( හැටන් රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචරක කලාපයක් බවට පත් කිරිමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසිය.
නුවරඑලිය මහ නගර සභා සිමාවේ, ස්ථාන කිහිපයක ගං වතුර තත්ත්වයක් ඇතිවිම නිසා ඒ පිලිබදව සොයා බැලිමට අද (12) දිනයේ නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න , නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහත්වරුන් පැමිණ සිටි අතර එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැවසිය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සියළුම පාර්ශව සමග ගං වතුර තත්ත්වය පාලනය කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් අනතුරුව නුවරඑලිය මහ නගර සභා සිමාවේ ගං වතුර තත්ත්වයක් ඇති වන ස්ථාන පිලිබදව සොයා බැලිමට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නගරාධිපතිවරයා සමග නිරික්ෂණ චාරිකාවකද එක්විය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ දිවයින පුරා ආපදාවට ලක් වන ස්ථාන වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ අනවසර ඉදි කිරිම් නිසා බවයි.
එම අනවසර ඉදි කිරිම් ස්ථාන හදුනාගෙන අදාල ආයතන සමග සම්බන්ධිකරණයෙන් යුතුව කටයුතු කර එම අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැවසිය.
2022 අයවැය සදහා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයෙන් යෝජනා රාශ්‍රියක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව වෙනත් වසර වලට වඩා මෙවර අයවැයෙන් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සදහා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන බවට තමන්ට විශ්වාසයක් ඇති බවත්, එය අනාගත ආයෝජනයක් බවත් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසිය.
ආපදා සාකච්ඡාවට සහ නිරික්ෂණ චාරිකාවට නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතාද එක්විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ නුවරඑළිය අපදාවෙන් තොර කළාපයක් කරනවා ’