( තිළිණි ද සිල්වා )
කොවිඩ් වසංගතය පැවතියදීත් මේ වසරේ මුල් මාසය නවය තුළ දී රජය රුපියල් කෝටි 1882 ක් වටිනාකමක් ඇති නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 22 ක් අනුමත කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය.
ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 09 තුළ ඉදිරිපත් වූ රුපියල් කෝටි 2044 කට වැඩි වටිනාකමක් ඇති සංචාරක ආයෝජන ව්‍යාපෘති 33 ක් අනුමැතිය සදහා ඉදිරිපත් වූ අතර ඒ අතරින් මෙම නව සංචාරක ව්‍යාපෘති සදහා අනුමැතිය දුන් බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
ඒ අනුව විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපනශාලා, දිය යට කලාගාර වැනි ආයෝජන සදහා අනුමැතිය ලබා දි තිබේ. ආගමික, සංස්කෘතික ජාතික උරුමයන්, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, ආයුර්වේද යන ක්ෂේත්‍ර වලට අදාළ ව මෙම නව සංචාරක යෝජනා ඉදිරිපත් වූ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
කොවිඩ් වසංගතය අතරතුරේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක ආයෝජනය සදහා යෝජනා ඉදිරිපත් විම ඉතා හොද ප්‍රවණතාවයක් යැයි අමාත්‍යවරයා පෙන්වා දේ.
ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවා ඇති ආයෝජන සබදතා ඒකකයෙන් සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදිම කඩිනම් කිරීම සදහා කටයුතු කරන අතර, ඒ අනුව ඊට අදාළ රාජ්‍ය ආයතන 43 ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරිමට ද කටයුතු කෙරුණු බවද හෙතෙම කීය.
සංචාරක ආයොජනයන්හි දි පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘතීන් පිළිබද රජය වැඩි අවධානයක් යොමු කරන බවද කී සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ලබන වසර වනවිට මෙරටට ඉදිරිපත් වන සංචාරක ආයෝජන සංඛ්‍යාව මීට වඩා වැඩිවනු ඇති බවය.
කොවිඩ් හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩිවනු ඇතැයි ද අපේක්ෂා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 22කට අනුමැතිය
ගමේ එකාලා Monday, 18 October 2021 03:21 PM
කටින් බතල හිටවනවා.. හීන ලෝකෙක වෙන්ඩැ ඉන්නේ.සංචාරකයෝ ගැන කයිවාරු ගැහැව්වාට ආපු ඇමරිකන් කාරයත් ආපහු යන්ඩ ගියා.