IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, මුම්බායි නුවර, ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක් වෙමින්, ගෝලීය වේදිකාවේ ඉන්දියාවේ භූමිකාව කුමක්දැයි සිසුවකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

''මම දෙන්නම් උපදෙසක්. මීළඟ වතාවේ ඔබ නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනවා නම්, යන්න ශ්‍රී ලංකාවට. ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරකවලට උපන් හපන්නු. නිවාඩුවකට යනවා නම්, ශ්‍රී ලංකාව තරම් ඊට ගැලපෙන තැනක් වෙන නැහැ. ශ්‍රී ලාංකිකයන් ඉන්දිය අප ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා. ඒ දේවල් ඔබට අසන්න ලැබුණොත්, ඉන්දියානුවකු ලෙස ඔබට ලොකු ආඩම්බරයක් දැනෙනු නිසැකයි'' යැයි ආචාර්ය එස්. ජයිශංකර් දේශනය අතරතුරේ පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම අසල්වැසියා බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ සැමවිටම ශක්තිමත් මිත්‍රත්වයක් පැවැතිය යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊට අමතරව, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිද්දී, ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් වූ ආකාරය සහ ලෝකය පිටුපාද්දී ඉන්දියාව ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට ණය දුන් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කළේය.



අදහස් (8)

නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව

SAM Wednesday, 31 January 2024 09:16 PM

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ සැමවිටම "අවංක විස්වාසනීය" ශක්තිමත් මිත්‍රත්වයක් පැවැතිය යුතුයි

:       3       16

චන්දන Wednesday, 31 January 2024 09:37 PM

ඔව් ඔව් ආගන්තුක සත්කාර කොහොමෙද කියනව නම් අපේ කෑල්ලකෑල්ල ඔයාලට ලියල දෙනව...අදානිට නොසලකා කොහොමෙද... ඔයාලගෙම රටේ කොටෙහක් නෙ එන්න එන්න

:       3       8

Kule Thursday, 01 February 2024 01:37 AM

මේ මිනිහ ඒ පාර ලංකාවයි මාලදිවයිනයි කොටවන්නයි යන්නෙ

:       5       5

අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 01 February 2024 03:47 AM

මෙන්න ලෝකෙ හොල්ලපු විදේශ ඇමතිල! මෙතුමගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් රටට වාසනාවක්

:       2       11

Perera Thursday, 01 February 2024 04:13 AM

අම්මෝ ,ලාංකිකයන්ට මාර බටර් පාරක් නේ

:       6       9

fairoos Thursday, 01 February 2024 02:42 PM

ඉස්සර නම් එහෙම තමයි ලංකාව හැබැයි දැන් ආවොත් තේරෙයි...!

:       0       0

බද්රානි Thursday, 01 February 2024 03:36 PM

අපි නොදන්නා සිරි ලාංකිකයෝ ගැනද මේ පුහු වර්නනා කරන්නේ..? "ලඟින් ගියොත් ඇහැක් නැහැ". රුසියන් ගණිකාවන්ට නම් කියාපු රට..?

:       1       0

Thilina Thursday, 01 February 2024 07:26 PM

මේ නොකිය වහෙන් හොරෝ කියන්නේ අපේ රට උන්ගේ කොලනියක් බව සිහිබුද්ධිය ඇත්තෝ තේරුම් ගනිත්වා.!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 712 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 535 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1616 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 499 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1365 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site