සමිත් බෝධිපක්ෂ (චීනයේ බීජිං නුවර සිට)
නවීකරණය යනු සියලු රටවලට අහිමි කළ නොහැකි අයිතියක් බවත්, එහෙත් බටහිර රටවල් ඒ සඳහා සිදු කරන ප්‍රවේශය මඟින් දියුණු වෙමින් පවතින රටවලට අපමණ දුක් ගෙන දී ඇති බවත් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ අද (5) චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ චීන අප්‍රිකා සමුළුවේ (FOCAC) සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.
නවීකරණය සාධාරණ, ජනතාවට මුල්තැන දෙන සහ සාමය සහ ආරක්‍ෂාව මත පදනම් වන ප්‍රවේශයකින් සිදු කළ යුතු බවත්, එය විවෘත හා ඒකාබද්ධව ජයග්‍රහණය කළ හැකි අන්දමින් ක්‍රියාත්මක කළ යුුතු බවත් ඔහු කීය.
අප්‍රිකාව සමඟ පරිපාලන අත්දැකීම් හුවමාරුව වැඩි කිරීමටත්, එම කලාපයේ සියලු රටවලට ඔවුන්ගේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන නවීකරණ මාර්ග ගවේෂණය කිරීමට සහාය වීමට සහ සියලු රටවලට සමාන අයිතිවාසිකම් සහ සමාන අවස්ථා සහතික කිරීමටත් චීනය සූදානම් බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
ඒ සඳහා කර්මාන්ත, කෘෂිකර්මය, යටිතල පහසුකම්, වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් අප්‍රිකාව සමඟ සහයෝගිතාව ගැඹුරු කිරීමට, එක් තීරයක් එක් මාවතක් සහයෝගිතා ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමටත් චීනය සූදානම් බවද ඒ මහතා සඳහන් කළේය.
එසේම හවුල්කාරීත්ව ක්‍රියාමාර්ග 10ක් ඔස්සේ අප්‍රිකාව දියුණු කිරීම සඳහා පියවර ගන්නා බව කී හෙතෙම ඒ සඳහා චීන රජය විසින් ඉදිරි වසර තුන තුළ යුවාන් බිලියන 360ක මූල්‍යාධාර ලබා දෙන බවද කියා සිටියේය.
චීන අප්‍රිකා සමුළුව ඊයේ (4) ආරම්භ වූ අතර එය හෙට (6) දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. මේ සඳහා අප්‍රිකානු කලාපයේ රටවල රාජ්‍ය නායකයන්, මැති ඇමතිවරුන් සහ නිලධාරීහු රැසක් සහභාගි වෙති. අද දින පැවැති සමාරම්භක අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරෙස් මහතාද සහභාගි වී සිටියේය.
මෙම චීන අප්‍රිකා සමුළුව 2000 වසරේදී ආරම්භ වූ අතර, එය වසර දෙකකට වරක් පැවැත්වෙයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නවීකරණය අහිමි කළ නොහැකි අයිතියක් - චීන ජනපති