(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් වැනි කෙටි කාලයකින් නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට බගවන්තලාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් සූදානම් වෙති.
ආර්. ඒ විග්නේශ්වරන් සහ ආර්.ඒ දයාබරන් යන නිවුන් සොහොයුරන් දෙදෙනා අද අලුයම 4.00 යාපනය කොටුව ඉදිරිපිටින් ගමන් ආරම්භ කරනු ලැබූහ.
මෙම නිවුන් සොහොයුරන් බගවන්තලාව, කොටියාගල ප්‍රදේශයේ පදිංචි අය වෙති. දින තුනක් අඛණ්ඩව ගමන් කිරීමෙන් මෙම වාර්තාව පිහිටුවීමට මෙම සොහොයුරෝ සරසෙති.
යාපනය, කොටුවේ සිට ගාල්ල, කොටුව දක්වා නොනැවතී පා ගමනින් ගමන් කර ලෝක වාර්තාවක් පිහිටුවීම තම අරමුණ බව නිවුන් සොහොයුරෝ පැවසූහ.
යාපනය ඒ-9 මාර්ගය ඔස්සේ අනුරාධපුරය දක්වා පැමිණ අනුරාධපුරයේ සිට පුත්තලම දක්වා ද පුත්තලමේ සිට මීගමුව දක්වා පැමිණ මීගමුවේ සිට කොළඹ දක්වා ද ඊට පසුව ගාල්ල දක්වා ද ගමන් කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීමකට අනුව මේ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පූර්ණ අනුග්‍රහය දක්වා තිබේ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවුන් සොහොයුරෝ ලෝක වාර්තාවකට සැරසෙති
චමින්ද Wednesday, 14 June 2023 01:47 PM
මේ ගමනට යන සොයුරන් දෙදෙනාට ජයවේවා.. ඒත් මේ ගමනේ දුර කිලෝමීටර් 400ක් පමණ වෙනවා. ඉතින් දිනකට කිලෝමීටර් 135ක් වත් යන්න ඕනෑ මිනිසෙකුට පැයට කිලෝමීටර් පහක් යන්න පුළුවන් නම් පැය අසූවක් අවශ්‍ය වෙනවා... දිනකට පැය 24ක් ඇතත් විවේකය හා අනෙක් අවශ්‍යතා සඳහා පැය හතරක් විවේක ගත්තොත් දවසට දින තුනට පැය හැටයි.. එතරම් වේගවත් දෙදෙනෙක් සිටිනවා කියලා අහන්න ලැබීමත් සතුටක් තමයි..
ජයන්ත මිලානො Wednesday, 14 June 2023 06:25 PM
ලෝකවාර්තාවක් තියා රටට කීර්තියක් අත්කරදීමට ඔබට ශක්තිය ලැබේවා...! ජය නියතයි ...!
priyanga Wednesday, 14 June 2023 11:37 PM
ඒක පුදුම වැඩක් .අපි ඔබට සුභ පතනවා .අපි ඔබේ අවසාන ගමනාන්තය එනතුරු බලා සිටිමු .
Bunny Preena Thursday, 15 June 2023 10:28 AM
ජයග්‍රහනය කරා යෑමට මගෙ සුභ පැතුම්.