(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළියේ උඩරට එළවළු වගාවේ නිරත ගොවීහු එළවළු අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
රට තුළ හා ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන වසා දැමීමත්, ඇදිරි නීතිය හමුවේ තොග ගැණුම්කරුවන් නොපැමිණීමත් හේතුවෙන් උඩරට එළවළු අස්වැන්න ගොවීන්ට විකුණා ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් මෙම තත්ත්වය පත්ව තිබේ.
අස්වැන්න නෙලිය යුතු අවධියේ පසුවන එළවළු වගාවන් මේ නිසා විනාශ වී යාමට පටන් ගෙන ඇති බවත්, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ඇතැම් සීමිත වෙළෙන්දන් පිරිසක් ඉතාමත් අඩු මිළකට එළවළු ලබා ගැනීමට තැත් කිරීමත් හේතුවෙන් තමන් මේ වනවිට කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
තම වගාබිම්වල සේවය කරන ලද කම්කරුවන්ටද මේ නිසා වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් ඇතුළු ඔවුන්ගේ පවුලේ පිරිස්ද මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇති බවත් ඔවුහු කියති.
ඇදිරි නීතිය හේතුවෙන් එක දිනකට වෙළෙන්ඳන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බවත්, එම දිනවලට එළවළු මදි වෙන බවත්, තවත් දවසකට ඔවුන්ගේ පැමිණීම අඩුවෙන් සිදුවන බැවින් එදාට එළවළු ඉතිරි වෙන බවත් ඔවුහු කියති.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුවරඑළියේ එළවළු ගොවියෝ අසරණ වෙති
රජීව් Wednesday, 08 April 2020 03:40 PM
ගෙවතු වගා සංග්‍රාම වගේ අනං මනං විහිළු වැඩ පටන් ගන්නේ නැතිව මේ ගොවීන්ගේ අස්වැන්න බෙදාහරින්න ක්‍රමයක් සැදුවා නං මොකද වෙන්නේ? මොකද මේ ගොවින් මුළු රටටම සැහෙන්න ආහාර නිපදවනවා. කලින් හිටපු එක්කෙනා හොදයි වගේ දැන් නං හිතෙන්නේ.
lankaFriday, 10 April 2020 06:23 AM
ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ බිල්ඩිමේ කුලිය ගෙවලා ඒක ඇතුලට වෙලා ජනතා මුදල් වලින් කකා ගොවියා සහ කෘෂිකර්මය විනාශ කරන්න කියල තේරෙන්නේ දැන්නේ...
wije Wednesday, 08 April 2020 04:23 PM
එළවලු විකුණගන්න බැරුව එහේ ගොවියෝ අසරණ වෙලා. එයාලාගෙන් තුට්ටු දෙකට අරගෙන අධික මිලට විකුණන අතරමැදියෝ නිසා මෙහේ ඉන්න පරිබෝගිකයෝ අසරණ වෙලා. අපි දන්න කාලයේ ඉදලාම තිබුනේ මේ ක්‍රමයම තමයි. මෙතෙක් මේ රටේ බිහිවුණු කිසිම නායකයෙක් මේ පිලිබදව අවදානයක් යොමු කරලා ඒකට නිසි විසදුමක් දුන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය පිණිසයි කවදත් අසරණ මිනිසුන්ගේ ගැලවුම් කරුවෝ වුනු හමුදාව යොදවලා හෝ මේ ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන්න. ඔබතුමාට ගොඩක්ම පිං.
kusalWednesday, 08 April 2020 11:17 PM
'77 ට පෙර "මාර්ක්ෆෙඩ්" නමැති ආයතනයක් මගින් අතරමැදියා ඉවත් කර, ගොවීන්ට තමන්ගේ පලදාව කෙලින්ම පාරිභෝගිකයාට විකිණීමේ ක්‍රියාවලියක් තිබුනා. '77 පසු පත්වුණු හැම රජයක්ම ලංකාවේ ගොවියා නැත්තට නැති කරා.
ranaThursday, 09 April 2020 02:45 AM
එතකොට ඔය මද්‍යස්ථාන පාලනය කරන ඇමති වරුන්ට පව් නේ ? හමුදා නොවේ අපේ දේශපාලුවෝ හැමදේටම හැමතැනම ජරාව කන්නේ නැතිව අයින් උනොත් මේ රටට කලක් යාවි. නැත්නම් අබ සරණ තමා.
athuraThursday, 09 April 2020 05:23 AM
විජේ වගේ අයට තවම තේරිලා නැහැ මොන ලොක්ක දේශපාලනේට බැස්සත් අන්තිමට එයා නතර වෙන්නේ දේශ පාලුවෙකු වී වගයි...
ඔලිවර් තලගුනේ Wednesday, 08 April 2020 06:32 PM
ආණ්ඩුවට ආණ්ඩු කරගන්න දන්නේ නැහැ අප්පා. ජනක බණ්ඩාර දඹුල්ල වැහුවේ මොන කෙන් ගෙඩියකටද?
මනොලතා Wednesday, 08 April 2020 06:33 PM
මේ කොළඹ අපි එළවලු නැතුව හුල්ලනවා...
Champa Thursday, 09 April 2020 10:36 AM
ජනාධිපති කාර්ය සාධක බලකා තුනක්ම තියෙනව. මේ වගේ පොඩි දෙයක් විසඳලා මේ ගොවීන්ට සහනයක් දෙන්න බැරිද?
lalithm Thursday, 09 April 2020 11:11 AM
ගෙවතු වගාව හොඳයි. එහෙත් ඒ වගේම පුර්ණ කාලින ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. විකුණගන්න බැරිව ඔවුන් ලතවෙනකොට ඊයේ ගම්පහ ප්‍රදේශයේ සැම එලවලුවක්ම කිලෝව රු.200-250 ගන්නේ වික්කේ. තක්කාලි කිලෝව 250/= අතරමැදියාට හිරවී පාරිභෝගිකයත්, ගොවියාත් නැතිවෙනවා. කට්ටියක් සැම දේම වහන්න කියල බලකරනවා. වස දැමීම උත්තරය නොවෙයි. ගොවිබිම්වලින් අස්වැන්න එකතුකර බෙදාහැරීමේ ක්‍රමවේදය සකසන්න.
kasun Thursday, 09 April 2020 03:21 PM
අනේ කරුණාකරලා යුද හමුදාව මැදිහත් වෙලා මේ අස්වනු මිලදී අරන් කොළඹ ගම්පහ වගේ ප්‍රදේශයට සිවිල් ආරක්ෂක බලකාය හරහා අලෙවි කරන්න. මෙහෙ හුඟක් නැති බැරි අය එලවලු නැතිව දුක් විඳිනවා.