතිතුමාගේ දොසක් කියනවා නොවෙයි. අනිත් අයත් කරනවා. මෙය විහිළුවක්...

:       0       2

kamalFriday, 03 January 2020 10:59 AM

පන්සල් ගියාට නම් කමක් නැහැ. පන්සලේ නැවතුණත් කමක් නැහැ. අපේ මුදලින් හෙලිකොප්ටර්වලින් ගිහින් පින් පොතේ එ්ක දාගන්න එක තමයි වැරදි...

:       0       1

vidya Wednesday, 01 January 2020 07:47 PM

ගරු අගමැති තුමනි, වටේ ඉන්න පිරිස පස් පව්, දස අකුසල් , සහ දුරාචාර වැඩ වලට පොළඹවන්නට ඒවි. එහෙම අය එනකොට මතක් කරගන්න ඔය හිස මත තියාගෙන ඉන්න කරඬුවේ බුදුරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා

:       2       7

Nandalal DE SILVA - France Thursday, 02 January 2020 12:48 AM

වන්දනාකරුවන් අතර රාජපක්ෂ සාමාජිකයන් රොත්තක් ඉන්න බව වට්ටෝරුව දිහා බැලුවම පේනවා!

:       26       26

Champa Thursday, 02 January 2020 04:07 AM

මගේ රටටත්, අගමැතිතුමාටත් බුදු සරණයි ! කතරගම දෙවි පිහිටයි!

:       45       51

hemantha Thursday, 02 January 2020 08:23 AM

හොඳ බෞද්ධයෙක් නම් පන්සල් ඇතුලේ පාවහන් පළඳින්නේ නැහැ. මෙයා නිකම් නමට බෞද්ධයෙක්. අන්තිම පින්තූරේ හොඳට බලන්න...

:       64       62

hemanthaThursday, 02 January 2020 11:38 AM

රටේ ජනාධිපති අගමැති වුණත් වැරැද්ද වැරැද්දමයි. ඩිස්ලයික් වලින් පේන්නේ ඒ අය මොනවා කරත් හොඳයි. කියන වහල්ලු රොත්තක්ම ඉන්න එක නේද?

:       17       6

ChampaThursday, 02 January 2020 05:36 PM

පන්සල ඇතුලේ නෙමෙයි ඇවිදගෙන එනකොටත් පාවහන් ඇඳලා නැහැ. ඒ කළු පාටට ඇඳගෙන ඉන්නේ මේස් දෙකක්. පියවි ඇසින් සාමාන්‍ය ප්‍රමාණයට තියෙන පින්තූරයක් දිහා බලල සපත්තුවකයි මේස් එකකයි වෙනස හඳුනා ගන්න බැරිනම් පින්තූරේ ලොකු කරලා බලල ඇඳන් ඉන්නේ සපත්තුවක් නෙමෙයි මේස් එකක් කියල හඳුනා ගන්න ඔබ දෙන්නටම අවසර තියෙනවා.

:       2       9

HemanthaFriday, 03 January 2020 10:16 AM

සරම ඇඳලා මේස්, සපත්තු දානවා කියලා දැනගෙන හිටියේ නැහැ. සාමාන්‍යයෙන් සරම අැන්දම දමන්නේ සපත්තු විතරයිනේ... සමහරවිට ලෙඩක්ද දන්නේ නැහැනේ නේද? කොහොම වුණත් මගේ පෙනීමේ දෝෂයක් නම් සමාවෙන්න.

:       8       2

dasaSaturday, 04 January 2020 11:46 PM

සාමාන්‍ය මිනිස්සු සරම ඇඳලා මේස්, සපත්තු දාන්නේ නැහැ තමයි. නමුත් මේ රජ පවුලේ කට්ටියනේ, ඒගොල්ල එහම තමයි.

:       0       0

lakshman premarathna Thursday, 02 January 2020 12:54 PM

මිනිස්සු එළවලු පෝලිම්වල මේ අයට ගාණක් නැහැ. මේකටද බලය ගත්තේ? එළියට බැහැලා ඉන්නේ... හොඳ හොඳ රැඟුම් තව බලන්න බැරිය.

:       12       8

කපුරුහාමි Thursday, 02 January 2020 01:28 PM

මෙතුමා තරම් පන්සල් වන්දනාවේ යන නායකයෙක් මම ඔය දැක්කාමයි.

:       0       12

Nandalal DE SILVA - FranceFriday, 03 January 2020 11:46 AM

එහෙම කරන්නේ මේ ලෝකෙන් චුතවී ගියාට පස්සේ යන තැනකට යමක් කමක් හරි හම්බ කරගන්නනේ ! කැමරා කාරයින් නැතුව අපේ රටේ කිසිම නායකයෙකුට මලක් පූජා කරලා, පහනක් දල්වන්නවත් බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ...

:       0       7

Chathuti Thursday, 02 January 2020 09:35 PM

මෙතරම් සිල්වත් මනුස්සයෙක් ලංකාවේ නැහැ. පුදුම දේ. ආශාව අත් නොඇරෙන එකයි, කොයිතරම් බන පිරිත් ඇහුවත් හිත වෙනස් වෙන්නේ නැහැ.

:       5       11

Muhan Saturday, 04 January 2020 04:30 AM

දවසකට දහපාරක් පන්සල් ගියත් කමක් නැහැ. මාධ්‍ය සංදර්ශන නැතිව. මොකද ඒවාට වැයවෙන්නේ අපේ මුදල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නැගෙනහිර පහළු පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කරලා
2025 පෙබරවාරි මස 13 122 0

කොළඹ වරායේ නැගෙනහිර පහළු පර්යන්තයේ නව මාර්ග සැලැස්ම අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමෙන් අනාගතයේ දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි නිසා එම මාර්


කොකේන් ගන්න ආ බුද්ධි එස් අයි අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 13 264 0

යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව ම


අද කාලගුණය
2025 පෙබරවාරි මස 13 39 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑස


‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ
2025 පෙබරවාරි මස 12 334 0

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.


බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 2059 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 1043 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 128 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site