(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ලබාදීමට රැගෙන ආ බවට සැක කෙරෙන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ උපාංග කිහිපයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බිම වළදමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) සහ මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාර බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ ඒකකය සහ එම අංශය අවට සිදුකළ සෝදිසියකදී මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය ඇතුලූ උපාංග කිහිපය අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ අංශය සහ තාප්පය අතර කොටසෙහි පොළොවෙහි වළ දමා තිබූ එමි අංකය සඳහන් නොවන මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව බවද හෙතෙම කියයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ‘‘වයි’’ විශේෂ අංශයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙක් රඳවා සිටින අතර, මෙම ජංගම දුරකතනය රන්ජන් රාමනායක මහතාට ලබාදීමට රැගෙන ආ එකක් බවට සැක සහිත වන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව ද ඔහු සදහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව
පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.
ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට
තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය
පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේව
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
නවීන ඡංගම දුරකතනයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර භූමියෙන් මතුවෙයි