(සනත් ගමගේ)
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන "මේන් චිෆ් 5" මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
එම නෞකාවේ පැමිණි මගීහු හම්බන්තොට වරායේ සිට යාල වනෝද්‍යානය, බූන්දල, උඩවලව, කතරගම, ගාල්ල සහ හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය බලා පිටත්ව ගියහ.
කොවිඩ් රෝගී තත්ත්වයෙන් පසුව සංචාරක මගී නෞකාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි පළමු අවස්ථාව මෙය බව වරාය කළමණාකාරිත්වය කියයි.
මෙම නෞකාවේ පැමිණි සංචාරකයන්ප්‍රවාහනය කිරීමට සංචාරක සමාගම් බස් රථ යොදවා තිබූ අතර හම්බන්තොට ත්‍රී විල් රියදුරන්ට සහ වෙනත් කුඩා වාහන හිමියන්දට කෙටි ගමන් සඳහා සංචාරකයන් රැගෙන යෑමට අවස්ථාව ලබා දී තිබිණි.
ඒ අනුව හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය, යාල ජාතික උද්‍යානය වැනි ස්ථානවලට එම රථවලින් සංචාරක මගීන් රැගෙන යෑම සිදු විය.
නෞකාව අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි
Nandalal DE SILVA - France Wednesday, 30 November 2022 04:46 PM
ඔව්, ඉතින්... අප්පච්චි ඩොලර් බිලියන ගාණක ණයක් අරන් හදපු සුදු අලි වරාය බලන්නේ නැතිව වෙන කොහේ යන්නද?
Nimal Wednesday, 30 November 2022 06:25 PM
ලංකාවට විදේශය සංචාරකයන් පැමිණි පසු වරාය / ගුවන්තොටුපල හෝ වේවා දේශපාලකයන්ගේ පැමිණීම හෝ Voice cut ලබාදීම කිසිදු අවශ්‍ය තත්වයක් නොමැත. විදේශිකයන් පැමිණීමේදී welcome to beautiful sri lanaka "large banners with colourful pictures" ඔවුන්ට දැක ගැනීමට වරාය / ගුවන්තොටුපල තිබීම දේශපාලකයන් පැමිණීමට වඩා වැදගත්වේ. ලෝකයේ කිසිදු රටක මෙවැනි අනවශ්‍ය දේශපාලන රගපෑම් නොමැත.
PereraWednesday, 30 November 2022 11:41 PM
රටේ බහුතරයක් හරකුන්ට ඔය වගේ දේවල් තමයි පුන්නක්කු.
chandima Wednesday, 30 November 2022 07:30 PM
මේ ජාත්‍යන්තර වරාය කියන්නේ අර රනිල් චීනයට විකුණපු වරායට නේද?
athuraThursday, 01 December 2022 01:38 PM
ඔව් ඒකතමයි. හැබැයි චීන්නු ඒක චීනෙට ගෙනිහිල්ල නැහැ වගේ නේද.
siri Thursday, 01 December 2022 12:14 AM
"නැවෙන් ඇවිත් අතින් කාලා අපේ මිනිස්සුන්ගේ අසංවිධානාත්මක කමකට නැති වැඩ නිසා පෝලිං වල පරණ පව් ගෙවති" කීවානම් තමා නිවැරදි. දැක්කනේ වාරයේදී, යාලදී එහෙම වෙච්චදේ. මේ කිසිකෙනෙක් මේ සම්මතේදී ආයෙත්නම් අපේ රටට එනවා තියා හිතන්නෙවත් නැතිවෙයි. ඔය ටිකට ඩොලර් ලක්ෂයක් හෙව්වා කියලයි කියන්නේ. එයින් කීයක් වරායේ කුලිය හැටියට චීන සමාගමට ගෙව්වද දන්නේ නැහැ නේද ?
Hafeel Thursday, 01 December 2022 04:32 PM
යාල වනෝද්‍යානයේ ඉන්න සත්තුන්ගෙන් හිරි හැර වෙන්න නෑ. හැබැයි මැති ඇමති බැණලාගෙන් ප්‍රවේසම් වෙන්න.