(චමින්ද වැවතැන්න සහ ඩයනා උදයංගනී)
පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ පළමු උපන් දින සැමරුම් උත්සවය පින්නවල අලි සංරක්ෂණාගාරයේ දී පැවැත්විණි.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම චාම් උත්සවය සහකාර අධ්‍යක්ෂවරුන් වන නවෝත් අබේසිංහ සහ මිහිරාන් මැදවල මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය සංවිධානය කළහ.
මෙම උත්සවය ආරම්භ කරමින් වැඩම කර සිටි ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනාව පැවැත්වූහ.
පසුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තෝ නිවුන් අලි පැටව් දෙදෙනාට හා නිවුන් අලි පැටව්න්ගේ මව වන සුරංගීට කිරි බත් පලතුරුවලින් සංග්‍රහ කළහ.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිවුන් අලි සහෝදරයන්ගේ පළමු උපන්දිනය සමරයි
uditha Thursday, 01 September 2022 10:27 AM
දැක්ක දුටු තැන අලින්ව විනාශ කරනවා. විදුලිය, වසවිස, වෙඩි ප්‍රහාර... ඒත් අලි දර්ශනවලින් නම් අඩුවක් නැහැ...
සමිත අලුත්ගමගේ. Thursday, 01 September 2022 10:39 AM
අලියා දිහා කොතරම් බලා සිටියත් ඇතිවෙන්නේ නැහැ කියා ජනවහරේ පවතියි. මේ අපූරු යෝධ සත්වයා දිහා බලාගෙන ඉන්න අයට ඇතිවන්නේ සතුටක් වගේම පුදුමයක්... මෙයාලගේ තිබෙන විශේෂත්වයක් වන්නේ සැම ඉන්ද්‍රියක්ම හැඳින්වීමට ඊට ඉස්සරහින් 'අලි' යන කොටස දානවා. අලි ඔලුව, අලිකන ආදී වශයෙන්... මේ පුංචි සුරතල් අලි බබාලා දෙන්නාට සුබ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
එජාප Thursday, 01 September 2022 05:53 PM
දින කිහිපයකින් දළ ඇති අලි පරපුරත් 76 උපන්දිනය සමරයි...!!